‘ඉන්න හිතෙන රටකට’ වැඩසටහන එළි දැක්වේ | සිළුමිණ

‘ඉන්න හිතෙන රටකට’ වැඩසටහන එළි දැක්වේ

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන සිදු කළ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා සහ භෞතික සංවර්ධනයට සමගාමීව ජනතාව තුළ මානව සංවර්ධනය ඇති කිරීම උදෙසා ‘පන්නරය’ ප‍්‍රචාරණ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරෙන අතර එහි සමාරම්භක අවස්ථාව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.

එහිදී විවිධ අංශයන්ගෙන් රට දැය වෙනුවෙන් සිදුකළ මෙහෙවර උදෙසා පුෂ්පානන්ද ඒකනායක, ධනික පෙරේරා, චමීර ප්‍රසාද් ජයසිංහ, දුලිත් හේරත්, හර්ෂ සුභසිංහ, ආචාර්ය බිෂාන් කුලපාල, මංජු ගුණවර්ධන, ඉංජිනේරු සනත් පනාවැන්නගේ, තරිඳු දයාරත්න, දුලානි චාමිකා විතානගේ, මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ යන මහත්ම මහත්මීන් අමාත්‍යවරයා අතින් සම්මානයට පාත‍්‍ර වූ අතර ඔවුන් සේයාරුවකට පෙනී සිටි අවස්ථාව.

අදහස්