චෙන්සෝ යන්ත්‍ර මෙරටට ගෙන ඒම තහනම් | Page 3 | සිළුමිණ

චෙන්සෝ යන්ත්‍ර මෙරටට ගෙන ඒම තහනම්

වන විනාශය වැළැක්වීමේ අරමුණින් යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. වන ගහණය 2030 දී 32%ක් දක්වා වැඩි කිරිමට අදාළව ක්‍රියාත්මක වන වැඩසටහන්වලට අදාළව  මෙම තීරණය ගෙන තිබේ.

අනවසර දැව හෙළීම් වනාන්තර විනාශ වීම සඳහා ප්‍රධාන සාධකයක් බවට හඳුනාගෙන ඇති තර මෙම වන විනාශය සඳහා යාන්ත්‍රික දම්වැල් කියත් විශාල වශයෙන් භාවිත කරන බවත් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ මේ වන විට යාන්ත්‍රික දම්වැල් කියත් 82000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බැවැනි වන විනාශය වැළැක්වීමේ හා වනගහණය ඉහළ නැංවීමේ අරමුණින් යාන්ත්‍රික කියත් ආනයනය තහනම් කිරීම සඳහා 1969 අංක 1 දරණ ආනයන අපනයන පාලන පනත යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 

Comments