කුඩුවලට නම ගෑවුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පසුපස පොලිසිය පන්නයි | සිළුමිණ

කුඩුවලට නම ගෑවුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පසුපස පොලිසිය පන්නයි

මාකඳුරේ මධූෂ් විසින් කරන ලද හෙළි කිරීම්වලට අනුව මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට සැක කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙකියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට බස්නාහිර පළාතෙන් තේරීපත්ව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධ විමර්ශන පවත්වන අතර, මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන් රැසක් ගැනද මේ පරීක්ෂණවලදී තොරතුරු හෙළිව තිබේ. ඒ අය අතර ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලනඥයන් 7 දෙනකු සිටින බව ඇමති රාජිත සේනාරත්න මහතාද පවසා තිබිණි.

මීගමුවේ ඇළක සඟවා තිබුණු ටී 56 වර්ගයේ අවියක්ද මධූෂ්ගේ තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරීන් විසින් ඉකුත්දා සොයාගනු ලැබීය.

අදහස්