Trendy Hub කොල්ලු‍පිටියේ ඇලෝයි ඇවනිව් හිදී | Page 2 | සිළුමිණ

Trendy Hub කොල්ලු‍පිටියේ ඇලෝයි ඇවනිව් හිදී

කොල්ලුපිටියේ ඇලෝයි ඇවනිව්හි පිහිටි Trendy Hub හි විවෘත කිරීමේ උත්සවයට මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ජනප්‍රිය ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන ප්‍රමුඛව විශාල පිරිසක් සහභාගී වූහ.

ලන්ඩන්, පැරිස් සහ මිලාන් විලාසිතා ප්‍රදර්ශන වලින් ආභාෂය ලත් ඇඟලු‍ම් Trendy Hub වෙතින් මිලදීගත හැකි වේ. මෙහි විශේෂත්වය වන්නේ, විලාසිතා දැක්මක අපූර්වත්වය සමගින්, එදිනෙදා ජීවිතයේදී සැරසීමට සුදුසු ලෙස මෙම ඇඟලු‍ම් නිර්මාණය කර තිබීම බව Trendy Hub නිර්මාතෘවරු පෙන්වා දෙති.

“‍අපගේ ප්‍රදර්ශනාගාරයට පැමිණෙන වාරයක් ගානේ පාරිභෝගිකයන් උනන්දුවට හා සතුටට පත්වනු දැකීමට අප කැමතියි. ලොව විලාසිතා ක්ෂේත්‍රයේ ඉහළම තැන්වලින් ආභාෂය ලබමින් අපගේ ඇඟලු‍ම් නිර්මාණය කර තිබෙනවා. ඒවා ආනයනය කර තිබෙන්නේත් එම රටවලින්මයි. මෙය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වේවි. ඕනෑම අවස්ථාවකට, උත්සවයකට හෝ ගමනකට ගැළපෙන ඇඳුම් පැළඳුම් අපගේ ප්‍රදර්ශනාගාරයෙන් මිලදීගන්නට පුළුවන්. එය තමයි Trendy Hub විශේෂත්වය.”‍ ඇන්ඩෘ පෙරේරා මහතා පැවසී ය.

Comments