පොසොන් තොරණ-දන්සල් පවත්වන්න පහසුකම් සලසන්න | Page 2 | සිළුමිණ

පොසොන් තොරණ-දන්සල් පවත්වන්න පහසුකම් සලසන්න

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් තොරණ, වෙසක් කූඩු හා දන්සල් ආදිය පවත්වමින් ප්‍රතිපත්ති හා ආමිස පූජා පැවැත්වීමට අදාළ පහසුකම් හා ආරක්ෂාව සලසා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත. ඒ අනුව මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් සියලු ආගමික කටයුතු ප්‍රතිපත්ති පූජා හා ආමිස පූජා යන පින්කම් නොඅඩුව පැවැත්වීමට අනුග්‍රහය දැක්වීම පිණිස අවශ්‍ය කටයුතු කරන ලෙස අගමැතිතුමා බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට ද දන්වා තිබේ.

‍ඊට අමතරව ඒ සියලු ආගමික කටයුතුවලට පූර්ණ ආරක්ෂාව සලසන ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාටද උපදෙස් දී තිබේ.

Comments