මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට | Page 3 | සිළුමිණ

මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

වවුනියාවේ ඕමන්ත මානික්කඉලුප්පකුලම් හන්දිය අසලදී 30 දා සවස මෝටර් රථයක් ගසක හැපීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කළ හතර දෙනාගෙන් එක් අයෙකු 30 දා රාත්රීන මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව සී.සී.ටී.එම්.එස්.විද්‍යාලයේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කොට විශ්‍රාම ලද සී.වයියාන්පුරීනාදන්  නැමති අයයි. මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සුලු තුවාල ලද පුද්ගලයෙකු රෝහලෙන් පිටව ගොස් තිබේ.

යාපනය -මහනුවර ඒ- 9 මාර්ගයේ අධික වේගයෙන් මෝටර් රථය වවුනියාව දෙසට ගමන් කරමින් තිබියදී එය පාරෙන් ඉවතට පැන ගසක හැපුණු බව සිද්ධිය සියැසින් දුටුවෝ පැවසූහ.
 
අනතුරට පත් වූ මෝටර් රථයේ ගමන් කොට ඇත්තේ එකම පවුලේ පිරිසක් වන අතර ඔවුන් යාපනයට ගොස් ආපසු වවුනියාවේ කෝවිල්කුලම ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. වවුනියාව ඕමන්ත පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Comments