ලෝකය පුරා බුදු දහම ගෙන යන්න ඉංග්‍රි­සි­යෙන් ඉගෙන ගන්නා සාම­ණේර හිමි­වරු | සිළුමිණ

ලෝකය පුරා බුදු දහම ගෙන යන්න ඉංග්‍රි­සි­යෙන් ඉගෙන ගන්නා සාම­ණේර හිමි­වරු

* ශිෂ්‍ය භික්ෂූන් 68නම­කට අධ්‍යා­ප­නය
* වැසි දිනට බුදු­න් වඳින්නේ බණ ගෙයි
* මුලදී දාන­වේල දුන්නෙත් පන්සල් බිමේ ගස්ව­ලින් හෙරළි කඩා තම්බ­ලායි

බුද්ධා­ගම ප්‍රමුඛ වූ ආග­මික ප්‍රබෝ­ධ­යත්, ඒ හා බැඳුණු සංස්කෘ­තික හා කලා සම්ප්‍ර­දා­යත් මහි­න්දා­ග­ම­න­යෙන් අන­තු­රුව අප ලද දායා­ද­යන්ය.රාජ්‍ය අනු­ග්‍ර­හය සහි­තව මහා විහාර බිහි­වීම, එම මහා විහාර ආශ්‍රෙ­යහි ජාත්‍ය­න්තර කිර්ති­යට පත් බුද්ධි මණ්ඩප බඳු වූ පිරි­වෙන් බිහි­වීමේ ඉති­හා­ස­යක් හා ඉන් බිහි­වන පැණ­ව­තුන් රටත් ලෝක­යත් බැබ­ළ­වීම පිළි­බඳ ඉති­හා­ස­යක් අප සතුව තිබේ.

කෙසේ නමුත් දහ­සය වන සිය­ව­සේදි පෘතු­ගීසි ආක්‍ර­ම­ණ­යත් සමඟ පිරි­වෙන් සඳහා බොහෝ කෙණෙ­හි­ලි­කම් සිදු­විණි. විටින් විට පිරි­වෙන් අධ්‍යා­ප­නය බිඳ වැටුණ ද 1873 දී ශ්‍රී සුමං­ගල මාහි­මි­යන් විද්‍යෝ­දය පිරි­වෙ­නද, 1875 දී රත්ම­ලානේ ධම්මා­ලෝක හිමියෝ විද්‍යාලං­කාර පිරි­වෙ­නද ආරම්භ කළහ. මෙතැන් සිට ලංකාවේ පිරි­වෙන් අධ්‍යා­ප­නය යළිත් සංව­ර්ධ­නය වන්නට විය. පසු­කා­ලී­නව මෙම පිරි­වෙන් දෙක විශ්ව­වි­ද්‍යාල ලෙස නම් කෙරිණි. නමුදු විවිධ හැල­හැ­ප්පුම් මැද අපේ රටේ පිරි­වෙන් අධ්‍යා­ප­නය තව­මත් රැකී පවතී. මේ වන විට අපේ රටේ ඇති පිරි­වෙන් ගණන පන්සිය හැත්තෑ දෙකකි.

මහි­න්දා­ග­ම­න­යත් සමඟ අප­ රටේ ආරම්භ වූ බෞද්ධ අධ්‍යා­ප­නය සිහි­පත් කරද්දී සාම­ණේර භික්ෂූන් වහ­න්සේට සුවි­ශේෂ වූ අධ්‍යා­ප­න­යක් ලබා­දෙන පිරි­වෙ­නක් පිළි­බඳ තොර­තුරු අස­න්නට ලැබිණි. ඒ තොර­තුරු ඔස්සේ ඉකුත් දිනෙක අපි ඇහැ­ලි­ය­ගොඩ ප්‍රදේ­ශ­යට ගියෙමු. ගමන ආරම්භ කරන විටත් චුරු චුරු වැස්සය.

“මේ පළාතේ හැටි ඔහොම තමයි. කොයි වෙලේ වහි­න­වද කියන්න බැහැ.”

ඇහැ­ලි­ය­ගොඩ නග­ර­යෙන් හැරි බෝපැත්ත ගම්මා­න­යට යන අතර අපේ ගමන් සගයා වූ රෝහිත පැවැ­සීය.

ඉංග්‍රිසි මාධ්‍ය­යෙන් භික්ෂුන් වහන්සේ රැස­කට අධ්‍යා­ප­නය ලබා දෙන මධ්‍ය­ස්ථා­න­යක් යැයි කියූ විට මාසිතේ මැවි තිබුණේ විසල් ගොඩ­නැ­ගිලි හා අලං­කාර ගෙව­ත්ත­කින් සැරැසි ස්ථාන­යකි. ඒ අප ඉංග්‍රීසි පන්නය ගැන සිතා­ගෙන සිටින අයු­රුය. මට වැරැදී ඇති­බව වැට­හුණේ කිසිදු කල­එ­ළි­යක් නැති විහා­ර­ස්ථා­න­යක් ඉදි­රියේ අප නත­ර­වී­මත් සම­ඟය.

රෝහිත අපට ඉස්සර විය. වේලාව දහ­වල් එකට ආස­න්නය. දඟ­කාර වයසේ පසු­වන කුඩා සාම­ණේර වහන්සේ එක පෙළට පන්ති කාම­ර­ව­ලට වඩිති. ඒ සන්සුන් ගමන සිත පහ­ද­වයි.

අප මේ පැමිණ සිටින්නේ ඇහැ­ලි­ය­ගොඩ ගැට­හැත්ත බෝපැත්ත ශ්‍රී සෝමා­නන්ද ඉංග්‍රීසි මාධ්‍ය මූලික පිරි­වෙ­න­ටය.

“අපේ පිරි­වෙන පටන් ගත්තේ 2012 අවු­රුද්දේ. ආර­ම්භ­යේදී හිටියේ පොඩි හාමු­දු­රුවෝ දෙන­මයි. දැන් නම් හාමු­දු­රු­වරු හැට අට දෙන­මක් ඉන්නවා. අපේ පිරි­වෙනේ උග­න්වන්නේ ඉංග්‍රීසි මාධ්‍ය­යෙන්. සිංහල විෂය පම­ණයි සිංහ­ලෙන් උග­න්වන්නේ. පිරි­වෙනේ රජයේ අනු­මත ගුරු­වරු හය­දෙ­නෙකු ඉන්නවා. අපේ පිරි­වෙන සඳහා රජයේ අනු­මැ­තිය ලැබුණේ දෙද­හස් දාහත වසරේ. මේ භික්ෂුන් වහන්සේ නේවා­සි­කව වැඩ ඉන්නෙත් මෙහෙ­මයි.” පිරි­වෙන ආරම්භ කළ විහා­රා­ධි­පති රාස්ස­ගල චන්ද­කිත්ති හිමියෝ පව­ස­න්නාහ.

ගෙද­රක දඟ­කාර වයසේ පසු­වන දරු­වකු හදා­වඩා ගැනීම පහසු නැත. අම්මලා කට රිදෙ­න­කම් කෑ ගසති. දඟ වැඩක් කළ විට දඩු­වම් කරති. නමුදු මේ කිසිදු ආණ්ඩු මට්ටු­වක් නැතිව සාම­ණේර වහන්සේ එක්න­මක නොව හැට අට­දෙ­න­මක පිළි­වෙ­ළක් සංය­ම­යක් ඇතිව හදා වඩා ගැනීම කොයි­ත­රම් අසීරු කරු­ණක් වනු ඇද්ද? එහෙත් රාස්ස­ගල චන්ද­කිත්ති හිමියෝ ඒ අසීරු කට­යුත්ත බොහෝ සීරු­මා­රු­වෙන් ඉටු කරති.

ශ්‍රී සෝමා­නන්ද ඉංග්‍රිසි මාධ්‍ය පිරි­වෙනේ මූලික ශ්‍රේණියේ සිට පහ ‍ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. ඉගෙ­නීම පහසු කාර්ය­යක් නොවේ. විශේ­ෂ­යෙන්ම වෙනත් භාෂා­වක් ඉගෙ­නීම පහසු නැත. නමුදු අමාරු යැයි කියා පසෙ­කට වී නොසිට වැර වෑය­මෙන් සාම­ණේර භික්ෂුන් වහන්සේ නිසි මාර්ග­යට ගැනී­මට උප­ධ්‍යා­ය­න්ව­හන්සේ බොහෝ වග­කී­මෙන් කට­යුතු කරති. පන්සල දියුණු නැත. පන්සල දියුණු කිරී­මට ගියේ නම් සාම­ණේර හාමු­දු­රු­ව­රුන්ට උග­න්ව­න්නට ඉඩ ලැබෙන්නේ නැත. පොත්පත් ලබා­දෙ­මින්, දානය ලබා­දෙ­මින් ශිෂ්‍ය භික්ෂුන් වහ­න්සේට අධ්‍යා­ප­නය ලබා දීම රාස්ස­ගල චන්ද­කිත්ති හිමි දරන වෙහෙස සුළු­පටු නොවේ.a

“අවු­රුදු නවයේ පටන් කුඩා හිමි­වරු මෙහි නේවා­සි­කව ඉගෙ­නුම ලබ­නවා. අපේ පිරි­වෙනේ මුල ඉඳ­ලාම ඉංග්‍රිසි භාෂා­වෙන් උග­න්වන්නේ. ගෙව­ල්වල ඉන්න මේ වයසේ දරු­වන්ට වගේ නෙමෙයි පන්සලේ ඉන්න පොඩි හාමු­දු­රු­වන් වෙතින් ඉටු­විය යුතු වග­කීම් රැසක් තියෙ­නවා. පන්සලේ ආග­මික කට­යුතු කරන්න ඕනැ, පන්සල අම­දින්න පිරි­සුදු කරන්න ඕනැ, පාංශු­කු­ල­යට බණට පිරි­තට වඩින්න ඕනැ, ඒ අතරෙ තමන්ගේ සිවුරු ආදිය සෝද­ගන්න ඕනැ, නායක හාමු­දු­රු­වන්ගේ ආව­තේව වැඩ කරන්න ඕනැ, ඒ සිය­ල්ලම කරන අතරේ ඉගෙ­නී­මට මුල්තැන් දෙන්නත් ඕනෑ. එහෙම බැලු­වම සාම­ණේ­ර­න­ම­කට ශිෂ්‍ය ජීවි­ත­යේදී බොහෝ කැප­කි­රීම් කරන්න සිද්ධ වෙනවා.

විශේ­ෂ­යෙන්ම ඉංග්‍රි­සි­යෙන් ඉගෙන ගනිද්දි ඊටත් වඩා කැප වෙන්න ඕන. අපි පිරි­වෙන පටන් ගත්ත කාලේ බොහෝ අඩු­පා­ඩු­කම් තිබුණා. පන්සලේ හැම තැනම වගේ කැමරා හයි­ක­රලා තියෙ­නවා. ඒ නිසා පොඩි හාමු­දු­රු­වරු කරන්නේ මොන­වද කියලා නිතර හොයා බැලෙ­නවා. අපි පොඩි හාමු­දු­රු­වන් අතට සල්ලි දෙන්නේ නෑ. ජංගම දුර­ක­ථන දෙන්නේ නෑ. අන­වශ්‍ය විදි­හට රූප­වා­හි­නිය නර­ඹන්න දෙන්නෙත් නැහැ. මේ නිසා පොඩි හාමු­දු­රු­ව­රු­ව­රුන්ට නොමඟ යන්න ඉඩක් නැහැ.”

නායක ස්වාමින් වහන්සේ පව­සන්නේ පිරි­වෙනේ දවස ගෙවන අයු­රුය.

පිරි­වෙනේ භික්ෂුන් වහන්සේ හැට අට නමක අත­රින් තිස් හය දෙනෙ­කුම පැවි­දිවී ඇත්තේ රාස්ස­ගල චන්ද­කිත්ති ස්වාමීන් වහන්සේ සෙව­ණේය. අනෙක් ස්වාමීන් වහන්සේ වෙනත් පිරි­වෙ­න්ව­ලින් වැඩි අයය. මුල් කාල­යේදී භික්ෂුන් වහ­න්සේට දානය දීමද බොහෝ දුෂ්කර විය.

දානය නොමැති ඇතැම් දින­වල වත්තේ කොස් ගහ­කින් කොස් කඩා තම්බා වේල පිරි­මැ­සිනි.

නමුදු සාම­ණේර ස්වාමීන් වහන්සේ කිසි විටෙ­කත් ඊට උරණ නොවුහ.

කොත­රම් අඩු පාඩු තිබුණ ද උන්ව­හන්සේ ඉගෙ­නු­මට මුල්තැන දුන්හ. පන්ති­කා­ම­ර­වල හෝ ඉගෙ­නු­මට අවශ්‍ය පොත් පත්වල හෝ අඩු­වක් නොති­බුණ ද නේවා­සික පහ­සු­කම් අඩුය. නව ගොඩ­නැ­ඟිලි ඉදි­වීම අත­ර­මඟ නතර වී ඇත. ඉදි­කර ඇති ගොඩ­නැ­ඟි­ල්ලේද අඩු­පාඩු බොහෝය. පින්කැ­මැ­ත්තන්ට මේ සඳහා දායක විය හැකිය. එමෙන්ම භික්ෂුන් වහන්සේ සදහා දාන­වේ­ලක් බාර ගැනී­මට ද හැකි­යාව ඇත. ඒ සඳහා ලබා දිය යුත්තේ මුදල් නොව වියළි ආහාර ද්‍රව්‍යය.

මෙහි භික්ෂුන් වහ­න්සේට වන්ද­නා­මාන සඳහා ඇත්තේ පැරැණි බුදු­ගෙ­යකි. එතැන ඉඩ පහ­සු­කම් නැති නිසා වැසි වැටෙන විට බුදුන් වඳින්නේ ධර්ම ශාලා­වේය. වැසි නැති විට බෝම­ළු­වේය.

අපි පන්ති­යෙන් පන්ති­යට ගොස් භික්ෂුන් වහන්සේ ඉගෙන ගන්නා අයුරු බලා සිටි­යෙමු. පිරි­වෙන් අධ්‍යා­පන විෂය මාලාව ඇත්තේ සිංහල භාෂා­වෙනි. නමුදු මේ පිරි­වෙනේ අධ්‍යා­පන කට­යුතු කෙරෙන්නේ ඉංග්‍රිසි භාෂා­වෙනි. ඉංග්‍රිසි භාෂා­වෙන් ඉගෙන ගන්නා සිසු­වාට වඩා ඉංග්‍රිසි මාධ්‍ය­යෙන් උග­න්වන ගුරු­ව­රයා ඉගැ­න්වීම් කට­යුතු සඳහා මහත් වෙහෙ­සක් දැරිය යුතුය.

මෙම පිරි­වෙනේ පරි­වේ­නා­ධි­පති ලෙස කට­යුතු කරන්නේ රාජ­කීය පණ්ඩිත බොර­ලැ­න්කඩ අරි­ය­ග­වේශී ස්වාමීන් වහ­න්සේය.

පිරි­වෙනේ ඉගෙ­නුම ලබන උඩ­ව­ලවේ සිරි සුගත හිමියෝ තමන් පිරි­වෙ­නේදී ලබන දැනුම ගැන මෙසේ අද­හස් දැක්වූහ.

“මම පිරි­වෙනේ එහක වස­රට ආවේ. මුලි­න්නම් මට ඉංග්‍රිසි හරිම අමා­රුයි. නමුත් අමා­රු­වෙන් ඉගෙන ගත්තා. දැන් ආශා­වෙන් ඉගෙන ගන්නවා. අපි කතා බහ කර­නවා. ධර්ම කරුණු ගැන කතා කර­නවා. පිරි­වෙන් අව­සාන විභා­ග­යට පෙනී සිටියේ ඉංග්‍රිසි මාධ්‍ය­යෙන්. අපි බොහෝම ආශා­වෙන් ඉගෙන ගන්නේ කවදා හෝ වෙනත් රට­කට ගිහින් ධර්මය ප්‍රචා­රය කරන්න බලා­පො­රොත්තු වෙනවා.”

තරුණ භික්ෂුන් වහන්සේ පව­සන්නේ සතු­ටිනි.

නායක ස්වාමීන් වහ­න්සේ­ගේද මූලික අර­මුණ වී ඇත්තේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සඳහා විධි­මත් අධ්‍යා­ප­න­යක් ලබා දීමය.

“අද ලෝක­යේම බහු­ත­ර­යක් ජන­තාව ථෙර­වාදි බුදු­ද­හම ගැන උන­න්දුයි. නමුත් මේ දහම කියා දෙන්නට ඉංග්‍රීසි දැනුම ඇති භක්ෂුන් වහන්සේ හිඟයි. මම ඉගෙන ගත්තේ රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ.

ඒ ඉගෙන ගන්න කාලේ මම ඉංග්‍රිසි ඉගෙන ගත්තා. බොහෝ අයට කිය­ලත් දුන්නා. පන්ති පැවැ­ත්වූවා. මගේ හිතේ තිබුණා අපේ භික්ෂූන් වහ­න්සේට කුඩා කාලයේ සිටම ඉංග්‍රිසි අධ්‍යා­ප­නය ලබා දිය යුතුයි කියලා. මගේ ගුරු හාමු­දු­රුවෝ අප­වත් වී වදාළ ඓහා­සික දිවා­ගුහා රජ­මහා විහා­රා­ධි­පති ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ එක්නැ­ලි­ගොඩ පාර්ශ්වයේ අනු­නා­යක ධුර­න්දර පුජ්‍ය මෙනේ­රි­පි­ටියේ චන්ද්‍ර­ර­තන අනු­නා­යක ස්වාමීන් වහ­න්සේයි. අපට මෙම ස්ථානයේ බොහේ අඩු­පාඩු තියෙ­නවා. දායක පින්ව­තුන්ගේ ආධාර උප­කාර නිසා තමයි ස්වාමීන් වහ­න්සේට මේ නේවා­සික පහ­සු­කම් හෝ ලැබිලා තියෙන්නේ.

කොත­රම් අඩු­පාඩු තිබු­ණත් ඉංග්‍රිසි මාධ්‍ය­යෙන් පිරි­වෙන පව­ත්වා­ගෙන යාමයි අපේ අර­මුණ. මල්වතු විහා­රයේ පිරි­වෙන හැරුණු විට අපේ පිරි­වෙනේ විත­රයි මේ වන විට ඉංග්‍රිසි මාධ්‍ය­යෙන් අධ්‍යා­ප­නය ලබා­දෙන්නේ. භික්ෂූන් වහ­න්සේට කුඩා කාලයේ සිටම අධ්‍යා­ප­නය සමඟ වින­යක් ලබා දිය යුතුයි. එවි­ටයි අපට යහ­පත් නැණ ගුණයෙන් යුතු උගත් භික්ෂූ පර­පු­රක් බිහි කළ හැක්කේ.”

රාස්ස­ගල චන්ද­කිත්ති හිමියෝ අව­ධා­ර­ණය කරති.

මේ පිරි­වෙනේ සාම­ණේර භික්ෂූන් වහන්සේ උදෙසා දාන­වේ­ලක් හෝ වෙනත් ආධා­ර­යක් ලබා­දී­මට ඔබත් කැමැ­ත්තේ­නම් පහත දුර­ක­ථන අංක­යෙන් විම­සන්න.

036-2259311

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්