මිහි­න්ත­ලය පිළි­බඳ සිංහල සාහි­ත්‍ය­යෙන් හෙළි­වන තොර­තුරු | සිළුමිණ

මිහි­න්ත­ලය පිළි­බඳ සිංහල සාහි­ත්‍ය­යෙන් හෙළි­වන තොර­තුරු

ලංකා ශාසන ඉති­හා­සය හා සම්බන්ධ සියලු කරු­ණු­ව­ලට මුල් වූ සිද්ධිය වශ­යෙන් සැලැ­කෙන දඹ­දිව දම්සෝ නිරිඳු පුත් මහින්ද මහ රහ­තුන් වහන්සේ සිරි ලක බුදු සසුන පිහි­ටුවා ලූයේ පොසොන් පුර පස­ළො­ස්වක පෝ දිනෙක බව ප්‍රකට කරු­ණෙකි.

ලක්වැසි බුදු­නු­වන් ඉම­හත් බැති­යෙන් සල­කන පොසොන් යන්න අවු­රුද්දේ මාස හඳු­න්වන බක්, වෙසක්, ඇසළ නිකිණි ආදී චන්ද්‍ර මාස නම් අත­රට වැටෙන හෙළ වද­නෙකි. පාලි භාෂා­වෙන් මේ මාසය හැඳි­න්වෙන්නේ ‘ජෙට්ඨ මාස’ යන නමිනි. පොසොන් පුර පස­ළො­ස්වක පොහොය දෙට නැක­තින් ඇරැ­ඹෙන බැවින් ඒ නක්ෂත්‍ර නාමය මුල් කොට ජෙට්ඨ යන නාමය පාලි වහ­රට එන්නට ඇතැයි සිතිය හැකි ය.

එහෙත් පාලි­යෙන් හැඳි­න්වෙන ඒ නමට හුරු දෙට මස වැනි හෙළ වද­නක් පොසොන් යන්න ඒ ප්‍රසූන නම් සකු­ව­දන ඇසු­රෙන් නිප­න්නක් ලෙස සැලැ­කී­මෙහි වර­දෙක් ඇතැයි කිය නොහැකි ය. එසේ නම් පොසොන් යන්න වහ­රට පත් වන්නට ඇත්තේ මෙරට සකු බසේ බල­පෑ­මෙන් අන­තු­රුව බව පිළි­ග­න්නට සිදු­වෙයි.

සකු­වෙහි ප්‍රසූන යන්නෙහි අරුත මල් යන්න බව සිදත් සඟ­රා­ක­රු­වා­ණන් ඊට පෙර ලියූ පොත­ප­තින් උපුටා දැක්වූ නිද­සුන් ඇසු­රින් ද වටහා ගත හැකි ය.

සිදත් සඟ­රාවේ කිරිය අදි­ය­රෙහි එන ‘බමර පොසොන් පතරැ මී බිලා යේ’ යන නිද­සුන් වැකි­යේත් ‘එඋ­ලෙළ පොසොන් වැසි වස්නේ’ යන නිද­සුන් වැකි­යේත් ඇති පොසොන් යන්න යොදා ඇත්තේ මල් යන අරු­තින් බව වටහා ගත හැකි ය.

රත්ම­ලානේ ශ්‍රී ධර්මා­රාම හිමි­පා­ණන්ගේ සිදත් සඟරා විස්තර සන්නස හා කුමා­ර­තුංග මුනි­දා­ස­යන්ගේ සිදත් සඟරා විව­ර­ණය ඇතුළු හැම සිදත් සඟරා විව­රණ පොත­කම පාහේ පොසොන් යන්නට අරුත් දී ඇත්තේ ද මල් යන අරුත ඇති ප්‍රසූන යන සකු වදන ද සමා­නා­ර්ථ­යෙන් සඳ­හන් කර­මිනි.

දැනට ඇති පැරැ­ණිම සිංහල ශබ්ද­කෝ­ෂය යයි සැල­කිය හැකි බෝරු­ග්ග­මුවේ ශ්‍රී රේවත හිමි­පා­ණන්ගේ සිංහල මහා අකා­රා­දියේ ද පොසොන් යන්නට අරුත් දීමේ දී සඳ­හන් කළ මල් පියුම් ප්‍රසූත වැනි වදන් ගැන සිතන විට ද ප්‍රසූන යන්න මල් යන අරු­තින් ම ව්‍යව­හා­රවූ වද­නක් බව තහ­වුරු කැර ගත හැකි ය.

සකු­වෙහි ප්‍රසූන යන්න මල් අරු­තෙහි වැටෙන හෙයින් පොසොන් යන්න ප්‍රසූන යන සකු­ව­දන ඇසු­රෙන් නිප­න්නක් ලෙස සිතිය හැකි හෙයින් ද පොසොන් මාසය යන්න හෙළ වද­නින් ම හඳු­න්ව­තොත් එය මල් මාසය යනු­වෙන් හෝ මල් මස යනු­වෙන් හෝ හැඳි­න්වීම අර්ථා­න්විත බව පෙනී යනු ඇත.

එහෙත් එවන් හෙළ වද­නක් වහ­රට ආ බවක් දක්නට නො ලැබේ. මේ සමඟ ම සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වංශ­යෙහි සඳ­හන් පොසොන් යන්න හා ඊට සබැඳි පුවත් ඇසු­රෙන් හෙළි­වන කරුණු කීප­යක් ද සලකා බැලීම උචිත යයි හැ‍ඟේ.

පොසොන් මාසය හා සම්බන්ධ කරුණු බොහෝ­ව­කට මුල් වූ මිහි­න්ත­ලාව පිළි­බඳ කරුණු මෙහිලා මුලින් ම සලකා බැලීම සුදුසු යැයි හැ‍ඟේ. මිහිඳු මහ රහ­තුන් වහ­න්සේගේ වැඩම කිරී­මෙන් පාද ස්පර්ශය ලත් නිසා මිහිඳු හා තලාව (මිහිඳු + තලාව) යන වදන් දෙක එක්වී ගාත්‍රා­ක්ෂර ලෝප සන්ධි ක්‍රම­යෙන් සෑදී මිහි­න්ත­ලාව නමින් ප්‍රකට වූ මේ ස්ථානය ඊට පෙර ‘මිශ්‍රක පර්ව­තය’ නමින් හැඳි­න්වුණු බව­ටත් එය දෙවි­යන් අරක් ගත් පුද බිමක් වශ­යෙන් සැලැකූ බව­ටත් සාධක හෙළ සාහි­ත්‍ය­යෙන් අනා­ව­රණ වෙයි.

සද්ධ­ර්මා­ලං­කා­ර­යෙහි තෙභා­තික වස්තු­වෙහි සඳ­හන් පරිදි දෙවන පෑතිස් රජු නකත් කෙළි කෙළනා පිණිස ‘මිශ්‍රක’ පර්ව­ත­යට ගිය අව­ස්ථාවේ ඒ පර්ව­ත­යෙහි වසන එක්තරා දේව­තා­වෙක් මහ තෙරුන් වහන්සේ රජ­හට දක්වනු පිණිස මුව වෙසක් මවා­ගෙන සිටි බව කියන පුවත ඊට සාධ­ක­යක් වශ­යෙන් දැක්විය හැකි ය.

එප­ම­ණක් නොව එහි ම සඳ­හන් වන පරිදි කකු­සඳ බුදුන් කල දැන් පියල් කුළු නම් වූ මිහි­න්තලා ගල “දේව කූට නම් විය” යනු­වෙන් දක්වන කරු­ණෙන් ද පෙර බුදුන් කල ද එය දෙවි­යන් වැඩ වසන තැනක් ව පැවැති බව සනි­ටු­හන් වෙයි. දේව කූට යන්නෙහි අරුත දෙවි­යන් වැඩ වසන පර්ව­තය යන්න ය. එමෙන් ම සද්ධ­ර්මා­ලං­කා­ර­යෙහි කීප තැනෙක ම දැන් මිහි­න්ත­ලාව නමින් හැඳි­න්වෙන පර්ව­තය ‘පියල් කුළු’ යන නමින් මෙන් ම ‘පිය­ල­කූට’ යන නමින් ද හැඳින් වූ බව සඳ­හන් වේ.

“කෝණා­ගම බුදුන් සම­යෙහි ‘පියල කූටය’ ‘ශුභ කූට’ නමින් ද හැඳින් වී ය” යන වාක්‍ය ඛණ්ඩ­ව­ලින් ද එය සනාථ කැර ගත හැකි ය.

මේ තොර­තු­රු­ව­ලින් තවත් කරුණු දෙකක් අනා­ව­රණ වෙයි. එකක් නම් අද මිහි­න්ත­ලය නමින් හැඳි­න්වෙන පුද බිම මින් පෙර තුන් බුදු­ව­රුන් ගේ කාල­වල පවා වැද­ගත් ස්ථාන­යක් වශ­යෙන් සඳ­හන් වී ඇති බව ය. දෙවන කරුණ නම් ඊට පියල් කුළු, පියල කූට යන නම් ද ඒ ඒ කාල­වල ව්‍යව­හා­රයේ පැවැති බව ය.

පියල, පියල් යන වදන් මොර­ගස් හැඳි­න්වීම සඳහා ද යෙදෙ­න්නෙකි. ඒ අනුව එකල මිහි­න්ත­ලය මොර­ග­සින් යුත් වන­යක්ව පැවැ­තියේ ද යන්න විමසා බැලිය හැකි ය.

සද්ධ­ර්මා­ලං­කා­රයේ තෙභා­ති­ක­ව­ර්ගයේ මේ පුවත සඳ­හන් කරන තැනෙක “අනු­ර­පු­රට නැගෙ­න­හිරැ ‘මිශ්‍රක’ නම් පර්ව­ත­යෙහි ‘පිල­ය­කූට’ නම් ගල්තලා මුදු­නට බැසැ මී අඹ ගසක් මුලැ ‘අඹ­තලා’ නම් ගල පතල මත්තෙහි සදෙනා වහන්සේ පිළි­වෙ­ළින් වැඩ හුන් සේක” යනු­වෙන් සඳ­හන් වී ඇති පරිදි මිශ්‍රක යන වද­නට අම­ත­රව ‘පිලය කූට’ යන නම ද ‘අඹ­තලා’ යන නම ද සඳ­හන් කැර ඇති බව දැකිය හැකි ය.

මේ අනුව කිව හැක්කේ මිශ්‍රක නම් පර්ව­ත­යෙහි මුදුන් කොටස ‘පිලය කූට’ නමින් හැඳින්වූ බවත් ඉන් පහත කොට­සෙක අඹ­තල නමින් හැඳින්වූ ගල්ත­ලා­වක් පිහිටා තිබුණු බවත් ය. මෙහි සඳ­හන් මිශ්‍රක යන වදන ද විමසා බැලිය යුත්තෙකි. මිශ්‍රක යන්න මෙහි පම­ණක් නොව දෙව් ලොව වර්ණනා කරන අව­ස්ථා­ව­න්හිදී ද ව්‍යව­හාර කැර ඇති ආකා­රය අමා­ව­තු‍ෙර් දේව­ද­ම­න­යෙහි තවු­තිසා දෙව්ලොව වර්ණනා කරන තැනෙක ‘උතු­රු­දෙ­සෙහි එසෙ­යින් මැ රුව­න්මුවා පවුරු දොරටු පිරි ඛෙව් ලදු පන්සි­ය­යක් යොජුන් මිශ්‍රක’ නම් උය­නෙක් ඇත” යනු­වෙන් සඳ­හන් කරන තැන ද බුත්ස­ර­ණ­යෙහි ලෝක විව­රණ කාණ්ඩයේ ඡද්දන්ත විල අසල ඇතැයි කියන “නොඑක් නොඑක් ඵල ඇති ගසින් යුක්ත වූ මිශ්‍රක වනය යැ” යනු­වෙන් සඳ­හන් කරන තැන ද විමසා බලන විට වටහා ගත හැකි ය.

කෙසේ වුව ද මිශ්‍රක යන්නෙහි අරුත වටහා ගැනී­මට බුත්ස­ර­ණ­යෙහි ඒ පිළි­බඳ කරන වර්ණ­නය රුකු­ලෙක් වෙයි.

නඳුන් උයන, නන්දා පොකුණ, ඵාරුස නම් වන ‍උයන, විදු­ලතා නම් උයන, පරිඛා, මහා වන වැනි විවිධ අංග­ව­ලින් යුත් නිසා ඒ වනය මිශ්‍රක වන නමින් හැඳින්වූ බව එයින් පැහැ­දිලි වෙයි.

සිංහල බෝධි­වං­ශ­යෙහි ද මීට අදාළ පුවත සඳ­හන් කරන තැන පැන් පොකුණු ඇති... මිශ්‍රක නම් පර්ව­ත­යට බැසැ අඹ­තල නම් තැනෙක වැඩ­හුන් සේක යනු වෙන් සඳ­හන් කරන වද­න්ව­ලින් ද මිහි­න්තලා පෙදෙස ද යට සඳ­හන් අංග­ව­ලින් මිශ්‍ර වූ තැනක් බව සිතා ගත හැකි ය.

මිහිඳු මාහි­මි­පා­ණන් ගේ ආග­ම­න­යෙන් ඇතිවූ විශේෂ සිද්ධි නිසා මිහි­න්තලා පවුව චේතිය ගිරි යන නමින් ද හැඳින්වූ බව ද සඳ­හන් කළ යුත්තෙකි. ඒ නම අනුව සෑදුණු සෑගි­රිය යන හෙළ නම ද ඊට යෙදුණේ මිහිඳු හිමි­යන් ගේ අනු­ග්‍ර­හ‍යෙන් දඹ­දි­වින් වැඩම කළ සර්වඥ ධාතු කලක් එහි තැන්පත් කැර තිබූ නිසාත් එයින් කොට­සක් නිදන් කොට ‍ෛචත්‍යය කීප­යක් එහි ඉදි­කි­රීම නිසාත් යයි සිතිය හැකි ය. මාතර ශ්‍රී ධර්ම­වංශ හිමි­පා­ණන්ගේ සිංහල විශු­ද්ධි­මා­ර්ග­යෙහි එන මහා තිස්ස තෙරු­න්නා­න්සේගේ කථාව අර­ඹ­මින් ‘සෑගි­රි­යෙහි (මිහි­න්තලේ) විසූ මහා තිස්ස තෙරු­න්නාන්සේ’ යනු­වෙන් සඳ­හන් කැර ඇති වදන් කීප­යෙන් ද මිහි­න්ත­ලය සෑගි­රිය නමින් එවක හැඳින්වූ බවත් තපෝ වන­යක් වශ­යෙන් ද එය ප්‍රක­ටව පැවැති බවත් අනා­ව­රණ වෙයි.

ලොව බුදු සසුන හා සබැඳි කරුණු සල­කන විට ලක්වැසි බුදු­නු­ව­නට වෙසක් පුර පස­ළො­ස්වක පෝ දින යම් තර­ම­කට වැද­ගත් වන්නේ ද ඒ බුදු සසුන හෙළ දිවෙහි පිහි­ටු­වා­ලී­මට මං පෑදූ පොසොන් පුර පස­ළො­ස්වක පෝ දිනය ද එප­ම­ණට ම වැද­ගත් වන්නේ ය. ඒ අනුව මේ දිව­යි­නෙහි පවත්නා සියලු පුද බිම් අතු­රෙන් පැරැණි ම පුද බිම වශ­යෙන් සැලැ­කෙන මිහි­න්ත­ලය කෙරෙහි ලක්වැසි බුදු­නු­වන්ගේ විශේෂ ගෞර­වා­ද­ර­යට පාත්‍ර වන්නේ ද ඒ හා බැඳී ඇති ඓති­හා­සික සිද්ධිය තමන් ගේ ජීවි­ත­යට ද එළිය දුන් සුවි­ශේෂ සිද්ධි­යක් වශ­යෙන් සල­කන හෙයිනි.

හෙළ බස් මිණි අ.ආ. ගුණ­ති­ලක 

අදහස්