බුදු­ද­හම යනු සොබාදහමේ කැඩපතක් | සිළුමිණ

බුදු­ද­හම යනු සොබාදහමේ කැඩපතක්

සියලු මත­වාද ප්‍රකා­ශ­යට පත්වන්නේ කිසි­යම් වූ භාෂා­ව­කිනි. භාෂාව අද­හස් වාහ­ක­යක් ලෙස මිස එය ශුද්ධ භාෂා­වක් ලෙස බුදු­ද­හම හඳුනා නොග­නියි. මජ්ඣිම නිකායේ අර­ණ­වි­භංග සූත්‍ර­යෙන් බුදු­න්ව­හන්සේ පෙන්වා දෙන්නේ එක් බසක් දැඩිව ගැනී­මත් ව්‍යව­හා­රය ඉක්මවා යෑමත් යන අන්ත දෙකම අත්හළ යුතු බව ය. එහෙත් භාෂාව මෙව­ල­මක් වශ­යෙන් අත්‍යා­වශ්‍ය වන බව ද බුදු­ද­හම බැහැර නොක­රයි. එම­ගින් මුලා­වට පත් නොවී­මට මිනිසා වග­බලා ගත යුතු බව පම­ණකි ඉන් අව­ධා­ර­ණය වන්නේ.

මේ ලෝකයේ විවිධ ආගම් අද­හන පුද්ග­ලයෝ සිටිති. නිර්ආ­ග­මි­කයෝ ද වෙති. නීතිය මෙන් ම ආගම ද සමා­ජ­යට, සමා­ජයේ සුර­ක්ෂි­ත­තා­වට අත්‍යා­වශ්‍ය යැයි අද­හ­න්නන් මෙන් ම ආගම් බිහි­නො­වූයේ නම් මිනි­සාගේ නිද­හස් චින්ත­න­යට වැඩි ඉඩ­හ­ස­රක් පෑදෙන්නේ යැයි විශ්වාස කරන්නෝ ද ඒ අතර වෙති. මේ සිය­ල්ලන් අතරේ කාල්මාක්ස් ‘ආගම අබිං’ යැයි කී බවක් අසා ඇති නිසාම ආගම ප්‍රති­ක්ෂේප කර­න්නන් ද සිටියි.

මේ සියලු කල්පනා පැන නගින්නේ යම් යම් මත­වාද ඔස්සේ ය. මත­වාද, දෘෂ්ටි වශ­යෙන් ද හැඳි­න්වී­මට බැරි නැත. කිසි­යම් වූ සංක­ල්ප­යක්, මත­වා­ද­යක් පර­මා­දර්ශ බවට පත් වන (පත්කෙ­රෙන) අවස්ථා ද තිබේ. ‘මිනිස්සු රට දැය සමය වෙනු­වෙන් දිවි නොපු­දති. මිනිස්සු රට දැය සමය යන සංක­ල්ප­යන් වෙනු­වෙන් දිවි පුදති’ යනු­වෙන් වරක් කෘත­හස්ත ලේඛක කේ. ජය­ති­ල­ක­යන් (කුදු­ගොත් රචනා කෘති­යෙන්) ලියා තැබුවේ ද මේ ප්‍රව­න­තාව පිළි­බ­ඳව ය. මත­වාද බො‍ෙහා්විට ගිනි­ අවුළුව­න­ සුලු ඉන්ධන වැනි ය. සමූහ මිනිස් ඝාතන බොහෝ­විට සිදුවී ඇත්තේ මත­වාද (සිත් තුළ) ගබඩා කොට තබා සුදුසු අව­ස්ථාව බලා ගිනි­කූ­රක් ගැසී­මෙනි. දේශ­පා­ලන අර­මුණු, වෙළඳ විරෝ­ධතා, පෞද්ග­ලික කෝන්තර මෙන් ම සම්පත් කොල්ල­කෑම මේ ඝාතන රැළි යට සැඟවී ඇති බව ඒවා සියුම්ව නිරි­ක්ෂ­ණය කිරී­මේදී පෙනී­යයි.

මත­වාද පිළි­බඳ ගැඹුරු විවේ­ච­න­යක් දකි­න්නට ලැබෙන්නේ බුදු­ස­මයේ ය. මෙසේ කියන විටම මෙය බුද්ධා­ගම උත්ක­ර්ෂ­යට නැගීම සඳහා කෙරෙන වෑය­මක් ලෙස (ගොනා හැරෙන්නේ පොල්පැ­ළය කන්නට බව) කෙනෙ­කුට පෙනී­ය­න්නට ද පුළුවන. එහෙත් මුලින්ම අව­ධා­ර­ණ­යෙන් ම මතක් කර දිය යුතු කරුණ වන්නේ මෙහිදී සාක­ච්ඡා­වට ගැනෙන්නේ බුදුන් වහන්සේ සහ බුදු­ද­හම පිළි­බඳ අපගේ අද­හස් හා උප­ක­ල්පන කිහි­ප­යක් මිස බුද්ධා­ග­මට අදාළ කරුණු කාරණා නොවන බව ය.

බුදු දහම යනු උගැ­න්වී­මක් නොවන බවත් බොහෝ­දු­රට එය සොබා­ද­හම කැඩ­ප­ත්ගත කිරී­මක් ම වන බවත් හඳු­නා­ගත හැකි­වන්නේ යහ­පත් සිහි­ක­ල්ප­නාව හා මධ්‍ය­ස්ථා­භා­වය ද රැක­ගත් විම­ර්ශ­න­ශී­ලි­ය­කුට ය. බුදු­ද­හම ‘අනි­ත්‍යය’ ගැන වැඩි­යෙන් කතා­ක­රන නිසාම එය අශු­භ­වාදී දහ­ම­කැයි කිය­න්නන් නුදුටු පැත්තක් පිළි­බ­ඳව ද මෙහිදී කිසි­යම් මතක් කර­දී­මක් කිරී­මට සිදු වෙයි. බුදු­ද­හම අම­තක කර, බුදුන් පසෙ­කින් තබා ලෝකය දෙස බලන්න: උදේට පිපෙන මල්, හව­සට පර­වෙන බව, රෑ මන­මාලි මල් හිරු­එ­ළියේ පරවී, වියළී යන බව, සර­ලව කියන්නේ නම් ඊයේ උපන් මිනිසා හෙට දවසේ මියැ­දෙන බව මුසා­වක් වන්නේ ද? ඒවා එසේ සිදු­වන්නේ බුදුන් වහ­න්සේගේ මෙහෙ­ය­වී­ම­කින් ද? හිරු බසින, මල්, පර­වෙන නියාම ධර්ම­යට බුදු­ද­හම වග­කිව යුතු ද? ඇති­තතු ඇති­සැ­ටිය පෙන්වා­දීම අශු­භ­වා­ද­යක් වන්නේ ද?

මේ මහ­පො­ළොව සම­ත­ල­යක් හෝ ස්ථිතික වස්තු­වක් නොවේ. අපේ ඇස්ප­නා­පි­ටම ලෝකය නොක­ඩ­වාම වෙනස් වෙමින් පවතී. ‘අනි­ත්‍යය’ යනු එයයි. ඉතින් අනි­ත්‍යය වුව නරක හෝ අශුභ යැයි කිව හැකි නොවන්නේ ලොව නිත්‍ය වූයේ නම් කල­ලය, කල­ල­යක් ලෙසත්, වී ඇටය, වී ඇට­යක් ලෙසත් සදා­කා­ල­ය­ටම ස්ථාව­ර­වම පව­තින හෙයිනි. කල­ලය සත්ත්ව­යකු, මිනි­සකු බිහි කර­න්නේත්, වී ඇටය බත් ඇට­යක් වී, අපේ කුස­ගිනි නිවා දම­න්නේත් අනිත්‍ය දහ­මට පින් සිදු­ව­න්නට ය.

ආගම, දහම හෝ බුදුන් වහන්සේ නැති­වත් ඔබට ඔබ සම්බ­න්ධ­යෙන් අත්හදා බැලීම් කිරී­මට බැරි නැත. ඒ සඳහා ඔබ කිසි­ව­කු­ගෙන් අව­සර ගත යුතු නොවේ. කෝන්ත­ර­යක්, සමාජ වෛර­යක්, බාහිර ලෝකය පිළි­බඳ ද්වේශ­යක් ඔබ තුළ වේ නම් ඔබ, ඔබ සම­ඟම තරහා වූවෙකි. ඔබේ ඒ ද්වේශය, වෛරය සෙස්සන්ගේ විනා­ශය සඳහා සාර්ථක ලෙස දායක කර­ගැ­නී­මට අනෙ­ක­කුට පුළු­වන. ඒ සඳහා ද ඕනෑ කරන්නේ මත­වා­ද­යකි.

බොහෝ මිනි­සුන් ජීවිත කාලය මුළු­ල්ලේම, විසි­හ­තර පැයෙන් වැඩි කාල­යක්ම යෙදී සිටින්නේ බාහිර බල­වේග, පිට­ස්තර සතු­රන් හඳු­නා­ගැ­නීමේ සැක­මුසු මෙහෙ­යු­මෙහි ය. අපගේ ළතැ­වු­ලට, අපගේ වේද­නා­වට, කොටින්ම කියන්නේ නම් අපගේ ඉර­ණ­මට වග­කිව යුත්තා අනෙකා යැයි සිත­න්නට, ඒ අනුව වග­උ­ත්ත­ර­ක­රු­වන් සොය­න්නට අපි අපේ ජීවි­තයේ වැඩි කාල­යක් දිය කර හරිමු. අස­ල්වැ­සියා, පිට­ස්ත­රයා දෙස මෙන් ම තමා­ගේම ඥාතියා දෙස ද ඇතැ­ම්විට සැමියා හෝ බිරිඳ කෙරෙහි ද සැක­ය­කින් යුතුව සුසු­ම්ල­මින් ජීවි­ත­කා­ලය ගත කරන්නෝ බොහෝ ය. ඔවුන් හදි­සි­යේම ඒ සිහි­න­යෙන් අව­දි­වන්නේ මර­ණීය ප්‍රහා­ර­යක් ජීවි­ත­යට එල්ල­වන අව­සාන අව­ස්ථා­වේදී ය. මේ භයා­නක, මාරා­න්තික ප්‍රහා­රය එල්ල වන්නේ පිට­ස්ත­ර­යකු වෙතින් නොව තමා තුළින්ම බව අව­බෝධ වන විට අශ්වයා පැන­ගොස් ඇති බැවින් ඉස්තා­ලය වැසීමේ තේරු­මක් නැත. සතුරු කඳ­වුර ස්ථාපි­තව තිබුණේ පිට­ස්ත­රව නොව තමා තුළම බව සැබ­වින්ම මිනිසා සාක්ෂාත් කරන්නේ මාරා­න්තික රෝග­ය­කින් සිරුර නිශ්ක්‍රි­යව යන විටදී ය.

බුදු­න්ව­හන්සේ මේවා අපට පුන පුනා කියා දුන්නේ යැයි, උගැ­න්වූයේ යැයි මම පෞද්ග­ලි­කව විශ්වාස නොක­රමි. උන්ව­හ­න්සේගේ කාර්ය­භා­රය කෙබඳු වන්නට ඇද්ද යන්න පිළි­බඳ සිති­වි­ල්ලක්, ආක­ස්මික උප­ක­ල්ප­න­යක් මගේ සිතෙහි හට­ගැ­නුණේ නිස්ක­ලංක හෝරා­වක අනු­රා­ධ­පුර මහ­මෙ­වු­නාවේ සමාධි පිළි­මය අසල රැඳී සිටි එක් සිහි­ක­ට­යුතු මොහො­තක දී ය. එය සංකේ­තා­ත්ම­කව නම් කළ හැක්කේ ‘ගල්ව­ඩුවා හා බැති­මතා’ ලෙස ය.

කළුග­ල­කින් කැපූ අපූරු ප්‍රති­මා­වක් නර­ඹ­න්නට එන කලා­කා­මියෝ මේ මහා විස්ම­ය­ජ­නක පිළි­රුව නිර්මා­ණය කළේ මොන­වා­යින් දැයි (මොනවා එක්කි­රී­ම­කින් දැයි) ගල්ව­ඩු­වා­ගෙන් විම­සති. තමා කිසි­වක්ම ඊට එක්නො­කළ අතර අඛ­ණ්ඩ­වම සිදු කළේ ගලේ කොටස් කපා ඉවත් කිරීම පම­ණ­කැයි ගල්ව­ඩුවා පව­සයි.

බුදු­න්ව­හ­න්සේගේ කාර්ය­භා­ර­යත් එක් අත­කින් මීට සමාන නොවන්නේ ද? මිනි­සුන්ගේ පාර­ම්ප­රික ඇද­හීම් ගතා­නු­ග­තික විශ්වාස සියුම් ලෙස ඉවත් කිරීම මිස, අලුත් ඉගැ­න්වී­මක්, ඉගැ­න්වීම් සමු­දා­යක් බල­යෙන් පැට­වී­මට උන්ව­හන්සේ උත්සාහ කළ බවක් බුද්ධ ස්වභා­වය තුළින් පෙනී­නො­යයි.

මා අසා ඇති මෙවැ­නිම වූ තවත් කතා පුව­තක් මෙහිදී සිහි­යට නැගෙයි. ආනන්ද හිමි­යන් ද සමඟ බුදුන් වහන්සේ එක් නිය­ම්ග­මක් මැදින් ගමන් කර­මින් සිටි­යදී උන්ව­හන්සේ කරා පැමිණි එක් දේව­භ­ක්ති­ක­යෙක් ‘ස්වාමිනි, දෙවි­යන් සිටි­නවා නොවේ ද?’ කියා ප්‍රශ්න කර තිබේ. බුදුන් වහන්සේ ඊට පිළි­තුරු සපයා ඇත්තේ ‘එසේය’ යැයි කියා ය. තවත් ටිකක් ඉදි­රි­යට ඇදී යද්දී උන්ව­හන්සේ හමු­වට ආ භෞති­ක­වා­දි­යකු ප්‍රශ්න කර ඇත්තේ ‘ස්වාමිනි, දෙවි­යන් කියා කොට­සක් නැහැ නොවේ ද?’ කියා ය. එතැ­නදී උන්ව­හ­න්සේගේ පිළි­තුර වී ඇත්තේ ‘නැහැ’ යන්න ය. මේ පර­ස්පර විරෝධී පිළි­තුර හේතු­වෙන් බල­වත් වූ උභ­තෝ­කෝ­ටි­ක­ය­කට මුහුණ පා ඇත්තේ ආනන්ද හිමි­යන් ය. ඉඩ ලැබුණු අව­ස්ථා­ව­කදී ආනන්ද හිමි­යන් බුදුන් වහ­න්සේ­ගෙන් විමසා ඇත්තේ මෙසේ පර­ස්ප­ර­වි­රෝධී පිළි­තුරු සැප­යී­මට හේතුව කුමක් ද කියා ය. බුදුන් වහන්සේ ඒ ප්‍රශ්න­යට පිළි­තුරු දී ඇත්තේ මෙසේ ය.

‘ආන­න්දය! මා ඒ පිළි­තුරු දෙකම සැප­යුවේ ඔබට නොවේ’

බුදු­න්ව­හන්සේ අපට කිසිදා හමුවී නැත. අපි බුදු­න්ව­හන්සේ වෙතින් ධර්මය ඇසුවෝ ද නොවෙමු. උන්ව­හන්සේ අප හඳු­නා­සි­ටින්නේ ලේඛ­න­ගත මූලාශ්‍ර ඇසු­රෙනි. ඒවා­යින්ම වුව අපට බුදු­න්ව­හන්සේ පරි­පූර්ණ ලෙස හඳු­නා­ගැ­නීම පහසු නැත. එහෙත් මූලා­ශ්‍ර­ව­ලින්, ධර්ම ග්‍රන්ථ­ව­ලින් අපට පෙනී­යන යම් යම් සංඥා ඔස්සේ අපට ඒ බුද්ධ ස්වභා­වය උප­ක­ල්ප­නය කළ හැකි ය.

ඇතැ­ම්විට නොව බොහෝ­විට බුදු­න්ව­හන්සේ විවිධ පුද්ග­ල­ය­නට කරුණු පැහැ­දිලි කර ඇත්තේ එක සමා­නව නොව විවි­ධා­කා­ර­යෙන් බවත් සම­හර අව­ස්ථා­ව­ලදී උන්ව­හ­න්සේගේ මුනි­වත නොබිඳී පැවැති ආකා­ර­යත් අප අසා තිබේ. වච්ඡ­ගොත්ත නම් වූ පරි­බ්‍රා­ජ­කයා ආත්ම­යක් ඇද්දැයි ප්‍රශ්න කළ විට බුදුන් වහන්සේ නිහඬ වූයේ ආත්ම­යක් ඇති හෙයිනි යි යන්න කිසි­සේත් අද­හස් නොවෙයි. එහෙත් ප්‍රශ්නෝ­ත්තර රටා­වක් අනු­ය­මින් සිටින අපට, මේ නිහ­ඬ­තාව හඳුනා ගැනීම ද පහසු නැත. ඒ අප ජීවි­තය අත්හ­රි­නවා වෙනු­වට ජීවි­තය සොය­මින්, හඹා­ය­මින් සිටින නිසා ය.

ආත්ම­යක් තිබේ ද නොතිබේ ද යන ප්‍රශ්නය බුදුන් වහන්සේ වෙත බොහෝ අව­ස්ථා­ව­ලදී බොහෝ දෙනකු විසින් ඉදි­රි­පත් කරනු ලැබූ විට මුනි­වත පළ­කි­රීම හැරු­ණු­විට උන්ව­හන්සේ ඊට පැහැ­දිලි පිළි­තු­රක් සැපයූ බවක් නොපෙ­නෙයි. මේ ස්වභා­වය පිළි­බඳ අපූරු චිත්ත­රූ­ප­යක් මෑත­කදී මගේ සිතේ ඇඳී­ගියේ මේ ‘උත්කෘෂ්ට මොහොත’ නම් වූ ඕෂෝ සංවාද කෘති­යෙහි වූ සට­හ­න­කිනි. බුදුන් වහ­න්සේගේ එක්තරා අව­ධා­ර­ණ­යක් ගැන එහි සාහි­ත්‍ය­යි­කව විස්තර කරන්නේ මෙසේ ය.

‘ආත්මය කියන සංක­ල්පය ගැන මගේ එත­රම් සැල­කි­ල්ලක් නැහැ. මා වඩාත් සැල­කි­ලි­මත් වන්නේ ප්‍රශ්නය අසන තැනැත්තා ගැනයි. ඔහුට කුමන ආකා­ර­ය­කින් උදව් කළ හැකි ද කියායි මා සැල­කි­ලි­මත් වන්නේ. ආත්ම­යක් ඇතැයි කීම ඔහුගේ ඉදිරි ගම­නට පිටු­ව­හ­ලක් වෙනවා නම් මා එය අනු­මත කර­නවා. නිශ්ශ­බ්ද­තා­වෙන් ඔහු වඩා ශක්ති­මත් වනවා නම් මා මුනි­වත රකි­නවා, නිර්ව­ච­න­යක් දෙන්න අවශ්‍ය නම් නිර්ව­ච­න­යක් දෙනවා. එප­ම­ණයි.

(සිංහල පරි­ව­ර්ත­නය - ෂර්ලි චන්ද්‍රා ප්‍රනාන්දු)

මේ වූ කලී බුද්ධ ස්වභා­වය ඉතා අපූ­ර්වා­කා­ර­යෙන් වටහා ගැනීම සඳහා විවර වූ විසල් දොටු­වක් වැන්නකි. අනු­රා­ධ­පුර මහ­මෙ­වු­නාවේ සමාධි පිළි­මය මෙන් ම අවු­කන බුදු­පි­ළි­ම­යත් නිහඬ මුවින් කියන එක ම බණ­ප­දය මෙන් එය තදින් සිතට කාව­දියි.

ආගම හා සැදැ­හැ­වත් බව අතර වෙනස පිළි­බ­ඳව අපූරු පැහැ­දිලි කිරී­මක් කර තිබූ යථොක්ත සංවාද කෘතියේ බුදු­න්ව­හන්සේ හඳුන්වා තිබුණේ ‘ආග­ම­කින් තොර වූ ආග­මක් බිහි­කි­රීමේ පුරෝ­ගා­මියා‘ ලෙස ය. එය ඉති­හා­සයේ මනුෂ්‍ය විඥා­නය තුළ සිදුවූ සුවි­සල්ම පෙර­ළිය බව ද එහි වැඩි­දු­ර­ටත් සඳ­හන්ව තිබිණ.

ඒ සම­ඟම සඳ­හන් කළ යුතුව ඇත්තේ මත­වාද බැහැර කළ ශාස්තෘ­ව­රයා වන්නේ ද බුදු­න්ව­හන්සේ ම වන බව ය. සැබැ­වින්ම උන්ව­හ­න්සේට තමා­ගේම ශ්‍රාව­ක­යන් සමඟ හෝ එක­ඟතා තිබුණේ නැත. සාරය, සත්‍යය අතු­රු­ද­හන් වන්නේ මේ එක­ඟතා නිසා බව උන්ව­හන්සේ සාක්ෂාත් කර සිටි­යහ. බුදු­න්ව­හන්සේ මත­වාදබැහැර කළේ ද ඒ අනුව ය.

ඇතැම් පර­මා­දර්ශ මිනිසා තුළ බෙදී­මක් හට­ග­න්වන්නේ ආත­ති­යක් හා ගැටු­මක් ද නිර්මා­ණය කර­මිනි. ඒවා ඔබ වෙනස් පුද්ග­ල­යකු කරන අතර යම­කුට ඔබ වෙනස්ම පුද්ග­ල­යකු බවට පරි­ව­ර්ත­නය කිරී­මට අවශ්‍ය යම් යම් පර­මා­ද­ර්ශ­යන් ද සම්පා­ද­නය කරයි. මිනි­සුන් අනු­ගා­මි­ක­යන් බවට පත්වීමේ බිහි­සුණු ප්‍රව­න­තාව මේ වන­විට ලෝකයේ සිදු වූ හා සිදු­වන බොහෝ භීෂණ, ඝාතන ඔස්සේ පෙනී යමින් තිබේ. ඇතැම් පර­මා­දර්ශ භයා­නක වන්නේ ද මේ අනුව ය. බුදුන් වහ­න්සේගේ ප්‍රවේ­ශය මෙතැ­නදී මු`ඵම­නින්ම වෙනස් මගක් ගනී. උන්ව­හන්සේ කිසි­ව­කුට අත්වැල් හෝ අත්වාරු සප­ය­න්නෙක් නොවේ. ලෝකයේ වර්ධ­නය වෙමින් ඇති භීෂ­ණය, ඝාත­නය, ලේ ගැලීම් අති­ම­හත් වූ බහු­ත­ර­ය­කට පසු­බිම් සකස් කර ඇත්තේ පර­මා­දර්ශ ලෙස වර්ණ­ගැන්වූ මත­වාද ම මිස අන් කුමක් ද?

මත­වා­ද­යක එල්බ ගැනීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභා­වය යැයි කෙනෙ­කුට මෙහිදී තර්ක කළ හැකි ය. අපට ද එය මුළුම­නින්ම අම­තක කළ නොහැකි ය. මේ මිනිස් ස්වභා­වය බුදුන් වහන්සේ හඳුන්වා දී ඇති පදය වන්නේ ‘දිට්ඨි පරා­මාස’ යන්නයි. බුදු­ද­හම අගය කරන්නේ දිට්ඨිංච අනු­ප­ගම්ම හෙවත් මත­වා­ද­යක එල්බ නොගෙන ජීව­ත්වීම ය.

සියලු මත­වාද ප්‍රකා­ශ­යට පත්වන්නේ කිසි­යම් වූ භාෂා­ව­කිනි. භාෂාව අද­හස් වාහ­ක­යක් ලෙස මිස එය ශුද්ධ භාෂා­වක් ලෙස බුදු­ද­හම හඳුනා නොග­නියි. මජ්ඣිම නිකායේ අර­ණ­වි­භංග සූත්‍ර­යෙන් බුදු­න්ව­හන්සේ පෙන්වා දෙන්නේ එක් බසක් දැඩිව ගැනී­මත් ව්‍යව­හා­රය ඉක්මවා යාමත් යන අන්ත දෙකම අත්හළ යුතු බව ය. එහෙත් භාෂාව මෙව­ල­මක් වශ­යෙන් අත්‍යා­වශ්‍ය වන බව ද බුදු­ද­හම බැහැර නොක­රයි. එම­ගින් මුලා­වට පත් නොවී­මට මිනිසා වග­බලා ගත යුතු බව පම­ණකි ඉන් අව­ධා­ර­ණය වන්නේ. තර්කයේ විධි සත­රක් පෙන්වා දෙන බුදු­ද­හම ඒවා මෙසේ වර්ගී­ක­ර­ණය කරයි.

මනාව තර්ක කරනු ලදුව සත්‍ය සේ පෙනී­යන මත­වා­දය

මනාව තර්ක කරනු ලැබූව ද අසත්‍ය සේ හැඟී­යන මත­වා­දය

නොමනා ලෙස නුසු­දුසු අයු­රින් තර්ක කළ ද සත්‍ය සේ හැඟී යන මත­වා­දය

නුසු­දුසු ලෙස තර්ක කිරීම හේතු­වෙන් අසත්‍ය සේ පෙනී යන මත­වා­දය

පක්ෂ, පාට, දේශ­පා­ලන සංවාද-විසං­වාද අතරේ ද මෙකී සත­රා­කාර තර්ක-විතර්ක කර­ළි­යට නැගෙනු අප බොහෝ­වර අසා දැක තිබේ. ‘මෙය පම­ණක් සත්‍යය. අනෙක් සියල්ල බොරුය’ යන ස්ථාව­රයේ සිට වචන දමා ගැසී­මට දරන ඇතැම් උත්සා­හ­යන්හි අනි­වාර්ය ප්‍රති­ඵ­ලය වශ­යෙන් නොසි­තූ­විරූ ගැටුම් හට­ගැ­නීම ද නොවැ­ලැ­ක්විය හැකි ය. මිනිස් සිත්ස­තන් අවුළුවන ඉන්ධන වෙනු­වට සිත් නිවා­ස­න­සන දිය­ධාරා ගලා­ය­න්නට සැල­සීම නූතන දේශ­පා­ල­න­ඥ­යන්ගේ ස්වභා­වය වූයේ නම් සමා­ජ­යට කෙබඳු ශාන්ති­යක් උදා­විය හැකිව තිබුණේ දැයි බොහෝ­විට අපට සිතෙයි.

වන­චාරී ආදි මාන­වයා සංස්කෘ­තික සත්ත්ව­යකු බවට පත්කි­රී­මට භාෂාව මහෝ­ප­කාරි වූ බව සැබෑ ය. එහෙත් එහි තවත් පැත්තක් ද තිබේ. මත­වාද නිර්මා­ණය වන්නේ අසා­දැ­න­ගන්නා දේ ඔස්සේ ය. ස්වර්ගීය සැප දුරස්ථ රූප­ය­කින් පින්තාරු කර පෙන්වා, ස්වයං ඝාතන සඳහා සිත් පොළ­ඹ­ව­මින් නිශ්ඵල ජීවිත පූජා සඳහා මිනි­සුන් යොමු­කි­රීමේ ප්‍රබ­ලම මෙව­ලම වන්නේ ද මත­වා­දය නැත­හොත් භාෂා­වයි.

බුදු­ද­හමේ ‘ශාස්ව­ත­දිට්ඨි’ යනු­වෙන් හැඳි­න්වෙන්නේ සියලු දේ නිත්‍ය බව හා මර­ණින් පසු ඉදි­රි­යට යන ආත්ම­යක් වන බවට ඇති විශ්වා­සය ය. උච්ඡේ­ද­දිට්ඨි යනු මිනි­සාට ඇත්තේ මර­ණ­යෙන් කෙළ­වර දකින ආත්ම­යකි යි (මර­ණින් පසු විනා­ශ­යට පත් වනු මිස යළි උප­තක් නැතැයි) විශ්වාස කිරී­මයි. තම-තම නැණ පම­ණින් තම-තමාගේ රුචි-අරු­චි­ක­ම්ව­ලට අනුව මේ දෙකෙන් එකක් ඇතැයි කිය­මින් විවිධ තර්ක ඉදි­රි­පත් කරන පුද්ග­ලයෝ අදට ද සිටිති. ඔවුන්ගේ අපේ­ක්ෂාව වන්නේ ද මත­වා­ද­යක් අනෙකා තුළට කාවැ­ද්දී­මයි. මේ දෙකම බැහැර කළ යුතු යැයි බුදු­ද­හම කියයි.

කෙසේ වුව ද මිනි­සාට මධ්‍ය­ස්ථා­භා­වය වැද­ගත් ය. සියල්ල හොඳින් දැක බලා ගත හැකි­වන්නේ මධ්‍යයේ රැඳී සිටි­න්න­කුට ය. මිනි­සුන්ගේ උන්මාද හා විකෘති මනෝ­භා­ව­යන් වඩ-වඩා කර­ළි­යට නැංවෙන්නේ පර­මා­ද­ර්ශ­යන් වැඩි­වන තර­මට ය. මෙහිදී මගේ පර­මා­ද­ර්ශය ඔබේ පර­මා­ද­ර්ශය නොවන හෙයින් පොදුවේ පර­මා­දර්ශ ගැන කතා කළ නොහැකි යැයි ද, ඔබේ පර­මා­ද­ර්ශය හැම අතින් ම යුක්ති­ස­හ­ගත යැයි ද තර්ක කිරී­මට ඔබට පු`ඵවන. එහෙත් මේ උසස් පහත් බව කිරා මැන බැලෙන පොදු තරා­දිය සොයා ගත හැකි නැත.

මිනි­සාගේ දෛනික ක්‍රියා­ව­ලියේ පද­නම වන්නේ ස්වාර්ථය බව නිබොරු ය. ඔහු හොඳ යැයි තමා විශ්වාස කරන දේ කර­න්නේත් නරක යැයි තමා විශ්වාස කරන දෙයින් වළ­කි­න්නේත් තමාට යහ­ප­තක් වනු ඇතැයි සිතා ය. එහෙත් ඔහුගේ ප්‍රබ­ල­තම අපේ­ක්ෂාව වන්නේ ස්වාර්ථ­යයි. නැත­හොත් භෞතික සැප සම්පත් වැඩි­වැ­ඩි­යෙන් ලබා ගැනී­මයි. ඒ ස්වාර්ථය නිසා ම ඇතැම් විට නරක ක්‍රියා කිරී­මට ද ඔහු යොමු වෙයි. තමාට එක සදා­චා­ර­ය­කුත් අනෙ­කාට තවත් සදා­චා­ර­ය­කුත් තිබිය යුතු යැයි ඔහු විශ්වාස කරන්නේ ද මේ අනුව ය. මා ය, අනෙකා ය (අහංච පරංච) යන ද්වය­තා­ව­යෙන් නිද­හස් වන තුරුම මිනි­සාගේ සදා­චා­රය අර්ථ­ස­ම්පන්න නොවන බව ය, බුදු­ද­හම අව­ධා­ර­ණය කරන්නේ.

කැත්ලීන් ජය­ව­ර්ධන

Comments