ජූනි: 23 සිට ජූනි: 29 තෙක්ඔ බට කොහොමද? | සිළුමිණ

ජූනි: 23 සිට ජූනි: 29 තෙක්ඔ බට කොහොමද?

මේෂ

ප්‍රේම සබඳතා වැඩෙයි

ලග්නාධිපති අඟහරු 4 බුද සමඟ ද, සිකුරු දෙවැන්නේ ද, රවි, රාහු 3, ගුරු 8 ද, ශනි, කේතු 9 ද ගමන්ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී අන්‍යයන්ගෙන් තරමක හෝ ලාභ ලැබීමේ ඉඩ සැලසේ. ආදායම්වල වර්ධනයක් පෙන්වයි. යම් යම් බාධා ඇතත් වෘත්තීය, රැකීරක්ෂා කටයුතුවලට ශුභයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සුළු බාධා ඇතත් නිතරම සිනහමුසු මුහුණෙන් යුතුව කටයුතු කරයි. ස්ත්‍රී පක්ෂය සමඟ කරන කටයුතු සාර්ථක වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සබඳතා වර්ධනය වේ. ආල බැඳීම් සපල වේ. අධ්‍යාපන අංශවල නියුක්ත අයට පර්යේෂණ කටයුතුවලට, ගුප්ත ශාස්ත්‍රීයමය පරීක්ෂණවලට යහපත්ය.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

වෘෂභ

වචන පාවිච්චියේදී කල්පනාවෙන්

ලග්නාධිපති සිකුරු ලග්නයේය. මාලවී යෝගයයි. රවි, රාහු දෙකේ ද කුජ, බුධ 3 ද ශනි, කේතු 8 ද ගමන්ගනී. එම ග්‍රහ පිහිටීම් අනුව සැලකීමේ දී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසම් වන්න. වචන පාවිච්චියේ දී වඩාත් කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය අධික වේ.

මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුය.

ශුභ වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

මිථුන

ඉවසීම අවශ්‍යයි

ලග්නාධිපති බුධ, කුජ දෙවැන්නේ ද, රවි, රාහු ලග්නයේ ද ශනි, කේතු 7 ද ගුරු 6 ද ගෝචරය වේ. එම ග්‍රහ පිහිටීම් ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකියා අංශවල දී කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම අවශ්‍යයි. නොඑස් නම් ආකූලතා ව්‍යාකූලතා මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. මිල මුදල් නාස්තිවීම්වලට ඉඩ පවති. කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතු කිරීමේදී වචන පාවිච්චියේ දී කල්පනාකාරී වන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යෘකූලතා මතු කළ හැකිය. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන අංශවල නියුක්ත අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

මිශ්‍රපලයි

ලග්නාධිපති අටේ ද, කුජ, බුධ ලග්නයේ ද, රවි, රාහු 12 ද ශනි, කේතු 6 ද ගෝචරය වේ. එම ග්‍රහ චලිතය ගැන සැලකීමේ දී ශුභා’ශුභ මිශ්‍රපලදායක තත්ත්වයක් පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට සුළු බාධා අවහිරතා ඉස්මතු කරයි. කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වුවත් ඔබට මුදල් ඉතිරි කරගැනීම ඉතාම අසීරු වේ. ගෙදරදොර කටයුතුවලදී ද, යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකිය.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

මුදල් ලැබීම අතින් යහපත්

ලග්නාධිපති රවි, රාහු අයස්ථානයේය. කුජ, බුධ 12 ද, ශනි, කේතු 5 ද, ගුරු 4 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී ප්‍රමාදතාවන්ට ඉඩ මතු කළ හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබිය හැකිය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ලාභ ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට තද ලෙස බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. උදරාශ්‍රිත රෝග ඇති විය හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

රැකියාවට බාධා

ලග්නාධිපති බුධ, කුජ සමග අයස්ථානයේය. රවි, රාහු 10 ද, ශනි, කේතු 4 ද, ගුරු 3 ද ගෝචරය වේ. මෙම පිහිටීම් සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා අංශයේ කටයුතුවල දී තමා බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. යම් යම් බාධා අවහිරතා ගැටලුකාරී ගති මතු කළ හැකිය. උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගනී.

මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් සාමාන්‍ය වේ. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාන අංශවල නියුක්ත අයට ශුභදායකයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

අතමිට සරුයි

ලග්නාධිපති සිකුරු අටේ සරල යෝගයයි. ගුරු දෙකේ ද, ශනි, කේතු 3 ද, රාහු, රවි 9 ද කුජ, බුධ කර්මස්ථානයේ ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකියා අංශවල දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා උත්සාහයෙන් ද කැපවීමෙන් ද ක්‍රියා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. ආර්ථික සහ මූල්‍ය වශයෙන් ශුභදායකයි. විවිධ අංශ තුළ ආදායම් ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලට බාධා එල්ල නොවේ.

සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපනයට ශුභදායකයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, ස්නායු රෝග ඇතිවිය හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

වෘශ්චික

ප්‍රධානියාගෙන් දොස්

ලග්නාධිපති කුජ, බුධ නවවැන්නේය. ශනි, කේතු 2 ද, රවි, රාහු 8 ද, ගුරු ලග්නයේ ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේදී වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ප්‍රධානීන්ගේ දෝෂාරෝපණයට ලක් විය හැකි බැවිනි.

මිල මුදල් ලැබීම යහපත් වුවත් මුදල් ඉතිරි කරගැනීම අසීරුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන්, බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. අනතුරු පීඩා, තුවාලවලට ඉඩ පවතී.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා

ධනු

විදුලියෙන් පරෙස්සම් වන්න

ලග්නාධිපති ගුරු වක්‍රව 12 ද, ශනි, කේතු ලග්නයේ ද, රවි, රාහු 7 ද, කුජ, බුධ 8 ද සිටී. එම ග්‍රහ පිහිටීම් තුළ තමාගේ වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා, ගැටලු ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරිව ද, බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. කෙසේ වුවත් තමාගේ වියදමට සරිලන ආදායම් ලබයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද, බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.

තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

මකර

යහපත් සතියක්

ලග්නාධිපති ශනි, කේතු 12 ද, රවි, රාහු 6 ද, ගුරු 11 ද ගමන්ගනී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී අන්‍යයන්ගේ සහයෝගය ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කරගත හැකිය. මිල මුදල් ලැබීම අතින් ඉතා ශුභයි.

වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කරයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමඟිය සාමයට තද ලෙස බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. ඉගෙනීමේ යෙදී සිටින අයට යහපත්ය. අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. උෂ්ණාධික රෝග, රුධිර පීඩනය, ලේ දූෂ්‍යාබාධ මතු කළ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා

කුම්භ

කාර්යබහුල සතියක්

ලග්නාධිපති ශනි, කේතු අයස්ථානයේ ද, රවි, රාහු 5 ද, ගුරු 10 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය සැලකීමේදී මෙම කාලසීමාව සමපලදායක බවක් පෙන්වයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී තරමක් විමසිලිමත්වද බුද්ධිමත්වද ක්‍රියා කරන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සමපලයි. ආදායම් ලැබුණ ද මුදල් ඉතිරි කරගැනීම ද අපහසුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. කාර්යබහුලත්වයක් පෙන්වයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

මීන

බාධා ඇත

ලග්නාධිපති ගුරු වක්‍රව 9 ද, ශනි, කේතු 10 ද, රවි, රාහු 4 ගමන් ගනී. මෙම ග්‍රහ චලිතයන් ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් ඉතාමත් බුද්ධිමත්වද විමසිලිමත්වද ක්‍රියා කරන්න. ඒ තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී සැලකිලිමත් වන්න. නොඑසේ නම් ණයතුරුස්වීමට ඉඩ පවතී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලසදී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතුවල දී කාලයත් ශ්‍රමයත් ධනයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට බාධා සහිතයි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

Comments