කංජිපානි ඉම්රාන් දින 90 ක් රඳවාගැනීමේ සූදානමක් | සිළුමිණ

කංජිපානි ඉම්රාන් දින 90 ක් රඳවාගැනීමේ සූදානමක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ අවසර ලබාගැනීමට බලාපොරොත්තු වන බව අද අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්.

සැකකරු මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවට ඉදිිරිපත් කළ අවස්ථාවේදි මෙම නියෝගය ලබා දුන්නේය.

සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලබාදුන් දින 90 ක කාලය අදින් අවසන්වේ.

ඒ අනුවයි තවත් දින 90 ක් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කර ඇත්තේ.

Comments