මාලේ ඉදිකිරීම් ප්‍රදර්ශනය මෙවරත් | Page 2 | සිළුමිණ

මාලේ ඉදිකිරීම් ප්‍රදර්ශනය මෙවරත්

මාලදිවයින් ජාතික ඉදිකිරීම් කර්මාන්ත සංගමය සහ Maldives Exhibition & Conference Services පෞද්ගලික සමාගම සංවිධානය කරන Buildex Maldives 2019 ප්‍රදර්ශනය එන අගෝස්තු 22, 23 සහ 24 වැනි දිනයන්හිදී මාලේ නුවරදී පැවැත්වේ.

මාලදිවයිනේ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට එම ප්‍රදර්ශනයෙන් විශාල සහයෝගයක් ලැබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව සහ නවසීලන්තය යන රටවල් නියෝජනය කරමින් එම අවස්ථාව සඳහා ඉදිකිරීම් සමාගම් සහභාගි වීමට නියමිතය. ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය මාලදිවයිනේ ඉතාම වැදගත් ව්‍යාපාර කර්මාන්ත ක්ෂේත්‍රයකි.

පසුගිය වර්ෂ කිහිපයේදී එහි සිදුවූ වර්ධනය සුවිශාලය. මාලදිවයිනේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය සහ අගනුවර වන්නේ මාලේ දිවයිනයි. වාර්ෂිකව රැකියා, ගුණාත්මක සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සොයා මාලදිවයිනේ අනෙකුත් දූපත්වලින් වාර්ෂිකව විශාල ජනතාවක් මාලේ වෙත සංක්‍රමණය වෙති. මෙම තත්ත්වය නිසා මාලේ හි නිවාස කුලියට දීමේ සේවාව සඳහා අතිවිශාල ඉල්ලුමක් මතුව තිබෙන අතර, නිවාස සංකීර්ණ ඉදිකිරීමේ කර්මාන්ත අංශයෙහි වර්ධනයට විශාල පසුබිමක් නිර්මාණය වී තිබේ.

Lanka Exhibitions & Conference Services පුද්ගලික සමාගම විසින් මාලදිවයිනේ ස්ථාපිත කර තිබෙන ඔවුන්ගේ උප සමාගමක් වන Maldives Exhibition & Conference Services සමාගම මගින් එම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි. ඔවුන් විසින් මාලදිවයිනෙහි වාර්ෂිකව සංවිධානය කරනු ලබන තුන් වැනි ප්‍රදර්ශන අවස්ථාව මෙය වේ.

කර්මාන්ත ක්ෂේත්‍රයෙහි සියලුම හවුල්කරුවන් හා පාර්ඒවකරුවන්ට එමඟින් ලැබෙන ප්‍රතිලාභ ඉතා වැදගත් වේ.

Comments