ශ්‍රීලනිපයේ ළඟදීම තනතුරු වෙනසක් | සිළුමිණ

ශ්‍රීලනිපයේ ළඟදීම තනතුරු වෙනසක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක් ඉදිරි සතියේදී වෙනස් වන බවත්, නව තනතුරු කිහිපයක් ලබා දීමට පක්ෂය සැලසුම් කර ඇති බවත් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිළුමිණට පැවසීය. ශ්‍රීලනිපය දිස්ත්‍රික් මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක් කරන බවද, ඉදිරි සති කිහිපය තුළ ප්‍රාදේශීය වශයෙන් දැනුම්වත් කිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවද පක්ෂ මහලේකම්වරයා අවධාරණය කළේ ය.

ලබන අඟහරුවාදා (28) පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම නිලධාරීන් රැස් වන බවත්, එහිදී තවත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවත් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Comments