ලංකා හොස්පිටල්ස් මෞත්‍ර ලිංගික රෝග සත්කාරයට | Page 2 | සිළුමිණ

ලංකා හොස්පිටල්ස් මෞත්‍ර ලිංගික රෝග සත්කාරයට

ලංකා හොස්පිටල්ස් රෝහල එකම වහලක් යටදී සියලු මෞත්‍ර ලිංගික රෝග හා සම්බන්ධ ප්‍රතිකාර සපයන අංග සම්පූර්ණ මෞත්‍ර ලිංගික සත්කාර මධ්‍යස්ථානයක් ඇරැඹීය. එය සැලසුම් කර තිබෙන්නේ වකුගඩු, මූුත්‍ර වාහිනී, මූුත්‍රාශය, මූුත්‍ර මාර්ගය සහ ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය ආශ්‍රිත තත්ත්ව ඇතුළු ලිංගේන්ද්‍රිය සම්බන්ධ ගැටලුවලට ප්‍රතිකාර කිරීමටය. මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්, වකුගඩු රෝග විශේෂඥයන්, ශල්‍ය වෛද්‍යවරුන්, නිර්නාළ ග්‍රන්ථි විශේෂඥයන් සහ රෝග විනිශ්චය ස්කෑන් පරීක්ෂා සඳහා නේවාසික විකිරණවේදි විශේෂඥ වෛද්‍යවරයෙකු මේ මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමට ඇතුළත්ය.

මෞත්‍ර ලිංගික රෝග සඳහා නවතම වෛද්‍ය තාක්ෂණය ඇතුළත් කාලීන ප්‍රතිකාර සපයන ලංකා හොස්පිටල්ස් මෞත්‍ර ලිංගික රෝග සත්කාර මධ්‍යස්ථානයේ සුවිශේෂත්වය වන්නේ රෝගියාගේ තත්ත්වය අධ්‍යයනය කරන ස්කෑන්, බයොප්සි, සිස්ටොස්කොපි, යුරෝඩයිනමික්ස් ආදී පරීක්ෂණ ගණනාවක් එක් වරක් පැමිණීමෙන් එකම වහලක් යටින් ලබා ගැනීමට හැකිවීමයි. ලංකා හොස්පිටල්ස් ප්‍රධාන විධායක වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත මහතා, “මෞත්‍ර ලිංගික පද්ධති ආශ්‍රිත රෝග වලද සැලකිය යුතු වර්ධනයක් තිබෙනවා. මේ නිසා විශාල පිරිසකට විශේෂ පරීක්ෂණ, ස්කෑන් හා විකිරණ පරීක්ෂණ මෙන්ම මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත සැත්කම් හා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. මේ මධ්‍යස්ථානයෙන් අදාළ සේවා සපයන අතරම ලංකා හොස්පිටල්ස් රෝහලේ පුරුෂ සෞඛ්‍ය මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇති නිසා පුරුෂ පක්ෂයේ සෞඛ්‍ය සත්කාර සියල්ල සංග්‍රහශීලී පරිසරයක් තුළ දැන් ඉටු කර ගත හැකියි.” පැවසීය.

ලංකා හොස්පිටල්ස් මෞත්‍ර ලිංගික රෝග සත්කාර මධ්‍යස්ථානයේ එක් දිනක පරීක්ෂණ හා ප්‍රතිකාර කටයුතු සඳහා ගත වන්නේ පැය 3ක් 4ක් වැනි කාලයකි.

Comments