මත් නිවාරණ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් | Page 2 | සිළුමිණ

මත් නිවාරණ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

මෙමස 26 වැනි දිනට යෙදෙන මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය තේමා කරගනිමින් මේ සතිය ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අද (23) සිට ජූලි මස 01 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙය ප්‍රතිපත්ති, නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම, නිවාරණය හා ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය යන තේමා ත්‍රිත්වය ඔස්සේ දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිත ය

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළදී පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ උත්සව 9ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි ප්‍රධාන උත්සවය ලබන 01 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

Comments