ඔබට කොහොමද? | Page 2 | සිළුමිණ

ඔබට කොහොමද?

ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගුණපාල 

මේෂ

රැකියාවට බාධා

ලග්නාධිපති කුජ තුන්වැන්නේය. රවි, බුධ රාහු සමඟයි. චන්ද්‍රයා වක්‍රව අටවැන්නේ ද ශනි, කේතු 9 ද සිටී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වය ඉස්මතු කළ හැකි නිසා උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි. වියදමට සරිලන ආදායම් ලබාගනී. කෙසේ වුවත් මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතුවල දී ද තරමක් ප්‍රවේසම් විය යුතුයි. දරුවන්ගේ කටයුතු යහපත් වුවත් ඔවුන්ගේ වැඩකයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. අත්, උරහිස් පීඩා, කර්ණාබාධ ආදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

වෘෂභ

වියදම ඉහළයි

ලග්නාධිපති සිකුරු ලග්නයේ ස්වක්ෂේත්‍රයි. මාලවී යෝගයයි. රවි, රාහු, කුජ, බුධ දෙකේ ද ශනි, කේතු 8 ද ගමන් කරයි. සඳු, ගුරු හතේය. එම ග්‍රහ පිහිටීම් තුළ වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ තම කටයුතු කරගෙන යා යුතුයි. උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. එසේ වුවත් වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. ඉවසීමෙන් ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. උගුර, බෙල්ල ආශ්‍රිත රෝග, ලේ දූෂ්‍යාබාධ, මූත්‍රා දෝෂාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

මිථුන

සමපලයි

ලග්නාධිපති බුධ ලග්නයේ ස්වක්ෂේත්‍රයි. භද්‍ර යෝගයයි. රවි, කුජ, රාහු සමගයි. ශනි, කේතු 7 ද, සඳු, ගුරු වක්‍රව හයේ ද සිටී. එම ග්‍රහ ගෝචරය තුළ වෘත්තීය සහ රැකියා කටයුතුවල දී බාධා අවහිරතාවලට ඉඩ පවතී. උසස් නිලධාරීන්, රාජ්‍ය ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. ආර්ථික වශයෙන් අයහපත් නොවන නමුත් මුදල් ඉතිරි කරගැනීම අපහසු වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද ප්‍රවේසම් වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. වෛරස් රෝග, බෝවන රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

ගැටලු මතු වේ

ලග්නාධිපති සඳු, වක්‍ර ගුරු 5 ද, කුජ, බුධ, රවි, රාහු 12 ද, ශනි, කේතු 6 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී තම කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා සහ ගැටලු මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී ද බාධා අවහිරතා ඉස්මතු වේ. ප්‍රධානීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් විය යුතුයි. මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණත් ඔබට මුදල් ඉතිරි කිරීම අපහසු වනු අත. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී සැලකිලිමත් වන්න. ගෙදරදොර කටයුතුවල දී ඉවසීම අවශ්‍යයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. උෂ්ණාධික රෝග, මූත්‍රා සහ ඒ ආශ්‍රිත පීඩා ඇති කරයි.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

විදේශ සබඳතා

ලග්නාධිපති රවි, රාහු, කුජ, බුධ අයස්ථානයේය. ශනි, කේතු පස්වැන්නේය. සඳු, ගුරු 4 සිටි. මෙම ග්‍රහ ගෝචරයන් සැලකීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සිය උත්සාහය සහ කැපවීමෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. මුදල් ආයෝජනයට අලුත් කටයුතු ආරම්භයට ශුභයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු ද සාර්ථක වේ. මිල මුදල් ලැබීමට ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබා ගනු ඇත. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු යහපත්ය. කිසියම් සාර්ථක දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝග බලපායි.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

මිශ්‍රපල

ලග්නාධිපති බුධ ස්වක්ෂේත්‍රයි. දහයේ භද්‍ර යෝගයයි. රවි, කුජ, රාහු සමගයි. ශනි, කේතු 4 සිටී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී අන්‍යයන්ගේ කටයුතු කෙරෙහි තිබූ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමේ දී ප්‍රමාද වේ. මිශ්‍රපලයි. ආදායම් ලැබීම තුළ යහපත් වේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ද ශුභයි. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, නහර දුර්වලතා බලපායි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

ආර්ථික වාසි

ලග්නාධිපති සිකුරු අටවැන්නේ ස්වක්ෂේත්‍රයි. රවි, කුජ, බුධ, රාහු 9 ද, ශනි, කේතු තුන්වැන්නේ ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන බැලීමේ දී තමාගේ වැඩකටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී ගති ඉස්මතු කළ හැකි නිසා ඉතාම කල්පනාකාරීව ද, බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් අවහිර නොවේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබිය හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද සාර්ථක කරගනී. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් උදා වේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, මුත්‍රා දෝෂවලින් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

වෘශ්චික

කල්පනාකාරී වන්න

ලග්නාධිපති කුජ, රවි, බුධ, රාහු අටවැන්නේද ශනි, කේතු කුටුම්භස්ථානයේ ද, සඳු, ගුරු ලග්නයේ ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන බැලීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් බුද්ධිමත්ව ද, කල්පනාකාරීව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. කෙසේ වුවත් මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ඉතාම කල්පනාකාරී වන්න. ඉවසීමෙන් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ වැඩකටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සැලසේ. උදරාශ්‍රිත රෝග, මූත්‍ර දෝෂ, ඇස්වල දුර්වලතා ආදියෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා

ධනු

සෞඛ්‍යය ගැන ප්‍රවේසමෙන්

ලග්නාධිපති ගුරු, සඳු සමග 12 වක්‍රයි. ශනි, කේතු ලග්නයේ ද, රවි, කුජ, බුධ, රාහු 7 ගමන් කරයි. මෙම ග්‍රහ පිහිටීම තුළ රැකීරක්ෂා සහ වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා ප්‍රමාදතා ඉස්මතු විය හැකි බැවින් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම ශුභදායක නොවන නමුත් අයහපත් නොවේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද යහපත් වේ. දරුවන්ගේ වැඩකටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව උදා වේ. හිසරදය, උෂ්ණාධික රෝගයන්ගෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 07, දිනය- බ්‍රහස්පතින්දා

මකර

ශුභදායකයි

ලග්නාධිපති ශනි, කේු සම ග 12 ද, රාහු, කුජ, බුධ, රවි 6 ද සඳු, ගුරු අයස්ථානයේ ද සිටී. මෙම කරුණු සියල්ල සමස්තයක් ලෙස බැලීමේ දී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ වෘත්තිය සහ රැකියා කටයුතු යහපත් කර ගත හැක. සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල දී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනු ඇත. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකිය. ස්නායු, නහර දුර්වලතා, රුධිර පීඩනය යනාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා

කුම්භ

යහපත් සතියක්

ලග්නාධිපති ශනි, කේතු අයස්ථානයේය. කුජ, රාහු, රවි, බුධ පූර්ව පුණ්‍යස්ථානයේ ද, සඳු, ගුරු කර්මස්ථානයේ ද සිටී. එම ග්‍රහ ගෝචරය ගැන බැලීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී සුළු අවහිරතා බාධා ඉස්මතු වුව ද සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් කාර්ය බහුලත්වයක් පෙන්වයි. දරුවන්ගේ කටයුතු උදෙසා වැඩිපුර වෙහෙස මහන්සි වීමට සිදු වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධවල ඉස්මතු කළ හැකි බැවින් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

මීන

ඉවසීමෙන් කටයුතු කරන්න

ලග්නාධිපති සඳු, ගුරු භාග්‍යස්ථානයේය. ශනි, කේතු 10 ද, කුජ, රාහු, බුධ, රවි 4 ද ගමන් කරයි. එම ග්‍රහ චලිතයන් සැලකීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු කරනු ඇැත. එම නිසා උත්සාහයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කිරීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. ආර්ථික වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආර්ථික වාසි ලැබිය හැක. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උදරගත පීඩා, පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝග, ලේ දූෂ්‍යාබාධ, අනතුරු පීඩා, තුවාල යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය -03, දිනය- බ්‍රහස්පතින්දා

Comments