ප්‍රශ්නයෙන් ගැලවෙන්න වෛද්‍ය සභාවට බෑ! | සිළුමිණ

ප්‍රශ්නයෙන් ගැලවෙන්න වෛද්‍ය සභාවට බෑ!

වෛද්‍ය ෂාෆි සම්බන්ධ සිද්ධිය පිළිබඳ තමන් දැනුවත් නැතැයි වගකීමෙන් නිදහස් වීමට වෛද්‍ය සභාවට බැරි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේය. එහිදී ඔහු පවසා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

ආගමික ප්‍රශ්නයක් මුල් කරගනිමින් වෛද්‍යවරුවන් සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පැනනැඟී ඇති බවත්, මෙවැනි ගැටලු මතුව ඇත්තේ වෛද්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොවන බවත් විනිශ්චයකාරයන්, ඉන්ජිනේරුවන් වැනි අයට පාවා මෙවැනි ප්‍රශ්න පැන නැඟී ඇති බවත් ඒ මහතා පැවසීය.

එනිසා මෙය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් කී අමාත්‍යවරයා, ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුව පිළිගැනීමට අකැමැති නම් වෛද්‍ය සභාව ඊට මැදිහත් වී නිසි පියවර ගත යුතු බවද ප්‍රකාශ කළේය.

Comments