පාර්ලිමේන්තුවේ විදේශ උපදේශකයන් ගැන සභානායක පැහැදිලි කරයි | Page 2 | සිළුමිණ

පාර්ලිමේන්තුවේ විදේශ උපදේශකයන් ගැන සභානායක පැහැදිලි කරයි

පාර්ලිමේන්තුවට විදේශ උපදේශකයින්ගේ සේවය ලබා ගන්නේ බොහෝ කලක සිට බවත් වර්තමාන කථානායකවරයා ඒම තනතුරේ පත්වීමට පෙර පවා ඒවැනි උපදේශකයන් පත් කොට ඇති බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

ඔහු ඒ ප්‍රකාශය කළේ විදේශ උපදේශකයකු ගේ පත් වීම සම්බන්ධයෙන් පසුගිය බදාදා (19) පාර්ලිමේන්තුවේදී මතු වූ කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් වශයෙනි.

ඒහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අනුව වර්ෂ 2003 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන ආරම්භ කළ ව්‍යාපෘතියක් යටතේ ද උපදේශක වරුන්ගේ සේවය පාර්ලිමේන්තුවට ලබා ගෙන ඇත. පසුගිය රජය සමයෙහි ද එම වැඩසටහන එසේ උපදේශකයින්ගේ සේවය ලබා දී ඇති අතර 2015 වසරේ පටන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර සුවිසල් ප්‍රතිසංස්කරණ හමුවේ පෙර නොවූ අයුරින් සංවර්ධන හවුල් කාර ආයතන රැසක සහාය ලබා ගැන්මට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සමත් වූ බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම වර්තමානයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආයතන හා සංවිධාන රැසක් සමඟ සහයෝගිත්වයෙන් බැදී සිටින බවද‍ එම සහයෝගිතා කටයුතු අධීක්ෂණය හා දියත් කිරීම සඳහා එම ආයතන ගණනාවක් මගින් දේශීය හෝ විදේශීය උපදේශකයින්ගේ සේවය අවශ්‍ය පරිදි ලබා ගැනීමක් සිදුවන බවද පැවැසීය.

මීට අතිරේක වශයෙන් අප විසින් ශ්‍රී ලාංකීය නවෝත්පාදකයක් ලෙස රාජතාන්ත්‍රික පාර්ලිමේන්තු සහජීවනය නමින් සංකල්පයක් දියත් කරනු ලැබූ අතර මෙම සංකල්පය 2017 කොළඹ දී පවත්වන ලද සාර්ක් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සම්මන්ත්‍රණයේ දී ඒකමතිකව පිළිගැනිණ. 2019 කටාර්හි දී පවත්වන ලද ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ වාර්ෂික රැස්වීම් වාරයේ දී එම ව්‍යාපෘතිය ඒකමතිකව අනුමත කරන ලදි. ඒ් අනුව මෙරට පාර්ලිමේන්තුව ලෝකයේ පාර්ලිමේන්තු සම සමීප සම්බන්ධතාවක් පවත්වන අතර මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සහා හුවමාරු වැඩසටහන්ද සිදු කරන බව අමාතක්‍යවරයා පෙන්වා දුන්නේය.

සභානායකවරයාට අනුව ඒක්සත් ජනපද වැඩසටහන් ආයතනය තම ක්‍රියාකාරකම් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා විශාල සහයක් ලබා දෙන අතර මෙම වැඩසටහන යටතේ උපදේශකවරු දෙදෙ‌ෙනක් පාර්ලිමේන්තුවට සහාය වෙති. ඒ් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ජී.හෙට්ටිආරච්චි මහතා වන අතර අනෙක් නිලධාරියා වන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ විදේශ රටවල් ගණනාවක තානාපතිවරයකු ලෙස කටයුතු කළ ප්‍රසාද් කාරියවසම් මහතාය. ඔහු දැනට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ක්‍රියා ශක්තිමත් කිරීමෙහි කටයුතුවලට සහය වන අතර ආංශික අධීක්ෂණ කමිටු ශක්තිමත් කිරීම සහා වූ රාජ්‍ය තාන්ත්‍රික පාර්ලිමේන්තු සහජීවන ව්‍යාපෘතියට අවශ්‍ය වන සහය ලබා දෙයි.

ඔවුන් දෙදෙනාගේම පත්වීම ලබන අගෝස්තු මාසයෙන් අවසන් වන අතර ඔවුන් දෙදෙනාම උපදේශක තනතුරු දරන බව සභානායකවරයා ප්‍රකාශ කර සිටියේය.

Comments