බොරු කියා රට රැවටූ පොලිස් ලොක්කෝ හෙළිවෙති | සිළුමිණ

බොරු කියා රට රැවටූ පොලිස් ලොක්කෝ හෙළිවෙති

පාස්කු ඉරිදා ප්‍රහාරය අවස්ථාවේ වගකීම් පැහැරහරිමින් කටයුතු කළ ඉහළ පොලීස් නිලධාරීන් රැසක් සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර විමර්ශනයක් සිදු වෙමින් පවතින අතර, එහිදී සාවද්‍ය ලෙස හැසිරුණු පොලිස් නිලධාරීන් රැසක් පිළිබඳ කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් මෙන්ම පොලිස් ස්ථානාධිපතිරිවරුන්ද සිටින බවත්, ඔවුන්ට අදාළ චෝදනාපත්‍ර ගොනු වනු ඇති බවත් මේ ආරංචි මාර්ගවල දැක්වෙයි.

මීට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කරන ලද අතුරු වාර්තා දෙකකට අනුව මේ වන විට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

මේ උපදෙස්වලට අනුව මේ වන විට පරීක්ෂණ ආරමභ වී ඇති අතර, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන් සම්බන්ධව මේ පරීක්ෂණ ආරම්භ වී ඇත.

 

අදහස්