කොග්ගලට ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයක් | Page 2 | සිළුමිණ

කොග්ගලට ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් සුන්දරා පුද්ගලික සමාගමත් අතර ආයෝජන ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදුවිය. මේ අනුව ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුතු සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක් කොග්ගල දී ඉදිකෙරනු ඇත. ‘The Plantation Luxury Villas in Koggala’ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය තුළින් සංචාරක ව්‍යාපාරය නව පිබිදීමක් ඇති වනු ඇති බවත් ශ්‍රී ලංකාව කෙරෙහි විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය නැවත වර්ධනය කර ගැනීමට මෙය මහගු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී එම මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා කියා සිටියේ “ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් දකුණු පළාතේ ඉහළ පංතියේ සංචාරක නිකේතනයක් ආරම්භ කිරීමට ගිවිසුමකට එළැඹුණු අතර එය 2020 වන විට සාදා නිම කිරීම සඳහා පියවර ගන්නා බවයි.

ඩේල් රෙනී සහ සබ්‍රිනා රෙනී සම්බන්ධවුණු The Plantation ආයතනයත් සමග ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළැඹුණු අතර සංචාරක කර්මාන්තය කඩාවැටී ඇති තත්ත්වයක මේ ගිවිසුම මගින් එම ව්‍යාපාරය නැවත වාරයක් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්නට හැකි වෙන බවයි.

ඉන් පෙන්නුම් කරන්නේ විදේශික ආයෝජකයින්ගේ ලංකාව ගැන තිබෙන විශ්වාසය, සංචාරක ව්‍යාපාරය ගැන තිබෙන විශ්වාසය සහ සංචාරකයින් ඉදිරියටත් ලංකාවට පැමිණෙයි කියලා තිබෙන බලාපොරොත්තුව පිළිබඳ ලොකු විශ්වාසයක් ඔවුන් සතුව ඇති බව යැයිද ඒ මහතා කීය.

ඡායාරූපය - සුලෝචන ගමගේ

Comments