ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට නවීන පුහුණු උපකරණ | සිළුමිණ

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට නවීන පුහුණු උපකරණ

මෙරට ජර්මානු තානාපති, ජෝර්න් රොඩ් සහ ස්ටැසන් ගෲප් සභාපති හැරී ජයවර්ධන මහත්වරුන්ගේ යෝජනාවක් අනුව, ජර්මානු සහයෝගිතා ආයතනයේ (Giz) මැදිහත් වීමෙන් මොරටුව සහ කිලිනොච්චිහි පිහිටි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන වෙත නවීන පුහුණු උපකරණ විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කෙරිණි.

ඒ අනුව හයි‍බ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන තාක්ෂණය, වායු සමීකරණ, මෙකා ට්‍රොනික්ස්, පර්යේෂණ සහ නව නිර්මාණ ඇතුළු පොදුවේ ඔටෝ මොබයිල් මෝටර් කාර්මික අංශයට අදාළ අතිනවීන තාක්ෂණික පුහුණු උපකරණ තොගයක්, ස්ටැසන් ගෲප් වෙතින් මෙම කාර්මික විද්‍යාල දෙකට ලැබිණි. රුපියල් මිලියන 350 ක වටිනාකමින් යුතු මේ පුහුණු උපකරණ ප්‍රදානය සඳහා ජර්මානු තානාපති ජෝර්න් රොඩ්, ස්ටැසන් ගෲප් සභාපති හැරී ජයවර්ධන, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ සහ විදුහල්පති එස්පීකේ අමරසිංහ යන මහත්වරු සහ ස්විට්සර්ලන්ත බලධාරීහු රැසක් සහභාගි වූහ‍.

Comments