ඔයා ඒ පාළු ගෙදර ඇති කියලා මට හිතෙන්නෙ ඇයි අම්මේ! | සිළුමිණ

ඔයා ඒ පාළු ගෙදර ඇති කියලා මට හිතෙන්නෙ ඇයි අම්මේ!

රිය සක පාරණ පාර මඳින් මඳ බෙල­හීන වන බව කියා­පාන වළ ගොඩැලි හේතු­කො­ට­ගෙන නොව සිතෙහි ජනිත වූ චංචල බව විසින් ත්‍රී රෝද රියෙහි තිරිංග තද කෙරිණ.

“කීයක් දෙනවා කිව්වත් අපා­යට නං යන්න බෑ නංගි... බැහැලා වෙන එකක යන­වද... මට තව හදිස්සි ගම­න­කුත් තියෙ­නවා.”

රිය­දු­රුට වුව­මනා වූයේ හැකි­තාක් ඉක්ම­නින් මේ භයං­කර මගි­යා­ගෙන් නිද­හස් වීම­ටය. ඇය පියවි සිහි­යෙන් පසු නොවන වග පෙනෙ­න්නට තිබේ. මේසා තරුණ හා පිය­කරු යුව­ති­යක උම­තු­වෙන් පෙළෙන බව විශ්වාස කිරී­මට ඔහු පැකි­ළු­ණද දෙනෙත හා දෙකන ඒ සඳහා බල කරයි. තමා කළ­යුත්තේ ඇය පිටු දැකීම විනා අනු­ක­ම්පා­වට ඉඩ දීම ‍ෙනාවන බව ඔහු සිතයි.

“අමු­තු­වෙන් යන්න දෙයක් නෑ. අපායේ තමා අපි මේ ඉන්නේ. කටු ඉඹුල ලෝදිය හැළිය හැම තැනම. අඩු­ව­කට තිබුණෙ එල්ලුම් ගහ විත­රයි. දැං ඒකත් හරිනෙ. හිනා­වක් සතු­ටක් සැන­සී­මක් තියෙ­න­වද කිසි කෙනෙ­කුට...? හැම කෙනාම දුකෙන් තර­හෙන්... මීට වඩා අපා­යක් තව කොහෙද. අමාලි කියා­ගෙන ගියේ රිය­දු­රුගේ විම­තිය හෝ කුහුල කිසි­සේත් ම නොත­ක­මිනි. කිව යුතු යමක් වී නම් එක එල්ලේ කියා පාන්නට ඇය කව­දත් මැළි නොවෙයි. ඇගේ මව පවා ඒ පිළි­බ­ඳව අප­මණ වාර­යක් අව­වාද කොට තිබේ.

“හිතට එන හැම­දේම කටින් පිට කරන්න එපා දෝණි...”

චම්පාගේ හඬ දැඩිය. බැල්ම බැරූ­රුම්ය. එහෙත් ඒ කිසි­ව­කින් අමාලි සසල නොවෙයි.

“ඇයි ඒ?” යි ඇය ප්‍රශ්න කරන්නේ දැරි­ය­කගේ නොකි­ළිටි බැල්මක්ද සම­ඟිනි. කුහුල හා විම­තිය මුසු ඒ බැල්ම චම්පා තුළ වන නොඉ­ව­සි­ල්ලද නොම­නා­පය ද තුනී කර දමයි.

“එහෙම තමා අමා. ජීවත් වීමත් කලා­වක්. කලාව කියන දේ ප්‍රගුණ කරන්න ඕන. එහෙම නූණොත් වරද්ද ගන්නවා... කවුරු වුණත් ජීවිතේ...”

ඇය කිසි­යම් ආග­මික පාඨ­යක් උපුටා දක්වන බැති­ම­ති­යක මෙන් ශාන්ත දාන්ත විලා­ස­යෙන් පැව­සු­වාය.

“හා හා... එත­කොට අම්මා ජීවත් වීමේ කලාව කියන්නේ හිතේ තියෙන දේ කටින් නොකියා බොරු කරන එක­ටද...? හිතෙන් වෛර කර කර කට පුරා හිනා­වෙන එක­ටද...?”

කොහෙත්ම අපේක්ෂා නොකළ ඒ ප්‍රශ්නය චම්පාගේ සන්සුන් බව බිඳ දමයි.

“එහෙම නෙවෙයි අමා.. අපි මිනිස්සු එක්ක ගනු­දෙනු කරන පිළි­වෙ­ළක් තියෙ­නවා..”

“ඒත් ඒ පිළි­වෙළ වංචා­වක් නම්...? රැව­ටි­ල්ලක් නම්...?”

“අනේ මට තේරෙන් නෑ අමා... ඔයා එක්ක කතා කරන්න මට තේරෙන්නෙ නෑ... ඔයාට මේ දේවල් පැහැ­දිලි කරන්නෙ කොහො­මද කියලා මට තේරෙන්නෙ නෑ.”

දිය­ණි­යගේ සිති­විලි හා ආකල්ප වෙනස් කර­න්නට තමා අපො­හො­සත් බව වටහා ගත් චම්පා මහත් ශෝක­යෙන් ද කල­කි­රී­මෙන් ද මලා­නි­කව ගියාය.

“තරහ නැතුව බහින්න නංගි..”

ත්‍රීවිල් රියැ­දු­රාගේ හඬ අමා­ලිගේ මත­කය සිඳ බිඳ දමයි.

“මම මොක­ටද ඔයා එක්ක තරහ වෙන්නෙ?” යි ඇසූ යුව­තිය ත්‍රීවි­ල­ර­යෙන් බැස්සාය. ඇය දිගු කළ මුදල් නෝට්ටුව අකැ­මැ­ත්තෙන් මෙන් බාර­ගත් ඔහු සිය රියෙහි වේගය වැඩි කළේය. ඇය ඔහු කෙරෙහි අප්‍ර­සා­ද­යක් ඇති කර නොගත්තේ උද්‍යා­නය දුටු බැවිනි. තමා මෙහි පැමි­ණීම හොඳ බව ඇයට සිතිණ. ඇය උද්‍යා­න­යට ඇතුළු වූයේ පෙර වූ පීඩාව කෙමෙන් සන්සිඳී යන මන­සිනි. නිර­වුල්ව කල්පනා කළ හැකි කදිම ස්ථාන­ය­කට සපැ­මිණි වගට සැන­සෙ­න්නට ඇය තැත් කළාය. එහෙත් දුව පැන නටන ළම­යින්ගේ ඝෝෂාව ඇයට සර­දම් කරති. කොනක බංකු­වක් මත හිඳ­ගත් ඇය දවසේ පළමු වතා­වට සුසු­මක් හෙළු­වාය. සාමා­න්‍ය­යෙන් සුසුම් ලන්නට හෝ කඳුළු සල­න්නට ප්‍රිය නොක­රන ඇය ඒ එක් සුසු­මෙහි ගැබ් වූ ආත්මා­නු­ක­ම්පා­වට ද්වේෂ කළාය.

“අම්මා...” යි ඇය කතා කළේ සිය මව තමා සමී­ප­යෙහි හිඳ­ගෙන සිටින කලෙක මෙනි.

“ඇයි අම්මා මට හිතෙන්නෙ ඔයා අත්ත­ම්ම­ලගෙ ගමේ ඒ පාළු ගෙදර ඉන්නවා කියලා... ඒ ගෙදර නැතත් ඒ ගමේ කොත­නක හරි ඔයා ඉන්නවා කියලා මට හිතෙන්නෙ ඇයි අම්මා...?”

සිතෙහි තෙර­පෙන මේ ශෝකා­කූල සැක සංකා මුවින් පිට කිරීම සහ­නය දන­ව­න්නක් බව ඇයට පසක් වෙයි.

“ඔයා එහෙ නෑ කියලා දැන දැනත් මම එහෙම හිතන්නෙ අර අහි­ගු­ණ්ඨික කොල්ලා හින්දද? ඒ වගේ ඇස් දෙකක් ඒ වගේ බැල්මක් ඒ වගේ කරු­ණා­වක් මම කව­දා­වත් කොහෙ­න්වත් කාගෙ­න්වත් දැකලා නෑ අම්මා මට තේරෙන්නෙ නෑ... ඒත් මට ආයෙ­මත් එහෙ යන්න හිතෙ­නවා... ආයෙ­මත් ඒ කොල්ලව දකින්න ආසයි මට... ඒත් ඒ ආසා­වම මාව බය කර­ව­නවා... මේ මොන පිස්සු­වක්ද කියලා මම මටම තර­වටු කැර­නවා අම්මේ...”

හුදෙ­කලා යුව­තිය දෙව් මැදු­රක පාපො­ච්චා­ර­ණය කරන බැති­ම­ති­ය­ක­ගෙන් වෙනස් නොවූ­වාය. දේව භක්තිය වෙනු­වට ඇගේ තුරුණු ළය මඬල පිරී ඉතිරී තිබුණේ ‍ෙව්දනා­වෙන් හා සොම්නස කැටිවූ බිය­සැක දෙකින්ය. තමා තුළ වන හැඟීම් කව­රේ­දැයි පිරික්සා බල­න්නට ද ඇය පසු­බට ‍වූවාය.

හිටි හැටියේ ඇකය මත පතිත වූ බෝලය ඇගේ නිශ්ච­ල­තා­ව­යට ද පහර දුන් සෙයකි. ඇය හිස නඟා බැලුවේ කෝප­යෙන් නොවේ. ඉම­හත් කුහු­ලිනි. ඇගේ දෙන­යන මුළු මහත් අව­ධා­නය දිනා ගත් කුඩා කොලුවා බියෙන් හා ළතැ­වු­ලින් හැකිලී ගොසිනි.

“මගෙ බෝලේ...” යි ඔහු අතක් ද දිගු කර­මින් අව­ධා­ර­ණය කළේය.

“බෝලෙ ඔයාගෙ නං මගේ ඔඩො­ක්කුවේ තියෙන්නෙ කොහො­මද?” යි අස­මින් ඇය බෝලය දෑතින් ගත්තාය.

“අ... අනේ... මගේ බෝලේ” යි ඔහු හැඬු­ම්බර හඬින් තැත­නු­වේය.

“අෂේන්...”

ඇය අපේක්ෂා කළේ ඔහුගේ පියාගේ මෘදු ස්වරය වුවද දෙකන රිද­වන තර­මට උස් හඬින් නැඟුණේ කාන්තා ස්වර­යකි.

“මට ලේට් වෙනවා අෂේන්”

ඒ ස්වරය සේම ඇගේ පෙනු­මද ඒ තරම් සිත්ගන්නා සුලු එකක් නොවීය. විල­වුන් ආලේප ආදිය නොම­ඳව භාවිත කර තිබෙන බව පෙනී ගියක ඇගේ බබ­ළන මුහුණේ ආද­ර­ණීය බවක් ගැබ්ව නොති­බිණ.

“අම්මා... මගේ බෝලේ..”

අෂේන් සන්තා­ප­යෙන් කොඳු­ළේය.

“ආ... මේ මොකද මේ?”

තව­මත් බෝලය ඇකය මත තබා­ගෙන නිහ­ඬව පසු­වන යුව­තිය දෙස ඇය හෙළුවේ නොප­හත් බැල්මකි.

“දෙන්න දෙන්න.. ඕක අෂේන්ගේ බෝලෙ..”

ඇගේ අධි­පති ස්වරය රිස්සුම් නොදුන් බැවින් අමාලි කිසි­වක් කිය­න්නට තබා ඇඟි­ල්ලක් හෝ සොල­ව­න්නට වෑයම් නොක­ළාය.

“ලැජ්ජ නැද්ද අනු­නගෙ දේවල් තමුන්ගෙ වගේ ළඟ තියා­ගෙන ඉන්න?”

“මං හොරෙන් ගත්තෙත් නෑ... උදු­ර­ග­ත්තෙත් නෑ...”

අමාලි කතා කළේ ද නොම­නා­පය වෑහෙන හඬිනි.

“ඔය බෝලේ දෙන්න මේ ළම­යට. ඔයා හොඳට ම දන්න­වානේ ඕක මෙයාගෙ කියලා...”

“හොඳට ම දන්නවා කියලා හිතු­වට සම­හර වෙලා­වට අපි මුකුත්ම දන්නෙ නෑ මැඩම්..”

යුව­ති­යගේ මුවින් පිටවූ “මැඩම්” යන ආම­න්ත්‍ර­ණ­යෙහි ගෞර­වය වෙනු­වට ගැබ්ව තිබුණේ එක්තරා අන්ද­මක අව­ඥා­වකි. ඒ බව වැට­හු­ණෙන් කාන්තාව කිපු­ණාය. ළය දවන කෝපය යට­පත් කර­ග­න්නට ඇය වෙහෙ­සක් නොදැ­රු­වාය.

“ඔයාට ඔතන උඩ බලා­ගෙන ඉන්න පුළු­වන් වුණාට මට එහෙම නාස්ති කරන්න කාලය නෑ. ඕනම නම් ඔයා ඔය බෝලෙ තියා­ගන්න. එක බෝලෙට දහ­යක් ගන්න මට බැරි­ක­මක් නෑ..”

“ඉතිං දහ­යක් බැරි නම් විස්සක් ගන්න... මට මොකද...” යි සෝප­හාස සරින් කිය­මින් අමාලි බෝල­යෙන් දමා ගැසු­වාය. තමා ප්‍රිය කරන කුඩා කොලු­වාගේ මව සතු අගනා අව් කණ්ණාඩි කුට්ටම බිඳ දම­න්නට ඇයට කොහෙත් ම වුව­මනා වූයේ නැත. එහෙත් එවන් චේත­නා­වක් නොවු­ණද ඒ අලං­කාර අව් කණ්ණා­ඩිය බිඳී ගියේය.

අෂේන් බෝලය අහුලා ගත් අතර ඔහුගේ මව කෝප­යෙන් වියරු වැටු­ණාය.

“මොකක්ද ඒ කළේ?”

“බෝලෙ ඉල්ල­ලානෙ නහ­යෙන් ඇඬුවෙ.. ඉතිං බෝලෙ දුන්නා...”

“තමුසෙ දන්න­වද මේ සන්ග්ලා­සස් මට කැන­ඩා­වල ඉන්න යාළු­වෙක් දුන්නු ප්‍රසන්ට් එකක් කියලා... බල­නවා ඒක බිඳලා දැම්මා මෝඩි­යක් වගේ..”

කෝප­යෙන් පුපුරු ගස­මින් ඇය අමාලි වෙත නැඹුරු වූවාය.

“අෂේන්... ඔයාගෙ අම්මට කියන්න මාව අතා­රින්න කියලා. ඔයා ඉස්ස­රහ ඔයාගේ අම්මට ගහන්න මම කැමති නෑ...”

යුව­තිය නැගී සිටි­න්නට වෑයම් කළාය. එහෙත් ඊට ඉඩ ‍නොදුන් ගැහැ­නිය ඇයට අතුල් පහ­රක් එල්ල කළාය.

“එපා... අනේ එපා... ගහන්න එපා”

අෂේන් බියෙන්ද ශෝක­යෙන්ද හඬ ගෑවේය. මේ යුව­තිය ඉහළ අත්තක රැඳුණු බෝලය තමාට ලබා දුන් බව ඔහුට අම­තක කළ නොහැක. පියා සමඟ සිටියේ නම් ඔහු ඇගේ ඇක­යට පනි­නවා නොඅ­නු­මා­නය. එහෙත් වහා කෝප­යට පත්වන මව අබි­යස ඔහු හිත මිතු­රු­කම් පාන්නට මැළි විය. ඇය සිය පුත්‍රයා කිසි­වෙකු සමඟ මිතුරු සමා­ගම් පව­ත්වනු දකි­න්නට ප්‍රිය නොක­ළාය.

“ඔයාට මොකක්ද හරේන් එක්ක තියෙන කතාව? හරේන්ගේ අම්මා මහ කට්ට ගෑනි­යෙක්. මං නම් ආසම නෑ.”

පන්ති කාම­රයේ මිතු­රෙකු සමඟ වුව ඇයට පෙනෙ­න්නට කතා බහ කර­න්නට ඔහු අක­මැති වන්නේ එබඳු කියුම් හේතු­කො­ට­ගෙ­නය.

ලබන සතියට‍...

අදහස්