NDB නවතම ලීසිං මධ්‍යස්ථාන දෙකක් කළුතර සහ රත්නපුර | සිළුමිණ

NDB නවතම ලීසිං මධ්‍යස්ථාන දෙකක් කළුතර සහ රත්නපුර

NDB සහකාර නියෝජ්‍ය සභාපති - ලීසිං, අජිත් සේනාධීර මහතා සහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයෙහි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීම් උත්සවාකාරයෙන් සිදුකරන ලදී.

මෙම නව ලීසිං මධ්‍යස්ථාන ද්විත්වය භෘඊ සිව් වැනි සහ පස් වැනි ලීසිං මධ්‍යස්ථාන වන අතර පාරිභෝගිකයින් වෙත තනි තනිව අවධානය යොමුකරමින් මෙන්ම නිවසටම පැමිණ සේවය ලබා දෙමින් සිය ලීසිං සේවාව ලබා දීමට කටයුතු කරනු ඇත. පාරිභෝගිකයාගේ වටිනා කාලය ඉතිරි කරගනිමින් ඉහළ පාරදෘශ්‍යභාවයකින් විශිෂ්ට සේවාවක් ලබා දීමට මේ හරහා හැකියාව ලැබෙන අතර, කවුන්ටර සේවාවද එම පරිදිම හිමිකර දීමට කටයුතු කර තිබේ.

මෙම ශාඛා ද්විත්වයත් සමග දැනට ගම්පහ, මීගමුව, කුරුණෑගල, රත්නපුර සහ කලුතර යන නගරයන්හි NDB ලීසිං මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. NDB බැංකුවේ පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් පසුගිය කාලසීමාවේදී නව්‍යකරණයෙන් යුතු විප්ලවීය ලීසිං සේවා හඳුන්වාදීම් කිහිපයක්ම සිදුකිරීමට NDB ලීසිං කටයුතු කර තිබේ.

ඇපකරුවන් අවශ්‍ය නොවීම NDB ලීසිං සේවාවේ ඇති වැදගත්ම ප්‍රතිලාභයකි. ‘ඇපකරුවන් සහ මූලික ගෙවීමකින් තොරව එක් දිනක් ඇතුලත ලීසිං පහසුකම් ලබා දීම’ සංකල්පය නිසා NDB ලීසිං පාරිභෝගිකයින්ට අවම ලිපි ගොනු සංඛ්‍යාවක් සමග ලීසිං සේවාව බාධාවකින් තොරව ලබා ගැනීමට හැකියාව තිබේ.

 

Comments