මෝදි අද එයි | සිළුමිණ

මෝදි අද එයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා එක් දින නිල සංචාරයක් සඳහා අද (9) ශ්‍රී ලංකාවට පැමිණීම‍ට නියමිතය. ඒ අනුව අගමැති මෝදි මහතා අද පෙරවරු 11ට කටුනායක අන්තර්ජාතික ගුවන් ‍ තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර, ඒ මහතා පිළිගැනීමේ උත්සවය එදින දහවල් 12.15ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දීය අග්‍රා‍මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවයෙන් පසු සිදු කෙරෙන පළමු විදෙස් සංචාරය මෙය වේ. මෝදිගේ සංචාරයේ පරිවාර ඇමැතිවරයා ලෙස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පත් කර ඇත.

 

අදහස්