සිංහල ඩය­ස්පෝරා සාහි­ත්‍යයේ නව පැති­ක­ඩක් කැන්ගරු වන්නම | සිළුමිණ

සිංහල ඩය­ස්පෝරා සාහි­ත්‍යයේ නව පැති­ක­ඩක් කැන්ගරු වන්නම

කර්තෘ-ලක්ෂ්මන් කොඩි­තු­වක්කු
ප්‍රකා­ශ­නය - සුරස ප්‍රකා­ශ­කයෝ

ලක්ෂ්මන් කොඩි­තු­ව­ක්කුගේ ‘කැන්ග­රු ­ව­න්නම’ නව­ක­තාව සිංහල නව­කතා සාහි­ත්‍යයේ වප­ස­රිය පුළුල් කරන කෘති­ය­කැයි මම සිතමි. විප්‍ර­වාසී සිංහල ජන­යාගේ ජීවන අන්ද­රය හෙවත් සිංහල ඩය­ස්පෝ­රාවේ දිවි පැවැත්ම අපගේ සාහි­ත්‍ය­යට නව භූමි ප්‍රදේ­ශ­යකි. ගෝලීය ධන­වා­දයේ ආස්වා­දය සොයා දියුණු රට­වල් කරා ඇදී යන මැද පන්තියේ සිංහල ප්‍රජාව එකී දේශ­යන්හි පැළ වෙන්නට දරන තැත යථා­රූ­ප­යෙන් විමසා බැලෙන නව­කතා අත­රට අලු­තෙන් ම එක් වූ ප්‍රබ­න්ධය ලෙස ‘කැන්ගරු වන්නම’ හඳුන්වා දිය හැකිය.

‘කැන්ගර් වන්නම’ සිංහල නව­කතා කලා­වට අපූ­ර්ව­ත්ව­යක් එක් කර­නුයේ එහි අන්ත­ර්ගත සිද්ධීන් හා චරි­ත­වල ප්‍රබ­ල­ත්වය නිසා පම­ණක් ම නොවේ. විප්‍ර­වා­සි­යකු වන ලේඛ­කයා සිය අත්දැ­කීම් මනා පරි­ක­ල්ප­න­ය­කින් යුතුව නව­ක­තා­වක් බවට පරි­ව­ර්ත­නය කිරී­මට දක්වන සම­ත්කම ද එහි සාර්ථ­ක­ත්වය කෙරෙහි බලපා ඇති බව පෙනේ. විප්‍ර­වා­සීන්ගේ ජීවිත අළලා ලිය­වෙන බොහෝ නව­ක­තා­වල දක්නට ලැබෙන ප්‍රධාන දුර්ව­ල­තා­වක් වනුයේ කතා­ක­රුවා අත්දැ­කීම වාර්තා­කාරී ලෙස ඉදි­රි­පත් කිරීම ය. ඇතැම් විටෙක ව්‍යාජ මවා­පෑ­මක් කිරී­ම­ටද සම­හර ලේඛ­කයෝ උත්සාහ දරති. එහෙත් ලක්ෂ්මන් කොඩි­තු­ව­ක්කුගේ ‘කැන්ගරු වන්නම’ පුරා දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්ෂ­ණ­යක් වනුයේ ඔහු දැඩි අව්‍යාජ බව­කින් යුතුව කතාව ගොඩ­න­ගන ආකා­ර­යයි.

අතී­තා­ව­ර්ජ­න­ය­කින් ඇර­ඹෙන කතාව ආර­ම්භ­යේ­දීම පාඨ­කයා සිය ග්‍රහ­ණ­යට ගන්නා කතා­කරු කෙමෙන් කෙමෙන් කතාව දිග හරි­නුයේ දැඩි හෘද­යාං­ගම බව­කින් යුතුව ය. මේ කතාවේ කේන්ද්‍රීය චරි­තය ලෙස පාඨ­කයා හමු­වට පිවි­සෙ­නුයේ ජිනේ­නු­නම් තරුණ නැට්ටු­වෙකි. අවි­ධි­මත් ලෙස ඕස්ට්‍රේ­ලි­යා­වට සංක්‍ර­ම­ණය වන ලාංකි­ක­යන් මුහුණ දෙන සැබෑ අභි­යෝග ජිනේන්ද්‍ර ඇතුළු තවත් චරිත ගණ­නා­වක් ඔස්සේ ලේඛ­කයා විසින් චිත්‍ර­ණය කරනු ලබන්නේ පාඨක සිත්ස­තන් තුළ දොම්නස මෙන්ම සොම්නස ද ජනිත කර­ව­මිනි.

නව­ක­තා­ක­රු­වකු සතු විය යුතු සුවි­ශේෂ ගුණාං­ග­යක් වන මිනිස් සිත විනි­විද දැකීමේ හැකි­යාව අතින් ද ලක්ෂ්මන් කැපී පෙනෙන හැකි­යා­වක් පෙන්නුම් කරයි. ඔහුගේ කතා නාය­කයා වන ජිනේන්ද්‍ර වැනෙ­න­සුලු හිත නිරූ­ප­ණය කිරී­මට දක්වන සම­ත්කම මීට කදිම නිද­සු­නකි. ජිනේන්ද්‍ර යනු සම්ප්‍ර­දා­යික ලාංකි­ක­යකු වන අත­රම කැන්ගරු දේශයේ නව සංස්කෘ­තික ප්‍රවා­හ­යට ද ඇල්මක් දක්වන දෙබිඩි චරි­ත­යක් ලෙස නව­ක­තාව තුළ ස්ථාන­ගත කිරී­මට ලක්ෂ්මන් සමත් වෙයි. වරෙක ඔහු ලංකාවේ වෙසෙන සිය බිරිය වන සුග­න්ධි­කාත් සමඟ මන­සින් දැඩි ව බැ‍ඳෙයි. සිඟිති දිය­ණිය ගැන සිත­මින් ළතැ­වෙයි. ඒත් සමඟ ම ඔස්ට්‍රේ­ලි­යා­වේදී මුණ­ගැ­සෙන මජීමා නම් ලාංකික තරු­ණි­යට වසඟ වී ඇය වෙනු­වෙන් දිවි පුදන තර­මට සමීප වෙයි.

මජී­මාගේ චරි­තය මඟින් ලක්ෂ්මන් පෙර­දිග කලා­පයේ ගැහැ­නිය අර­බයා පනවා තිබෙන ගතා­නු­ග­තික කඩ­ඉම් බිඳ දමන්නේ ලේඛ­ක­යකු සතු විය යුතු ඉදි­රි­ගාමී සමාජ දැක්ම අපූ­රු­වට පෙන්නුම් කර­මිනි. ඕස්ට්‍රේ­ලි­යාව බඳු ඔහු සංස්කෘ­තික හා බහු­වා­ර්ගික දේශ­යක නිද­හ­ස්කාමී සිතු­ම්පැ­තුම් සමඟ ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත මිනි­සුන් අතර කොදෙව් මාන­සි­ක­ත්ව­යෙන් පෙළෙන ජිනේන්ද්‍ර වැන්නන් වෙත මජීමා හරහා ලක්ෂ්මන් එල්ල කරන අභි­යෝ­ගය ඉතා ප්‍රබල ය. තම අර­මුණු සපු­රා­ගැ­නීම සඳහා පම­ණක් කායික ව බැ‍ඳෙන ගැහැන්නු හා මිනි­සුන් අතර ගොඩ­නැ‍ඟෙන තාව­කා­ලික සබ­ඳතා මානව ප්‍රේමය ලෙස වර­දවා තේරුම් ගන්නා ජිනේ­න්ද්‍රට මිනිස් ජීවි­තයේ ගැඹුරු බැඳීම් හට­ග­නුයේ කෙසේද යන පාඩම ඕස්ට්‍රේ­ලි­යා­වේදී ඉගෙන ගැනී­මට සිදු­වීම එක්තරා ආකා­ර­යක දෛවයේ සර­ද­මක් බඳුය.

ග්ලෝරියා නමැති ඕස්ට්‍රේ­ලි­යානු ගැහැ­නි­යගේ චරි­තය ‘කැන්ගරු වන්නම’ නව­ක­තාවේ හමු­වන තවත් අපූරු මිනිස් දුවකි. ලංකාවේ වෙසෙන නිල බිරිය වන සුග­න්ධි­කාගෙන් ද දුරස් වී මජීමා සමඟ ව්‍යාජ පෙම්ද­මක පැටලී සිටින ජිනේ­න්ද්‍රට අව­සා­නයේ පිළි­ස­රණ වන්නේ ග්ලෝරියා ය. රූමත් තරු­ණි­යක වන මජීමා වෙතින් කායික ආස්වා­දය ලබ­මින් එක ම කුටි­යක වෙසෙන ජිනේන්ද්‍ර අනා­ගත සිහින මව­නුයේ දෙදෙ­නා­ගේම පුර­වැ­සි­භා­වය ලබා­ගැ­නී­මෙන් ඉක්බිති කැන්ගරු දේශයේ නව ජීවි­ත­යක් ඇර­ඹී­මට ය. එහෙත් මජීමා එවැනි සිහින ලොවක අත­රමං වූ එකි­යක් නොවේ. ඇය කැන්ගරු සංස්කෘ­තිය මෙන්ම සමාජ පසු­බිම මනා ලෙස වට­හා­ගත් දුර­දක්නා නුව­ණක් ඇති තරු­ණි­යකි. මෙවන් සමා­ජ­යක ඇති වන කායික බැඳී­ම්වල කිසිඳු ප්‍රේම­නීය අග­යක් නොමැති බව ජිනේ­න්ද්‍රට පසක් කර දෙනු ලබ­න‍ුයේ මජීමා විසිනි.

‘කැන්ගරු වන්නම’ නව­ක­තාව මඟින් ලක්ෂ්මන් කොඩි­තු­වක්කු ලේඛ­කයා අප රටේ වාර්ගික ගැට­ලුව වෙතද බැල්මක් හෙළ­න්නට තැත් කරයි. ඕස්ට්‍රේ­ලි­යාවේ ගල් වී­මට පෙරුම් පුරන ලාංකි­කයෝ එකම වහ­ල­යක් යට දුක සැප එකට බෙදා ගනි­මින් මනා සහෝ­ද­ර­ත්ව­ය­කින් යුතුව ජීවත් වෙති. සිංහල, දෙමළ හෝ මුස්ලිම් වාර්ගි­ක­ත්වය පිළි­බඳ ගැට­ලු­වක් ඔවුන් අතර මතු නොවේ. එහෙත් ඇතැ­මුන් එසේ සම­ගිව සිටි­නුයේ ව්‍යාජ ලෙස බව කතාවේ ඇතු­ළත් සම­හර සිදු­වීම් ඔස්සේ ලේඛ­කයා අපට පෙන්වා දෙයි. දුර්ව­ලව, අස­ර­ණව සිටින විට තාව­කා­ලික ලෙස සමගි වන ඔවුන් තනි­වම දෙප­යින් සිට­ග­න්නට සමත් වූ සැණින් වාර්ගික හැඟිම් ඉස්මතු කර ගනිති. එකි­නෙකා පාවා දෙති. මේ දුබ­ල­තාව වාර්ගික ලක්ෂ­ණ­යක් නොව පොදු මානව ස්වභා­ව­යක් බව ‘කැන්ගරු වන්නම’ නව­ක­තා­වෙන් පෙන්වා දීමට ලක්ෂ්මන් දරන තැත අගය කළ යුතුය. සුපුන් නම් සිංහල තරු­ණ­යාත් ගනේෂ් නමැති දෙමළ තරු­ණ­යාත් අතර පව­තින සම­ගිය මෙන්ම විස­ර­ක­භා­වය කදිම ලෙස නිරූ­ප­ණය කිරීම මඟින් ලක්ෂ්මන් මේ කටුක සත්‍යය අපට වටහා දෙයි.

කැන්ගරු දේශයේ පුර­වැ­සි­භා­වය ලද ලාංකික සිංහල ජනයා ඕස්ට්‍රේ­ලි­යාව ද පුංචි ලංකා­වක් කර­ගැ­නී­මට දරන නිර­ර්ථක උත්සා­හය දෙස ද ‘කැන්ගරු වන්නම’ අව­ධා­නය යොමු කරයි. ශ්‍රී ලාංකි­ක­යකු වශ­යෙන් සිංහල ඩය­ස්පෝ­රාවේ මෙබඳු ක්‍රියා­කා­ර­කම් දෙස උපේ­ක්ෂා‍ස­හ­ගත ලෙස බැලී­මට ලක්ෂ්මන් සමත්ව සිටීම ද පැස­සිය යුතු කරු­ණකි.

‘කැන්ගරු වන්නම’ නව­ක­තාව හුදු එක් ලාංකි­ක­යකු හෝ ලාංකික පවු­ලක් කේන්ද්‍ර­ගත නොක­ර­ගෙන පොදුවේ එහි වෙසෙන සිංහල ඩය­ස්පෝ­රාවේ ජීවන ප්‍රවා­හය වෙත පුළුල් බැල්මක් හෙළූ නව­ක­තා­වක් බවට පත් වන්නේ ලක්ෂ්මන් කොඩි­තු­වක්කු නමැති ලාංකික ලේඛ­කයා සතු අව්‍යාජ අත්දැ­කීම් සමු­දාය හේතු­වෙ­නැයි මම සිතමි. ජිනේන්ද්‍ර හෙවත් ජිනේ නම් විප්‍ර­වා­සි­යකු වටා කතාව ගොඩ­නැ­ගුණ ද ලක්ෂ්මන් කැන්ග­රු දේශ­වාසී සමස්ත ලාංකි­ක­යන් වෙතම ආලෝ­ක­ධා­රා­වක් එල්ල කිරී­මට මේ නව­ක­තාව උප­යෝගී කරනෙ තිබෙන අයු­රක් දැකිය හැකිය. ලක්ෂ්මන් සතු ලේඛන කුස­ල­තාව පිළි­බඳ කදිම නිද­සු­නක් සේ මේ නව­ක­තාව සැල­කිය හැක්කේ එබැ­විනි.

කතාවේ දෙවන භාග­යේදී හෙවත් ජිනේ­න්ද්‍රට ග්ලෝරියා මුණ­ගැ­සී­මත් සමඟ ඇර­ඹෙන නව පරි­ච්ඡේ­ද­යේදී ලේඛ­කයා මානව ජීවි­තය දෙස හෙළන පුළුල් ජීවන දෘෂ්ටිය දැක ගන්නට ලැබෙයි. ඕස්ට්‍රේ­ලි­යාව බඳු රට­වල වෙසෙන ජනයා ආද­රය, සෙනෙ­හස හා මානව ප්‍රේමය වැනි මිනිස් ගුණාංගවලින් දුරස් යාන්ත්‍රික ජන­කො­ට­සක් ය යන මතය දරන ඇතැම් ජාති­හි­තෛ­ෂීන්ට ග්ලෝරි­යාගේ චරි­තය කදිම පිළි­තු­රකි. සියලු අපේක්ෂා බිඳ වැටී අන්ත අස­ර­ණ­යකු ලෙස ග්ලොරියා වෙත යන ජිනේන්ද්‍ර වුව ඇය විෂ­යෙහි දක්ව­නුයේ රළු පිළි­වෙ­තකි. එහෙත් කෙමෙන් කෙමෙන් ඔවු­න­තර ගොඩ­නැ‍ඟෙන මානව දයාව මුසු මිනිස් හැඟීම් ඔස්සේ ඔවුහු ආධ්‍යා­ත්මික ප්‍රේම­ය­කින් බැ‍ඳෙති. කැන්ගරු දේශයේ අත­ර­මංව සිටි ජිනේ­න්ද්‍රට අව­සා­නයේ සෙව­ණක් වන්නේ අඩ­පණ වූ සිරු­රක් සහිත ග්ලෝරියා නම් මිනිස් දුවයි. ජිනේන්ද්‍ර ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්‍යය බවට පත් වන්නේ ඇයයි.

ඉසු­රු­මත් ජීවි­ත­යක් සොයා දියුණු රට­වල් කරා සංක්‍ර­ම­ණය වන ලාංකි­ක­යන්, විශේ­ෂ­යෙන් ම සිංහල ජන ප්‍රජාව මුහුණ දෙන සැබෑ අභි­යෝග දෙස උපේක්ෂා සහ­ගත බැල්මක් හෙළූ නව­ක­තා­වක් ලෙස ලක්ෂ්මන් කොඩි­තු­ව­ක්කුගේ ‘කැන්ගරු වන්නම’ හඳු­න්වා­දී­මට කැමැ­ත්තෙමි. මේ නව­ක­තාව මඟින් ලේඛ­කයා ප්‍රකට කරන මාන­ව­හි­ත­වාදී ජීවන දෘෂ්ටිය ද භාෂාව පරි­හ­ර­ණය කිරීමේ සම­ත්කම මෙන් ම අත්දැ­කීම නිර්මා­ණා­ත්මක ලෙස පරි­ක­ල්ප­න­යට ගොනු කිරීමේ සම­ත්ක­මද සිංහල ප්‍රබන්ධ කලාව නව තල­ය­කට ඔසවා තැබී­මට ඔහු සතු කුස­ල­තාව පෙන්නුම් කරයි. කිසි­යම් අර­මු­ණක් වෙනු­වෙන් ජීවි­තය පර­දු­වට තබන මිනි­සුන්ගේ සිත්ස­තන් ක්‍රියාත්ම වන ආකා­රය චිත්‍ර­ණය කිරී­මට දක්වන හැකි­යාව ඔහු ජීවි­තය ඇසු­රෙන් මනා පන්න­ර­යක් ලැබූ ලේඛ­ක­යකු බව කියා­පාන කදිම සාක්ෂි­යකි. එසේම ජීවි­තයේ අර්බු­ද­කාරී ගැට­ලු­වක් හමුවේ මිනිසා සතු සැඟ­වුණු ආත්ම ශක්ති­යත් ඉස්මතු වන ආකා­ර­යත් එය මනා ලෙස කළ­ම­නා­ක­ර­ණය කිරී­මෙන් ජීවන ඉලක්ක ජය ගත­හැකි අයු­රුත් මනා සංය­ම­ය­කින් යුතුව නිරූ­ප­ණය කරන ‘කැන්ගරු වන්නම’ පාඨක ප්‍රජා­වගේ ජීවිත පරි­ඥා­නය පුළුල් කිරී­මට දායක වන නව­ක­තා­වක් ලෙස ද හඳුන්වා දීමට හැකිය.

කමල් පෙරේරා

අදහස්