ඩිජිටල් ගෙවීම් හි නව පිටුවක් HNB Solo Wallet | සිළුමිණ

ඩිජිටල් ගෙවීම් හි නව පිටුවක් HNB Solo Wallet

ශ්‍රී ලංකාවට පූර්ණ ඩිජිටල් ගෙවීම් පද්ධතියක පදනම සකස් කරමින් දිවයිනේ වඩාත් නව්‍යකරණය වූ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඔවුන්ගේ නවතම digital wallet සහ payment app යෙදවුම දියත් කල බව දැනුම් දෙයි.

භාවිත කරන්නන් හට පූර්ණ නිදහසකින් යුතුව සහ නම්‍යශීලීව පරිහරණ කල හැකි ආකාරයට සකසා ඇති HNB Solo ඕනෑම ගණුදෙනුවක් ඕනෑම ස්ථානයක සිට මෙහෙයවිය හැකි ලෙස නිර්මාණය කර තිබේ. එය මහා පරිමාණ වෙළෙඳ ආයතනයන්හී සිට කුඩා අලෙවි කුටියක සිදුවන ගණුදෙනු මෙන්ම ත‍්‍රී රෝද රථයකට කරන ගෙවීමක් සඳහා වුවද භාවිත කිරීමට හැකිවීම විශේෂත්වයකි. මේ සම්බන්ධව අදහස් දක්වන හැටන් නැෂනල් බැංකුවේ පාරිභෝගික බැංකු කටයුතු පිලිබඳ නියෝජ්‍ය කළමනාකාර සන්ජේ විජේමාන්න මහතා,” ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් සමග පාරිභෝගිකයින් තම ගණුදෙනු සඳහා ඩිජිටල් ක‍්‍රමයන් වෙත මාරුවන බව අප අත් දකිනු ලැබුවා. ඕනෑම ස්ථානයක සිට කෙටි කාලයක් තුළ පහසුවෙන් තම ගනුදෙනු කටයුතු කිරීමට හැකිවීම මෙම ක‍්‍රමයේ පහසුව වන අතර හඳුන්වා දෙනු ලැබූ Solo eWallet අපගේ පාරිභෝගික ප‍්‍රජාවට එකී මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ක‍්‍රමයක් සඳහා පදනම සපයනු ලබනවා.”

දිවයින පුරා ප‍්‍රධාන ස්ථාන 130 කට සම්බන්ධ වූ විවිධ වෙළඳ ආයතන 300 කට අධික ප‍්‍රමාණයක් හා සම්බන්ධ වී ඇති Solo eWallet පහසුකම Android සහ iOS හරහා ලබාගැනීමේ හැකියාව පවතී.

අදහස්