ෂාෆිගේ හරි තොරතුරු 27 දා එළියට | සිළුමිණ

ෂාෆිගේ හරි තොරතුරු 27 දා එළියට

වෛද්‍ය ෂාෆි මව්වරුන් වදභාවයට පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැබෑ තත්වය ලබන බ්‍රහස්පතින්දා (27) හෙළි වීමට නියමිතය.

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශන වල ප්‍රගතිය කුරුණැගල අධිකරණයට එදින ඉදිරිපත් කරන බවත් එහිදී සියල්ල දැනගැනීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

වෛද්‍ය ෂාෆි විසින් සැත්කම් කිරීමෙන් පසු සැබෑ ලෙසම දරුවන් අහිමි වී ඇති මව්වරුන් කොළඹ කාසල් සහ සොයිසා යන රෝහල්වලදී වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමට අදාළ අධිකරණමය නියෝගයන් පවා එදිනට ලබා ගැනීමට අපේක්ෂා කරන බවද එම නිලධාරියා කීය.

Comments