හර්ෂ උඩ­ක­න්දගේ ගෝරි තිර­ග­ත­වීම ඇරැඹේ | සිළුමිණ

හර්ෂ උඩ­ක­න්දගේ ගෝරි තිර­ග­ත­වීම ඇරැඹේ

එම්.පී.අයි. සිනමා මණ්ඩලය ප්‍රථම වරට ඉදිරිපත් කරන හර්ෂ උඩකන්දගේ තෙවැනි සිනමා නිර්මාණය ‘ගෝරි‘ සිනමා පටය පසුගිය 06 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවන් හි තිරගත වීම ඇරැඹිණි. සමාජය පුරා. දූෂණය , භීෂණය , අවනීතිය පතුරවමින් මැර දේශපාලනයෙන් නීතිය නවනා දුර්ජන ඇමැතිවරයකු සහ ඔහුගේ පුතුන් දෙපොළත් , දේශපාලකයන්ගේ අණ නොතකා නීතිය අකුරටම ක්‍රියාත්මක කරනා පොලිස් නිලධාරියෙක් සහ මැරයින් නිසා අසරණ වූ පුංචි සුරතල් දියණියක් වටා ගෝරි කතා පුවත පෙළගස්වා ඇත.

ක්‍රියාදාම ගනයේ සිනමා සිත්තමක් වන ගෝරි හි ශ්‍රියන්ත මෙන්ඩිස්, ආර්යන් කුලරත්න, පහන්දි නෙතාරා (ළමා), රොෂාන් රණවන, පුබුදු චතුරංග, අනුජ් රණසිංහ, වීනු සිරිවර්ධන, ටීනා ෂනෙල්, රජිත හිරාන්, කුමාර රණපුර, සුගත් ජානක, චතුර පෙරේරා, සැනට් දික්කුඹුර ඇතුළු නළු නිළියන් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙති.

කැමරා කරණයෙන් මහේෂ් කරුණාරත්න, සංස්කරණයෙන් තිවංක අමරසිරි, අංග රචනයෙන් ධනුෂ්ක හුලංගමුව, කලා අධ්‍යක්ෂණයෙන් හිමල්ක මධුශාන්, සහය අධ්‍යක්ෂණයෙන් හසිත රාජපක්ෂ, පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් ඩ්‍රීම්ස්, ගීත ගායනයෙන් අශාන් ප්‍රනාන්දු, පහන්දි නෙතාරා, අමිල මුතුගල හා රෙව්කා ද, විධායක නිෂ්පාදනයෙන් කැලුම් උදයකුමාර, නිෂ්පාදනයෙන් නිශාන්ත ජයවර්ධන ද එක් වන මෙම සිනමා පටයේ කාර්මික තිර රචනය, ගීත රචනය හා අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගෙනි.


මානය ජූලි මාසයේ තිරයට

නවක සිනමාකරුවකු වන අංජු ධනංජය අධ්‍යක්ෂකවරයකු ලෙස සිනමාවට හඳුන්වා දෙමින් ‘මානය‘ චිත්‍රපටය එළැඹෙන ජූලි මස සිට ප්‍රදර්ශනයට සූදානම්ව පවතී. ධනපති පංතියේ වැජඹෙන තරුණියක් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කරන පිරිසක් ද, තරුණියගේ හැරවුම් ලක්ෂ්‍යය වෙනස් කිරීමට සූදානම් වන සහෝදරත්වයට එහා ගිය තන්හාවෙන් පිරි සහෝදරයෙක් හා වීදිය ජීවිතය කර ගත් අසාධාරණයට එරෙහිව නැගී සිටි තරුණයකු වටා මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.

මෙයට පෞරාණික දේශීය සටන් කලාවක් වන අංගම්පොර සටන් කලාවද බෙහෙවින්ම දායක කරගෙන ඇත. උපේක්ෂා ස්වර්ණමාලි, වසන්ත කුමාරවිල, පවිත්‍ර වික්‍රමසිංහ, දිලිප් මනෝහර, හේමන්ත ඊරියගම, සුමුදු අමල්ක ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

කැමරාකරණයෙන් ප්‍රසාද් දේවින්ද ගුරුගේ, සංස්කරණයෙන් අනුර බණ්ඩාර, අංග රචනයෙන් කිරන් ජී. සොයිසා, කලා අධ්‍යක්ෂණයෙන් කසුන් මහාවඩුගේ, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල සමගින් සුමුදු අමල්ක, සංගීත අධ්‍යක්ෂණයෙන් හා ගීත ගායනයෙන් නිලන්ත සිරි පතිරණ, වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර ද, එක්වන මෙම සිනමා පටය ඩයන් ෆිල්ම්ස් වෙනුවෙන් රොෂාන් ඉන්දික රළපනාවගේ නිෂ්පාදනයකි.

අංජු ධනංජය විසින් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කර ඇත. 

අදහස්