වාසනා නිවෙසින් සුපිරි වාසියක් | Page 2 | සිළුමිණ

වාසනා නිවෙසින් සුපිරි වාසියක්

රථවාහන ක්ෂේත්‍රයේ වසර 27ක පළපුරුද්දකින් යුත් වාසනා ට්‍රේඩිං ලංකා (පෞද්ගලික) සමාගම මේ දිනවල මෙරට වඩාත් ජනප්‍රිය, උසස් තත්ත්වයේ MG මාදිලියට අයත් (SUV) ජීප් රථ 100ක් අමතර කොටස් සැපයීමේ වගකීමද ඇතුළුව වසර 5ක අද්විතීය වගකීමක් සහ තවත් විශේෂ දීමනා රැසක් සමගින් පාරිභෝගිකයන් වෙත ලබාදීමට තීරණය කර ඇත. වාසනා ට්‍රේඩිං ලංකා (පෞද්ගලික) සමාගම මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනුයේ ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් (පෞද්ගලික) සමාගම සමග අත්වැල් බැඳගනිමිනි. මෙම ජීප් රථ මේවනවිටත් අංක 312, මීගමු පාර, වැලිසර, රාගම දරන ලිපිනයෙහි පිහිටි වාසනා ට්‍රේඩිං ලංකා අලෙවි ප්‍රදර්ශනාගාරය වෙත රැගෙනවිත් ඇති බැවින්, එහි පැමිණෙන පාරිභෝගිකයන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව, විශේෂ අඩු පොලී අනුපාතිකයක් යටතේ ලීසිං පහසුකම් ලබාගෙන වාහනය එවේලේම නිවසට ගෙනයාමේ අවස්ථාව හිමිවන බව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන ප්‍රදර්ශනාගාරයට හිමිකම් කියන රථවාහන වාසනා ට්‍රේඩිං ලංකා , මෙම MG මාදිලියට අයත් ජීප් රථ පාරිභෝගිකයන් වෙත ලබාදෙන්නේ , මාස 12කින් ගෙවිය හැකි රක්ෂණ වාරිකයක් මෙන්ම නොමිලේ සේවාවාර 3ක්ද සමගිනි. වාහන හුවමාරුකිරීමේදී, පැරණි වාහනය සඳහා උපරිම මිලක් ලබාගෙන නවීන ජීප් රථයක සාඩම්බර හිමිකරුවකුවීමේ අවස්ථාව මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට උදාකරදී තිබේ.මේ යටතේ වාහන බලපත්‍ර හිමියන්ටද විශේෂ වාසි රැසක් හඳුන්වාදී ඇති අතර, තමන් සතු බලපත්‍රය වාසනා ට්‍රේඩිං ලංකා වෙත ලබාදීමෙන් දැනට වෙළෙඳපොලේ පවතින මිලට වඩා වැඩි මුදලක් ඒ සඳහා ලබාගෙන MG ජීප් රථ මෙන්ම විට්ස් මාදිලියේ මෝටර් රථද එවේලේම ගෙදර ගෙනයෑමේ අවස්ථාව සලසා දී ඇත.

Comments