ඒ කාලේ හරි ලස්ස­නයි | සිළුමිණ

ඒ කාලේ හරි ලස්ස­නයි

 

හැම­දාම හැන්දෑවෙ
මළ හිරු ළං වෙන කොට
ඈත කඳු යායට
කෙත් යාය මැද්දෙන්
අපි පන්සල් ගියපු
කාල­යක් තිබුණා...
පන්සලේ ඝණ්ටාර සද්දෙට
පන්ස­ලට එකතු වී
හැමෝම
පොඩි හාමු­දු­රුවෝ තාල­යට කියන
ජාතක කතා අහපු
කාල­යක් අපට තිබුණා.....
වෙසක් පොහො­යට
මැටි පහන් දල්වලා
මැටි පිළ මත
පේළි­යට එකි­නෙ­කක් ඇහි­රුව
ගෙයක් පාසා අඳුර දුර­ලුව
කාල­යක් අපට තිබුණා...
කාල­යම වෙනස් වී
දැන් මත­ක­යක් පමණි
ගම හුඟක් වෙනස් වෙලා

ඩබ්. කවිඳු දිල්ෂාන්
13 ශ්‍රේණිය ‘බී’,
කලා අංශය,
ඇහැ­ළි­ය­ගොඩ මධ්‍ය මහා විද්‍යා­ලය,
ඇහැ­ළි­ය­ගොඩ
 

Comments