එතල් ඇන්ටි ඔයාට ගොඩක් ආද­රෙ­යිනේ පුතා | සිළුමිණ

එතල් ඇන්ටි ඔයාට ගොඩක් ආද­රෙ­යිනේ පුතා

“හෙලෝ... මිස්ට විජේ­මාන්න.”

ඒ රැව් දෙන සීනු­මය හඬ ඇය ගලවා ගත්තේය.

“ඔහ්... මිසිස් එතල්...” යි කිය­මින් ඔහු ආලි­න්දය වෙත ඇවිද ගියේය. එහෙත් ඔහුගේ සිතට සහ­න­යක් නොදැ­නිණ. සිය දරුවා එතල්ගේ භාරයේ තබන්නේ ද නැත­හොත් කැටිව යන්නේ­දැයි ඔහු හිසට වධ දෙමින් කල්පනා කළේය.

“කවුද ඒ?”

අමාලි සැන­සුම් සුසු­මක් හෙළ­න්නට ඉක්මන් වූවා වැඩිය.

“ඒ තමා... ඒ තමා” යි කී කොලුවා තමා ද්වේෂ කරන ගැහැ­නි­යට සරි­ලන නම සොයා­ග­න්නට වෙහෙ­සුණ්ය.

“කවුද අෂේන්?”

ඇගේ කුහුල වැඩෙයි.

“ඒ.... ඒ... ඒ... තමා බිග් බොස්...”

දෙබැම ඉහළ නංවා දෑස අයා ගත් යුව­තිය “බිග් බොස්?” යි පුන­රු­ච්චා­ර­ණය කළාය.

පරි­ග­ණක ක්‍රීඩා­වක දුෂ්ට­යාගේ නම එතල්ට කදි­මට සරි­ලන බව අෂේන් සතු­ටින් සිතු­වේය.

“ඉතිං.... බිග් බොස් මොක­ටද ආවෙ?”

ගෘහ මූලි­කයා රැකි­යාව සඳහා පිටත්ව යෑමෙන් පසු තමාට නිද­හසේ මේ නිවෙස තුළ ගත කළ හැකි බව සිතූ අමාලි කන­ස්ස­ල්ලෙන් ප්‍රශ්න කළාය.

“එයා... එයා එන්නෙ මාව බලා ගන්නනේ...”

යුව­ති­යගේ නොද­න්නා­කම විම­ති­යෙන් ද නොරි­ස්සු­මින් ඉවසූ කොලුවා දත් බුරු­සුව අතින් ගත්තේය.

“අයියෝ” යි සංවේ­ගය පළකළ අමාලි “එහෙනං ඉතිං මට යන්න තමා වෙන්නේ...” යි කොඳු­ළාය.

“කොහෙද?”

“කොහේ යන්නද මංදා අෂේන්. මට යන්න තැන­කුත් නෑ...”

“ඇයි? ඔයාගේ ගෙදර...”

ඇය සෝබර මඳ­හ­සක් පෑවාය.

“මාව ගෙද­රින් එළෙ­ව්වනේ අෂේන්...”

ඔහු මහත් කන­ගා­ටු­වෙන් දෑස හකුළා ගත්තේය.

“ඉතිං අපි තාත්තට කිය­මුකෝ.” යි ඔහු යෝජනා කළේ ඇයට පිහිට විය යුතු බව හඟි­මිනි.

“එපා එපා... අපි පස්සෙ කිය­මුකෝ.” දැං තාත්තා වැඩට යන­වනේ. මට ඉතිං දවස තිස්සෙම හැංගි මුත්තං කරන්න බැරි­යැයි. අර දැං ආපු එක්කෙනා එක්ක.”

ඒ කතාව කොලු­වාගේ සිත් ගත්තේය. හැංගි මුත්තං සෙල්ල­මට ඔහු ප්‍රිය කරයි. තමාගේ තාව­කා­ලික බාර­කා­රිය සමඟ හැංගි­මුත්තං කිරීම ද සහා­යක ක්‍රීඩි­කාව ලෙස හද බැඳි යුව­ති­යක එක්ව සිටීම ද කදි­මය.

අමාලි නාන කාම­ර­යෙන් පිටව ගියේ හඬ නොනැ‍ඟෙන සේ පයැ­ඟිලි අගින් ඇවි­දි­මිනි.

“අෂේන්”

ඒ උච්ච ස්වරය ඇය පම­ණක් නොව අෂේන් ද කල­ඹා­ලයි.

“දත් මැද්ද ද?”

නාන කාම­ර­යට එබුණු දිගටි මුහු­ණක තියුණු දෑස බැබ­ළිණ.

දත් බුරු­සුව අතේ තිබි­ය­දීම ඔහු “නෑ” යි උත්තර දුන්නේ නොම­නා­ප­යෙනි.

“මෙච්චර වෙලා මොනාද කළේ බාත්රූම් එක අස්සේ රිංග­ගෙන? ඔයාගේ තාත්තා කීවේ ලොකු ඉල­න්දා­රි­යෙක් වගේ දොරත් ලොක් කර ගෙන හිටියා කියලා.. මා එක්ක නම් ඒ සෙල්ලම් හරි යන්නෙ නෑ අෂේන්. ඔයා දන්න­වනේ මං...”

ඇය කිය­න්නට තැත් කළ යමක් වී නම් වහා සම්පූර්ණ කර­න්නට තරම් වන වාර ගණ­නක් අසා පුරුදු බැවින් ඔහු “හොඳට හොඳයි. නර­කට නර­කයි.” හඬ ගෑවේය.

“අන්න හරි... හ්ම්... දැං දත් මදින්න.”

දත් බුරු­සු­වට දත් බෙහෙත් එක් කර­ග­න්නවා වෙනු­වට ඔහු හිස නඟා ඇය දෙස බැලු­වේය.

“බැ...”

ඇගේ මුහුණ තවත් දික් වූවා මෙනි. ඇය ඉතා පහ­සු­වෙන් ඔහු වෙත ළං වූවාය. වේවැ­ලක් මෙන් සිහින් සිරු­රට දොරක පටු හෝ පුළුල් බව කොහෙත්ම අදාළ නැත. ඇය ඕනෑ­වට වඩා උස්වූ අතර ඕනෑ­වට වඩා ඍජු වූවාය. කිනම් මොහො­තක හෝ ඇගේ ඍජු උස් සිරුර කැඩී දෙකඩ වන බව අෂේන් සිතයි. ඔහු එබ­න්දක් ප්‍රාර්ථනා කළේය.

“දත් මැදලා තමා ඕනෑම කෙනෙක් මූණ හෝදන්නෙ. යම්.. කෝ ඉක්මන් කරන්න.”

“ඉතිං මං ඊයෙත් දත් මැද්දනේ...”

ඇය විම­සි­ලි­මත් බැල්මක් හෙළු­වාය. මේ කුඩා කොල්ලා එන්නේ මොකා­ට­දැයි අසන ඒ බැල්මෙන් ඔහු පිනා ගියේය.

එහෙත් ඒ ප්‍රීති­යට දීර්ඝා­යුෂ නොති­බිණ. මෙතෙක් වේලා කේඩෑරි තට්ට­මට තදව තිබූ යමක් පෙරට ගත් කල ඔහුගේ දෙතොල’තර සියුම් සිනා­පොද අතු­රු­ද­හන්ව ගියේය.

“ලස්ස­නයි නේද? හරි හයි­යයි පුංචි වුණාට. ඕනම කෙනෙක්ගෙ පිට පුපු­රයි දෙක වදින කොට”

ඇය තමා වැනිම සිහින් දිගු වේවැල අගය කරද්දී ඔහු සුපු­රුදු පරිදි විලාප නැගු­වේය.

සැඟව සිටි­න්නට අහු­මු­ල්ලක් සොයන අමාලි ඒ විලා­ප­යෙන් තිගැ­ස්සු­ණාය. ඇය කොතෙක් කැල­ඹු­ණේ­දැයි කිව­හොත් ඇඳ සමී­ප­යෙහි වූ අලං­කාර විදු­ලි­ප­හන බිම පතිත විය. මහත් වර­ද­කාරි බව­කින් වෙළී ගිය යුව­තිය “අයියෝ” යි මිමි­නු­වාය.

වෙනත් ඕනෑම දව­සක් මෙන් උණු­සුම් හා වියළි වුවද ඇය නොස­න්සුන් කරන මේ දවස කුහු­ල්බ­රය සංකා­කූ­ලය. තමාට නොවැ­ට­හෙන යම් කිසි­වක් සිදු­වන බවට ජනිත වන හැඟීම ඉවසා සිටීම පහසු නැත. ඇය ඔහු දෙස විම­සි­ලි­මත් බැල්මක් හෙළු­වාය. ඒ කුඩා සිරුරේ සැඟ­ව­ගත් අභි­ර­හ­සක් ඇත්දැයි පිරික්සා බල­න්නාක් මෙනි

“අෂේන්?”

ඔහු තමාගේ දෑස මඟ හරින බව වැටහී ගියෙන් ඇය උස් හඬින් කෑගෑ­වාය.

අෂේන් හෙළුවේ උදා­සීන බැල්මකි. තමාට ඊට වඩා හයි­යෙන් බෙරි­හන් දෙන්නට පිළි­වන් වග සිතුවා විනා මේ බාරි­කා­රිය නොඉ­ව­සි­ල්ලෙන් නළි­යන්නේ මක්නි­සා­දැයි දැන­ග­න්නට නොවෙ­හෙ­සු­ණේය. ඇය සමඟ ගෙවන දවස මුළුල්ලේ ඔහු අස­හ­න­යෙන් ද අස­න්තෝ­ෂ­යෙන් ද පී‍ඩා විඳියි. ඔහුගේ පියා පවා ඒ බව දැන සිටියි. වෙනදා මෙන් තම‍ාගේ තුරු­ලට නොඑන පුත්‍රයා දකින නලින්ගේ දෙනෙත වේද­නා­වෙන් අඳුරු වෙයි.

“එතල් ආන්ටි ඔයාට හරි ආද­රෙයි පුතා. එයා එක්ක රණ්ඩු කරන්න එපා. එයා මට උද­ව්වක්නෙ කරන්නෙ ඔයාව බලා­ගෙන” යි පහදා දුන්නද අෂේන් මුණින් අතට හැරී දෑස තද­කොට වසා ගන්නවා විනා “හ්ම්” හඬක් හෝ පිට­ නො­ක­රන කල ඔහු හූල්ලා වැටෙයි.

“ළමයා දුක් විඳි­නවා” යි නොසිතා සිටි­න්නට හෙතෙම අපො­හො­සත් වෙයි.

නලින්ගේ දුක් විඳින ළමයා මේ මධ්‍ය­හ්න­යේදී නම් ඕනෑම විදි­යක පහ­සු­වෙන් දැක­ගත හැකි ඇට්ට­ර­යෙ­කුගේ ස්වභා­වය පළ කරයි.

“මොකක්ද අෂේන් ඔයාගේ ප්ලෑන් එක?”

එතල් මහත් වුව­ම­නා­වෙන් ප්‍රශ්න කළාය. ඉනි­ක්බිති ඔහුගේ පිළි­තුර ශ්‍රව­ණය කර­න්නට මෙන් මඳක් ඉදි­රි­යට නැමු­ණාය.

“මොකක්ද?”

උත්ත­ර­යක් වෙනු­වට ඔහු ප්‍රශ්න­යක් ම නැඟු­වේය. මේ කෙසඟ ගැහැ­නිය සමඟ ගත වන කාලය කිසිදා හමාර නොවෙ­න්නක් බවක් ඔහුට හැඟිණ. තමාගේ සිත්ගත් තැනැ­ත්තිය මේ ගෙදර කොත­නක සැඟවී සිටි­න්නේ­දැයි සිතා බල­න්නට ඔහු කැම­ත්තේය. කාම­ර­යට දිව ගොස් බිඳුන බඳු­නට වග­කිව යුත්තේ තමා බව හැ‍ඟවෙන අයු­රින් කළ රංග­නය යළි යළි සිහි කර­මින් ඔහු ප්‍රීති විය.

“අෂේන්?”

එතල් බෙරි­හන් දුන්නේ මේ කුඩා කොලුවා මේ ලෝකයේ සියලු බඳුන් බිඳ දැමූ කලෙක මෙනි.

“වැ.. වැටුණා...” යි ඔහු තැත­නු­වේය.

“බින්දා නේද? අයියෝ අප­රාදේ...”

ඇය මුළු හදින්ම කන­ගාටු වූවාය. ළමයා මෙන් ම මේ ගෘහයේ සියලු බඩු භාණ්ඩ ද නිරු­ප­ද්‍රැතව බාර­දීම තමාගේ වග­කීම බව සිතන බැවින් ඇගේ ළතැ­වුල අධි­කය.

“බි.. බිඳුණා...” යි අෂේන් ද පිළි­ග­ත්තේය.

“ඔයාට මොකද අෂේන් වෙලා තියෙන්නේ? අනේ මට නම් තේරෙන්නෙ නෑ.. ඔයා මහ නරක ළම­යෙක්.” යි ඇය එක එල්ලේ දෝෂා­රෝ­ප­ණය කළාය.

ඔහු තැති ගත්තේ ඇගේ කෝපය හා අප්‍ර­සා­දය පිළි­බඳ නොවේ. ඇගේ තියුණු දෙනෙ­තින් සැඟව හිඳි­න්නට අමාලි සමත් වනු ඇත්දැයි ඔහු බියෙන් ද නොඉ­ව­සි­ල්ලෙන් ද කල්පනා කළේය.

“ඔතන ඔහොම උඩ බලා­ගෙන ඉඳල හරි­යන්නෙ නෑනෙ. යන්න ගිහිං කොස්ස අරන් එන්න.”

ඒ නියෝ­ග­යට අව­නත නොවූ කොලුවා පළ­මුව දෙනෙත හකුළා ගත්තේය. දෙව­නුව දෙතොල විදා මහ හඬින් “බෑ... බෑ” යි කෑගෑ­වේය.

දෙකන් රිදුම් දුන්නෙන් එතල් බෙහෙ­වින් කිපු­ණාය.

“ඇයි බැරි? අනිත් එක ඔච්චර හයි­යෙන් කෑග­හන්න ඕනද...?

ඇගේ හඬ ඔහුගේ බෙරි­හන් දීමෙන් ගිලී ගියේය. ඔහු නොන­වත්වා බෙරි­හන් දුන්නේය. සයි­රන් නලා­වක් වැනි මේ ළමයා නව­ත්ව­න්නට වෑයම් නොකළ එතල් කොස්ස සොයා ගියාය. ඇය වේග­යෙන් ඇවිද ගියේ ඇගේ ම කෙසඟ දෙප­යට වධ හිංසා කිරීමේ අභි­ප්‍රා­යෙන් මෙනි. ඇය කොතෙක් වේග­වත් වුවද පිරිමි ළමයා වෙතද කෘත­වේදී බැල්මක් හෙළ­මින් කාම­ර­යෙන් පිටව යන්නට අමාලි සමත් වූවාය.

“බලමු... ලන්ච්ව­ලට මොනාද තියෙන්නෙ කියලා”

රහස් පරී­ක්ෂක භූමි­කාව අත්හළ ගැහැ­නිය මුළු­තැ­න්ගෙය වෙත හැරු­ණාය.

“යමු...”

අෂේන් අතී­ර­ණ­යෙන් පසු­වන අයුරු දුටු ඇය වහා අණ කළාය.

“මට බඩ­ගිනි නෑ...”

සැබැ­වින් ම ඔහු පෙ‍ළන්නේ පිපා­ස­යයි.

විටින් විට ගිරිය කඩා­ගෙන කෑ ගැසීම හේතු කොට­ගෙන ඔහුට අධික පිපා­ස­යක් දැනිණ.

“ඒ වුණාට මට බඩ­ගි­නියි. ඔයා­ටත් ඉතිං බඩ­ගිනි නැති­වෙන්න බෑ නේ. දැං කී සැර­යක් නම් විලාප දුන්නද... අහල පහල මිනිස්සු වන් වන් නයින් නොගැ­සුවා පුදු­මයි! දන්නවා ඇති බෙරි­හන් දෙන මෝඩ­යෙක් මේ ගෙදර ඉන්නවා කියලා.”

ලබන සතියට‍...

අදහස්