ගැඹුරුතම බලාගාරයේ වැඩ අවසන් අදියරේ | Page 2 | සිළුමිණ

ගැඹුරුතම බලාගාරයේ වැඩ අවසන් අදියරේ

ශ්‍රී ලංකාවේ පොළොව යට ගැඹුරෙන්ම ඉදි වූ ජලවිදුලි බලාගාරය වන, උමාඔය ව්‍යාපෘතියට අනුබද්ධ කරඳගොල්ල භූගත බලාගාරයෙන් ළඟදීම ජල විදුලිය සැපයිය හැකි බව උමාඔය බහුකාර්ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි. ඒ අනුව මී. 900ක් පමණ පොළොව යට ඉදි වන කරඳගොල්ල බලාගාරයට ජලය සැපයෙන විභවය (Head) මී. 800කට වඩා වැඩි වන අතර, වසරකට ජල විදුලි ඒකක මිලියන 300ක්, එනම් මෙ.වො. 120ක් එමඟින් උත්පාදනය කිරීමට අපේක්ෂිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මහවැලි හා පරිසර අමාත්‍යාංශය මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු මෙහෙයවන බවත්, දැනට මුළු උමාඔය ව්‍යාපෘතියේ වැඩි කටයුතු 94%ක් අවසන් බවත්, ඒ සඳහා ව්‍යාපෘති වියදම රු. කෝටි 10,000ක් බවත් පවසන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මේ බලාගාරය ලොව ඇති වැඩිම ජල විභවයක් ඇති ජල විදුලි බලාගාර 3-4ට අයත් වන බවද කියා සිටී.

 

Comments