භික්ෂූන් 30,000කට රක්ෂණය | සිළුමිණ

භික්ෂූන් 30,000කට රක්ෂණය

දිවයින පුරා සිටින භික්ෂූන්වහන්සේ තිස්දහසකට පමණ ‘ශාසන සුරක්ෂා’ රක්ෂණය ලබා දීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

මේ මඟින් දුෂ්කර ප්‍රදේශවල සිටින භික්ෂූන් වහන්සේලාට, වෛද්‍ය, සෞඛ්‍ය මෙන්ම ආර්ථික අපහසුකම් ඇතුළු තවත් අවශ්‍යතා රැසකට සහන ලබාදිය හැකි බවද ඇමැතිවරයා සඳහන් කරයි.

මෙම රක්ෂණ ක්‍රමය දිස්ත්‍රික්ක මට්ටමෙන් ඉදිරි දින කිහිපය ඇතුළත ලබා දීමට සැලසුම් කර ඇති බවත් භික්ෂූන් වහන්සේ දෙදහස් නමකට අරලියගහ මන්දිරයේදී රක්ෂණ ඔප්පු ප්‍රදානය කරන බවද හෙතෙම කීවේය.

අති දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන භික්ෂූන් වහන්සේලා රාශියක් පිළිබඳව තොරතුරු තමන් සොයාගත් බවත් උන්වහන්සේලා රැක බලා ගනිමින් බුද්ධ ශාසනය රැක ගැනීම උදෙසා තම අමාත්‍යාංශය තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බවද ජයවික්‍රම මහතා සඳහන් කළේය.

 

Comments