නවතම Huawei Y5 2019 ජංගම දුරකතනය වෙ‍ෙළඳපළට | සිළුමිණ

නවතම Huawei Y5 2019 ජංගම දුරකතනය වෙ‍ෙළඳපළට

Huawei Y ස්මාර්ට් ජංගම දුරකතන පෙළට එක්වූ නවත ම සාමාජිකයාවන Y5 ජංගම දුරකතනය නවතම විශේෂාංග රැසකින් සමන්විතය.

Android Pie මත පදනම් වූ EMUI 9 මෙහෙයුම් පද්ධතියෙන් යුතු මෙම නවත ම ජංගම දුරකතනය 32GB අභ්‍යන්තර ගබඩා කිරීමේ පහසුකමින් මෙන්ම 512GB දක්වා microSD කාඩ් ඇතුළත් කිරීමේ හැකියාවෙන් ද යුතු වෙයි. තවද, microUSB හරහා ආරෝපණයවන 3,020mAh බැටරියකින් ද මෙම දුරකතනය සමන්විතය. මෙම දුරකතනයට 4G සබඳතාවක් සමගින් පහසුවෙන් පැය 10ක කාලයක් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින බවත් පැය 74ක් දක්වා නොකඩවා සංගීතයට සවන්දීමට හෝ පැය 16ක් දක්වා ගබඩාකරන ලද වීඩියෝ නැරඹීමටත් හැකි බව Huawei පරීක්ෂණාගාර තුළ සිදු කළ පරික්ෂාවලදී තහවුරු වී ඇත. ඒ අනුව ජංගම දුරකතනය වැඩි වශයෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට පවා දිනකට එක් වරක් පමණක් දුරකතනය ආරෝපණය කර භාවිත කළ හැකිය.

අඟල් 5.71ක 19:9 DewDrop දර්ශන තිරයකින් සමන්විත Y5 2019 ස්මාර්ට් ජංගම දුරකතනය, අන්තර්ජාලයේ සැරිසැරීම, වීඩියෝ නැරඹීම හෝ ක්‍රීඩාවල නිරත වීම සඳහා අසමසම දර්ශන අත්දැකීමක් හිමිකර දෙයි. මෙහි දර්ශන තිරය සාපේක්ෂව විශාල වුවත් තනි අතින් පහසුවෙන් තිරය හැසිරවීමට හැකි වීම විශේෂත්වයකි.

Comments