විෂන් කෙයා අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගනී | සිළුමිණ

විෂන් කෙයා අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගනී

ශ්‍රී ලාංකීය ඇස් ආරක්‍ෂක විසඳුම් සේවා සැපයීමේ ක්‍ෂේත්‍රයේ වසර 26 ක කාලයක් නිරතවෙමින්, එම වෙළෙඳපොළෙහි ප්‍රමුඛම ස්ථානය හිමිකරගත් ‘විෂන් කෙයා’, බංගලිදේශයේ අක්‍ෂි ප්‍රතිකාර කාර්යයේ කීර්තියක් හිමිකරගත් බංගලිදේශ අක්‍ෂි රොහල සමඟ ඒකාබද්ධව අන්තර්ජාතික වෙළඳපොළ වෙත සිය සේවාවන් දියත් කරීම ඇරඹීය. එය සංකේතවත් කරමින් ‘BEHI Vision Care’ නමින් නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම පසුගියදා බංගලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රී අසඩුසාමන් නූර් සහ බංගලාදේශ ශ්‍රී ලංකා තානාපති ජනරාල් ක්‍රිෂාන්ත ඩි සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

ලොව ප්‍රකට සුඛෝපභෝගී ඇස් කණ්නාඩි සහ අව් කණ්නාඩි පළමු වරට දේශීය ජනතාවට ලබා දීමේ අරමුණින් Dhaka හි පිහිටි Suvastu Suraiya වෙළෙඳ මධ්‍යන්ථානයේ බිම් මහළේ ඇරඹි මෙම ප්‍රදර්ශනාගාරය තුළින් ඉතාලි අක්‍ෂි ආවරණ නිෂ්පාදනායතනයක් වන Luxottica Group හි ආකර්ෂණීය Ray-Ban, Oakley, MichaelKors, Vogue, Bvlgari, Versace, Giorgio Armani වැනි සන්නාමයන්ගෙන් යුත් විවිධ මාදිලියේ ඇස් කණ්නාඩි රාමු සහ අව් කණ්නාඩි මිලදී ගැනීමේ පහසුකම් ද සැපයෙනු ඇත.

අදහස්