රංගන ක්ෂේත්‍රයේ දිගු­ග­ම­නට සැරසෙන ආකාෂ් | සිළුමිණ

රංගන ක්ෂේත්‍රයේ දිගු­ග­ම­නට සැරසෙන ආකාෂ්

මේ දිනවල සිනමා කලාවට අභියෝගයක් ඉදිරියට එන රූපණ කලාංගයක් වන්නේ ටෙලිනාට්‍ය කලාවයි. ටෙලි නාට්‍ය රංගනයට බෙහෙවින් ප්‍රිය කරන ආකාෂ් බුද්ධි පතිරත්න අද රසඳුන මීළඟ පරපුරට අපි පිළිගතිමු.

මීරිගම රේන්දපොළ ගමෙහි උපන් ආකාෂ් මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවේය. පාසල් කාලයේ සිටම වේදිකා නාට්‍යවලට සහභාගි වෙමින් රංගනයට ආදරය කළ ආකාෂ් පාසල් කාලයෙන් පසුව රංගන ශිල්පී රුවන් පෙරේරාගේ අනුදැනුම යටතේ රංගනය ඉගෙනගනිමින් රවිඳු විජේරත්නගේ ‘උරුමක්කාරයෝ, ටෙලි නාට්‍යයේ ප්‍රථමවරට රංගනයෙන් සහාය දැක්වීමට වරම් ලැබුණේය. ඉන් නොනැවතුණු ආකාෂ් ‘උමතු, වැඩසටහනේද ‘සූරිය වච්චස, හා ගමනාන්තය වැනි ටෙලිනාට්‍ය වලටද රංගනයෙන් දායකවී තිබේ. එමෙන්ම මේ දිනවල විකාශය වන හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ පාසල් සිසුවකුගේ චරිතයෙන් අප හා එක්වන්නේය.

‘මට ඕන ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වෙන්න. ලැබෙන ඕනෑම චරිතයක් කරන්න මම මගේ සියලුම කැපකිරීම කරනවා. මේ ගමන එන්න අතහිත දුන් සියලු දෙනාටමත්, විශේෂයෙන්ම මගේ මවුපියන්ටත් රුවන් පෙරේරා අයියටත් ස්තූතිවන්ත වෙනවා.

රංගන ක්ෂේත්‍රයේ දිගුගමනක් යෑමේ සිහිනයක් ඇති ආකාෂ්ට අපිත් සුබපතමු.

ඔහුට ලියන්න -26/1-a

දිවුලපිටිය පාර, රේන්දපොළ, මීරිගම.

රන්සික


කොළඹ නාට්‍ය කතිකාව

‘බර්ලින් හී රංග පාසල ‘ වාර්තා චිත්‍රපටය හා සංවාදය මේ මස 28දින සවස 5.00ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදි පැවැත්වේ. මෙම අවස්ථාවට නොමිලේ සහභාගි විය හැකිය.


සුළඟ අප රැගෙන යාවි දින 50 පසු කරයි

ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා නිර්මාණයක් ලෙස බිහි වූ ‘සුළග අප රැගෙන යාවි, නුවන් ජයතිලකගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. එය පසුගිය 10 වැනි සිකුරාදා විජයග්‍රාහී දින 50 පසු කළේය.

රටේ වත්මන් තත්ත්වය හමුවේ, විවිධ බාධක මැද්දේ නවක සිනමාකරුවකු ලෙස තම ප්‍රථම නිර්මාණය සාර්ථක දින පනහ පසු කරමින් තිබීම ශ්‍රී ලංකාවේ සිනමාව ලැබූ සුවිශේෂී සිදුවීමකි. එය අපේ සිනමාවේ මතු දවස පිළිබඳවද උද්යෝගකර වූ නිමිත්තකි.

Comments