ජනපතිගෙන් මෝදිට ඇමතුමක් | Page 3 | සිළුමිණ

ජනපතිගෙන් මෝදිට ඇමතුමක්

 මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය සිකුරාදා සවස දුරකතනයෙන් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ සුබපැතීය.

දුරකතනය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පිළිසඳරක යෙදුණු ජනාධිපතිවරයා මෝදි මහතාගේ ජයග්‍රහණය පිළිබඳ සිය සතුට පළ කළ අතර, ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ නායකත්වයට යළි පත්වීම සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලංකාවම සතුටුවන බව ප්‍රකාශකොට ඇත. එමෙන්ම දෙරට අතර සහයෝගයට වැදගත් වන තවත් කරුණු රැසක් පිළිබඳ එම දෙපළ සාකච්ඡා කොට ඇත. 

Comments