විසි වසරකට පසු ත්‍රිවිධ හමුදාවට වාසි | සිළුමිණ

විසි වසරකට පසු ත්‍රිවිධ හමුදාවට වාසි

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව, දෛනික යහපැවැත්ම දීමනාව, නිල ඇඳුම් දීමනාව සහ කොමාන්ඩෝ දීමනාව වසර 20කට පසුව වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ඒ යටතේ ජූලි මස 1 වැනිදා සිට ගෙවල් කුලී දීමනාව දෙගුණ කර ඇති අතර, කොමාන්ඩෝ දීමනාව මසකට රු. 1000 සිට රු. 5000 දක්වා වැඩි කර තිබේ. මාසික සලාක දීමනාවද ජනවාරි 1 වැනිදා සිට සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇත. ඒ අනුව රු. 19,000ක් වූ නිලධාරි සලාක දීමනාව රු. 23,231 දක්වාද, සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රු. 17,000 සිට රු. 19,350 දක්වාද වැඩි කර තිබේ.

මේ දීමනා වැඩි කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව ඇති අතර, මෙවර අය-වැයෙන් දැක්වූ පරිදි ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්හි ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතුළත් අංක 02/2019 චක්‍රලේඛයද නිකුත් කර ඇත.

 

Comments