තරු තොරතුරු | Page 2 | සිළුමිණ

තරු තොරතුරු

'දෙයියොත් දන්නේ නෑ' තුන්සීය පසුකළා

වේදිකාව ගැන කතා කළාම ඔහුගේ නම ඉදිරියෙන්ම කියවෙනවා. වේදිකාව ජීවිතය කරගත් ඔහුට පසුගියදා විශේෂ දවසක් වුණා.ඒ 'දෙයියොත් දන්නේ නෑ' එක්ක තුන්සීය වැනි දර්ශනය වේදිකාගත වූ බව දැනගන්නට ලැබුණා. අසනීප තත්ත්වයෙන් පසුවුණු ඔහුගේ සුවදුක් විමසන්නටත් අලුත්ම තොරතුරු දැනගන්නට අපි ඔහුට කතා කළා. හදිසියේ ඇතිවු හෘදයාබාධාවක් නිසා කලා කටයුතුවලින් තරමක් ඈත්වෙලා හිටියේ.ඒත් දැන්නම් සුවයි. 'දෙයියොත් දන්නැ' වේදිකා නාට්‍ය තුන්සිය වැනි දර්ශන වාරය පසුගියදා සැමරුවා. දැන් තුන්සීය දහවන වාරය දක්වා ඇවිල්ලා. ඒ වගේම එදා කරපු නාට්‍ය හතක ගීත හතක් එකතුකරලා CD එකක් තව මාස තුනකින් විතර එය එළිදක්වන්නට හිතන් ඉන්නේ.


සහන්ගෙන් අලුත් තාලයේ දන්සලක්

පසුගිය පොසොන් පොහොය වෙනුවෙන් රට පුරා විවිධ දන්සල් පැවැත්වෙන අතරේ රන්වල බලකාය විසින් වෙනස්ම විදිහේ දන්සලක් දුන්නා කියලා අපට ආරංචි වුණා. එහි ඇත්ත නැත්ත දැනගන්නට අපි ඔහුට කතා කළා. සහන් ඒ ගැන අපිට කිවේ මෙවන් කතාවක්. මෙවර පොසොන් පොහොය වෙනුවෙන් අපි ජනගී දන්සැලක් දුන්නා. සිරසත් එක්ක එකතුවෙලා තමයි අපි මේ දන්සල පැවැත්වුණේ. 2016 වසරේදීත් ගංගාරාම විහාරය අසලදී ළමයින්ට ප්‍රයෝජනවත් වන ජනගී DVD පන්දහසක් පමණ බෙදා දුන්නා. ස්වභාවික විපත් නිසා ගිය වසරේදී ඒ කටයුත්ත කරන්නට නොහැකි වුවත් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් නැවත මේ කටයුත්ත කිරීමට අපට හැකිවුණා. තාක්ෂණයේ දියුණුවත් එක්ක DVD භාවිතය මිනිසුන්ගෙන් ඈත්වෙලා තියෙනවා. ඒ නිසා ONLINE විදිහට සිරස මැදිරියේ ඉදලා අසන්නන්ගේ ඉල්ලීම් මත පළමු වතාවට ඔවුන් කැමති ඕනෑම ජනගීතයක් ඒ මොහොතේ සජීවීව මැදිරියේ සිට ලබා දුන්නා. මේ ජන ගී දන්සලට ප්‍රවීණ ජනගීතඥ රෝහණ බැද්දගේ සහ රවි බන්ධු විද්‍යාපතිගෙන් ලොකු සහයක් ලැබුණා.


අන්තර්ජාතික ඇගයුම් ලද අපේ නිළියෝ

මෙරට සිනමාව ජාත්‍යන්තරයට ඔසවා තැබූ රංගන ශිල්පිණියන් දෙදෙනෙක් තමයි නීටා ප්‍රනාන්දු සහ නිල්මීනි සි‍ගේරා කියන්නේ. ඔවුන් දෙපළගේ ඒ අපූරු රංගන හැකියාව නිසා පසුගිය දිනක නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී ඇගයීමට ලක්වුණා. නීටාට මේ ඇගයීම ලැබුණේ 2019 වසරේ ප්‍රංශයේ 'නීස්'අන්තර් ජාතික සම්මාන උළෙලේදී ' පාංශු 'චිත්‍රපටයේ විදේශ භාෂිත සිනමා අංශයේ හොඳම නිළිය ලෙස සම්මානයයෙන් පිදුම් ලබමින් අ‍පේ රටට කීර්තියක් ගෙන ඒම නිසයි. සම්මානයට පාත්‍රවූ නිල්මිනී සිගේරාට මේ ඇගයීම ලැබුණේ ජපානයේ ඔසාකා ආසියානු චිත්‍රපට උලෙළේදී අසන්ධිමිත්තා චිත්‍රපටයේ හොඳම රංගවේදිනිය බවට පත්වීම වෙනුවෙනුයි.

 


පළමු නිර්මාණයටම සම්මානයක්ද

ගායනයට, නිවේදනයට වගේම රංගනයටත් එක වගේම දස්කම්පාන කාවින්ද්‍යා ටික කලකින් ක්ෂේත්‍රයේ කාගෙත් කතාබහට ලක්වුණු කෙනෙක් කිවොත් නිවැරදියි. මේ දිනවල සිරස නාළකාවේ විකාශය වන 'සක්කාරං' ටෙලි සිත්තම හරහා ඔබේ ආලින්දයට එන කාවින්ද්‍යාගේ රංගන හැකියාව මුලින්ම අපි දුටුවේ 'ඝරසරප' සිනමා සිත්තම හරහායි.තම පළමු නිර්මානය සම්මාන උළෙලකට නිර්දේශ වුණු නිසා කාවින්ද්‍ය මේ දවස්වල ඉන්නේ ගොඩක් සතුටින්ලු කියලා අපට දැනගන්නට ලැබුණා. ඒ ජයන්ත චන්ද්‍රසිරි අධ­්‍යක්ෂණය කළ 'ඝරසරප'මෙවර දෙරණ FILM AWORD සඳහා නිර්දේශ වෙලාලු.මෙය ඇගේ රංගන කලා ජීවිතයේ අමතක නොවන සිදුවීමක් කියලයි කාවින්ද්‍යා අපට කීවේ.

Comments