AIA සේවාලාභීන්ට නොමිලේ වෛද්‍ය උපදෙස් | සිළුමිණ

AIA සේවාලාභීන්ට නොමිලේ වෛද්‍ය උපදෙස්

ශ්‍රී ලංකාවේ දුරකථන මාධ්‍ය හරහා වෛද්‍ය සේවාවන් ලබා දෙන ප්‍රමුඛතම සේවා සම්පාදකයා වන ODoc සමගින් AIA රක්ෂණ සමාගම තම සේවාලාභින් හට නොමිලේ ප්‍රතිලාභ රැසක් ලබාදීමේ ගිවිසුමකට එළඹ ඇත. ශ්‍රී ලංකාව තුළ විශ්‍රාම, ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් ගන්නා AIA රක්ෂණ සමාගම දැන් තම සේවාලාභීන් සහ ඔවුන්ගේ ආදරණීයයන්හට අසීමිත වාර ගණනක්, නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මේ හරහා අවස්ථාව ලබා දී තිබේ.

මෙවැනි සේවාවක් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ සැපයෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර AIA රක්ෂණ සමාගමේ තෝරාගත් සේවාලාභීන්හට තමාගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ ODoc හා සමග සම්බන්ධව සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරු රැසකගෙන් නොමිලේ වෛද්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇත. මෙම සේවාව මගින් AIA හි සේවාලාභින්හට සාමාන්‍ය වෛද්‍යවරු 250ක් සහ ළමා රෝග, ප්‍රසව සහ නාරිවේද, චර්ම රෝග සහ මානසික සෞඛ්‍ය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් 40ක් හා සම්බන්ධ වී උපදේශන සැසි වාරයන් පැවැත්විය හැකිවේ.

මෙම සැසි වාරයන් වීඩියෝ, හඬ හෝ පණිවිඩ මාධ්‍යයන් තුළින් සිදුකළ හැකි අතර එම වෛද්‍යවරුන්ගෙන් වලංගු ඖෂධ වට්ටෝරු පවා විනාඩි කිහිපයක් ඇතුළත ODoc මෘදුකාංගය ඔස්සේ ඔබ වෙත ලබා ගැනීමේ හැකියාව ඇත. ඔබට සැලසෙන සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව oDoc සහතික වන අතර ඒ සඳහාම oDoc හා සම්බන්ධ වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා ලියාපදිංචි වූ මෙන්ම අවම වශයෙන් වසර 5ක අත්දැකීම් සහිත වෛද්‍යවරුන් ද වනු ඇත.

අදහස්