YOUCAB, අවබෝධතා ගිවිසුමකට අස්සන් | Page 2 | සිළුමිණ

YOUCAB, අවබෝධතා ගිවිසුමකට අස්සන්

ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවට අලුතින්ම එක්වූ YOUCAB ටැක්සි සේවාව සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය (AIAPROD) හා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. YOUCAB කොටස්කරුවන් වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර සහභාගීත්වයෙන් පසුගිය දා කොළඹ ඇක්සස් ටවර්හි මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම සිදුවිය.

2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමයේ වත්මන් සභාපතිත්වය චරිත් අත්තන්පොල මහතා විසින් උසුලනු ලබයි. මෙරට කුලී රථ සේවාව හා බැඳි සැමගේ ඒකරාශීත්වයෙන් බිහිවූ මෙම සංගමයේ මූලිකතම අරමුණ කුලී රථ සේවා සැපයුම්කරුවන් ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුරක්ෂාව සුරැකීමයි. සෑම ව්‍යාපාරික පියවරකම විනිවිදභාවය, අභිමානය හා ගෞරවය නිරතුරුවම තහවුරුකරනු ලබන YOUCAB සේවාව, සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය හා අත්සන් කළ මෙම අවබෝධතා ගිවිසුම ඔස්සේ ද යළි යළිත් සනාථ කරනුයේ මනා සුසංයෝජනයක වූ විශිෂ්ටත්වයයි.

Comments