Emjay-Penguin පැළ 4,000ක් සිටුවීමේ වැඩසටහනක් | Page 2 | සිළුමිණ

Emjay-Penguin පැළ 4,000ක් සිටුවීමේ වැඩසටහනක්

2005 වසරේදී පිහිටවූ Emjay-Penguin ඇඟලුම් නිෂ්පාදන ආයතනය, මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද අර්ථවත් අයුරින් සමරනු වස් 4,000ක් වූ ස්වකීය සේවක මණ්ඩලයට, වියළි ආහාර මල්ලක් හා පැළයක් බැගින් පරිත්‍යාග කළේය. අවුරුදු නිවාඩුව සඳහා සේවකයන් ගම් බලා යෑමට ප්‍රථමයෙන් සිදු වූ මේ පරිත්‍යාගය, ආයතනයේ ‘අත්වැල’ සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් මහඟු සත්කාරයකි.

අලුත් අවුරුද්ද සැමරීම සඳහා බඩු මල්ල රුකුලක් වන අතර, වැඩ ඇල්ලීමේ නැකතේදී පැළයක් සිටුවමින් පරිසරය සුරැකීමට සේවක ප්‍රජාව උනන්දු කරවවීම සහ අනාගත පරපුර වෙනුවෙන් කළ හැකි මහඟු ආයෝජනයක් වන රුක් රෝපණය, හැකි සෑම අවස්ථාවකම කළ යුතුය යන පණිවුඩය ලබා දීම මෙහි අරමුණු වේ.

දිවයින පුරා විසිරී ඇති Emjay-Penguin ඇඟලුම් නිෂ්පාදන ආයතනයේ ශාඛා අවට වැසියන්ට, අත්වැලක් වීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘අත්වැල’ වැඩසටහන යටතේ වෛද්‍ය කඳවුරු, ලේ දන් දීමේ කඳවුරු, පාසල්වලට පොත් පරිත්‍යාග කිරීම්, රුක් රෝපණ වැඩසටහන්, පාසල් හා රෝහල්වලට පරිත්‍යාග කිරීම්, වෘත්තීය මාර්ගෝපදේශ සහ පරිසරය පිරිසුදු කිරීම් ආදිය සිදු වෙයි. විශේෂයෙන් පාසල් දරුවන්ගේ ජල හා සනීපාරක්ෂක පහසුකම් නංවාලීමට, ‘අත්වැල’ වැඩි වශයෙන් අවධානය යොමු කරයි.

Comments