ජන­ක­වි­යක උපත | සිළුමිණ

ජන­ක­වි­යක උපත

අපේ පැරැණි ගැමි­යන්ගේ සිතට නැගුණු දුක, වේද­නාව කවි­ය­කින් පිට­තට ගලා ආවේය. කටින් කට පැවත ආ ඒ කවි අපි අදත් රස විඳිමු. ඒවා ජන­ක­විය.

එක් දරු­වෙක් කුඩා තල­ගොයි පැට­වකු හුර­ත­ල­යට ඇති කළේය. එම දරුවා තම තනි­කම නිවා ගත්තේ තල­ගොයා සමඟ සෙල්ලම් කිරී­මෙනි. දිනක් ඔහු ගම­නක් ගොස් එන විට තල­ගොයා පේන තෙක් මාන­යක නොවීය. එහෙත් මිදුලේ තැනින් තැන ලේ තිබිණ. දරුවා සිය දුක ජන කවි­ය­කින් කියා පෑවේ මෙසේය.

මා බාලේ ඇති කළ තල­ගොයි පැටියා
මට තනි­වට මිදුලේ කෙළ­මින් සිටියා
උගෙ මරුවා ඌ අර­ගෙන ගිය සැටියා
නිවන් පුරේ පල­යන් තල­ගොයි පැටියා

එක් ගැල් කණ්ඩා­ය­මක් හපු­තලේ කන්ද නගියි. පළමු පුද්ග­ලයා තම කාන්සිය සහ පාළුව නිවා ගැනී­මට මෙම කවිය ගායනා කළේය.

තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්ක­නවා
කටු­කැලේ ගාලෙ නොලිහා වද­දෙ­නවා
හපු­තලේ කන්ද දැකලා බඩ­ද­නවා
පව්කළ ගොනෝ ඇද­පන් හපු­තල් යනවා

මෙම කවිය ඔහුට පිටු­ප­සින් යන ගැල්ක­රු­වාට ඇසෙයි. ඔහු ද එය තම දරු­වාට කියයි. එසේ පැවත ආ මෙබඳු කවි අපි කනින් අසමු. නෙතින් කිය­වමු.

මෙබඳු කවි දහස් ගණ­නක් අද අප සතුව ඇත. ඒ සැම කවි­යක ම මුල දුකය, වේද­නා­වය. ඒ දුකෙන්, වේද­නා­වෙන් උපන් ජන­ක­විය අපි අනා­ග­තය සඳහා ද රැක ගනිමු.

එච්.පී. තමිඳු පද්මිර
7 ‍ශ්‍රේණිය ‘ජී’,
ධර්ම­පාල විද්‍යා­ලය, පන්නි­පි­ටිය.

අදහස්