සත්‍යා­ව­බෝ­ධය ලද ගැහැ­නිය | සිළුමිණ

සත්‍යා­ව­බෝ­ධය ලද ගැහැ­නිය

ගමේ ජෛන පන්සලේ ජෛනා­ගම ගැන විශේෂ පන්ති­යක් පැවැත්වුණා. හැම ජෛන ළම­යෙක් ම හැම­දාම හව­සට පැයක් ඒ පන්ති­යට යා යුතුව තිබුණා. හැබැයි මම ඒක ප්‍රතික්ෂේප කෙරුවා.

‘ඕකෙ කියල දෙන රෙඩි­මේඩ් උත්තර මට ඕනැ නෑ. කවුද ලෝකෙ මැව්වෙ? කවුද මගෙ කකුල මැව්වෙ? මං ඔය වගේ දේව­ල්ව­ලට ආස නෑ. හැබැයි මං එකක් දන්නවා. මං නං නෙමේ ඒව මැව්වෙ’ මං කිව්වා.

‘ඔයා හරි පුදුම ළම­යෙක්නෙ. ගමේ හැම ළම­යෙක් ම ඒකට යනවා. අහල පහළ දරුවො හැමෝ­මත් යනවා’ තාත්ත කිව්වා.

ජෛනා­ග­ම්කා­රයො ජීවත් වුණේ අස­ල්වැ­සියො එක්ක එක­ට­මයි. හැම පවු­ලක් ම එකට එකක් බැඳි­ලයි හිටියෙ. සුළු ජාති­කයො මහ ජාති­යට බය හින්ද හැම­ති­ස්සෙම එක­ට­මයි ඉන්නෙ. ඒක ආර­ක්‍ෂා­කා­රීයි. ඉතින් ගමේ හැම අස­ල්වැසි දරු­වෙක් ම ජෛන පන්ස­ලට යනවා. පන්සල තියෙ­න්නෙත් ගෙවල් ගොඩට මැදි­වෙලා. ඒකත් හරි අාර­ක්‍ෂා­කා­රියි. එහෙම නූණොත් කව­ද­හරි ඒක හින්දු අස­ල්වැ­සි­ය­න්ගෙන් හරි මහ­ම­දික අස­ල්වැ­සි­ය­න්ගෙන් හරි අළු දූවිලි වෙලා යාවි.

වාර්ගික කල­බල ඇති­වු­ණාම ඔබට පන්සල් යන්ඩ බෑ. පන්සල් නොගි­යොත් කෑම කන්නෙ නැති මිනි­ස්සුත් ඉන්නවා. ඉස්ස­ර­වෙ­ලාම පන්සල් ගිහින් වත්පි­ළි­වෙත් කරල ඇවි­ල්ලයි දෙව­නුව කෑම කන්නෙ. මේ වාගෙ ආග­මික කැල­ඹිලි ඇති­වෙන්ඩ පුළු­වන් හින්ද ජෛන පන්සල තියෙ­න්නෙත් ජෛන ජන සමූ­හ­යට මැදි­වෙලා.

‘හැමෝම යනවා. ඔයා විත­රයි නොයන්නෙ’ තාත්ත මට ආයෙත් කිව්වා.

‘එක්කො ඒ ගොල්ලන්ට ප්‍රශ්න ඇති. නැත්තන් ඒ ගොල්ලො තක­ති­රුවො වෙන්ඩෑති. මං තක­ති­රු­වෙක් නෙමේ. මට ඔය කියන ජාතියෙ ප්‍රශ්නත් නෑ. ඒ හින්ද මං යන්නෙත් නෑ. මං දන්නව ගුරු­වරු ළම­යින්ට උග­න්නන දේවල් වැඩක් නැති වල්පල් කියලා‘

‘කොහො­මද ඔයා ඒක ඔප්පු කරන්නෙ?’ තාත්ත අභි­යෝග කෙරුවා.

‘එන්ඩකො මාත් එක්ක යන්ඩ’ මං ඉස්සර වුණා. තාත්ත පස්සෙන් ආවා. අපි ඉස්කෝලෙ ළඟට යද්දි ගුරු­ව­රය මහා­වීර තුමාගෙ ගුණාංග ගැන ළම­යින්ට පැහැ­දිලි කර කරයි හිටියෙ. උන්නාන්සෙ සියලු බල­ප­රා­ක්‍ර­ම­ය­න්ගෙන් යුක්තයි. සියල්ල දත් කෙනෙක්; සර්ව­ව්‍යාපී කෙනෙක්; ඒ කියන්නෙ එක­වර හැම තැනම පෙනී සිටින කෙනෙක්. එහෙ­මයි ගුරු­ව­රය කියල දුන්නෙ.

‘ඔයා ඒ කතාව අහ­ගෙන නේද හිටියෙ? එහෙ­මනං එන්ඩකො මාත් එක්ක පන්ස­ල­ටත් ගිහින් එන්ඩ’ මං තාත්තට කිව්වා.

පන්තිය තිබුණෙ පන්ස­ලේම පැත්තක. පන්ති­කා­මරේ පන්ස­ලට යා කර­ලයි තිබුණෙ.

පන්ස­ලට ගිය හැටියෙ මං කෙරුවෙ මහා­වීර තුමාගෙ පිළිමෙ උඩින් ලඩ්ඩු­වක් තියපු එකයි. ලඩ්ඩු කියන්නෙ ඉන්දි­යාවෙ තියන රස කැවි­ල්ලක්. පොඩි බෝල­යක් වගේ එකක්. ඉතිං ලඩ්ඩුව තිබ්බ හැටියෙ ඔළුව උඩ හිටිය මීයො දෙන්නෙක් ඒක කන්ඩ පටන් ගත්ත.

‘මේ ඉන්නෙ ඔයා­ලගෙ එක­සැරේ හැම තැනම පෙනී හිටින මහා­වීර තුමා. මං දැක්ක ඔය මීයො දෙන්න ඔළුව උඩ චූ කර කර ඉන්නවා’ මං කිව්වා.

‘මේක­ටද ඔයා හැම­දේම කරල පෙන්නුවෙ?’ තාත්ත ඇහුවා.

‘තව මොන­වද ඔප්පු කරල පෙන්නන්ඩ තියෙන්නෙ? වෙන කොහෙන්ද මං මහා­වීර තුමාව හොයා ගන්නෙ? මේක පිළි­ම­යක්. මායි ඔයයි අර ගුරු­ව­ර­යයි හැමෝම දන්නව එකම මහා­වීර තුමා මෙයයි කියලා. එයා එක­සැරේ ලෝකෙ හැම­තැ­නම පෙනී ඉන්නව නං තමන්ගෙ ඔළුව උඩ මීයො කරන දේත් දැන­ගන්ඩ ඕනැනෙ. එයාට තිබු­ණනේ මීයො එළ­ව­ල­දාල මං තියපු ලඩ්ඩුව විසි කරල දාන්ඩ. මෙයා­ටද ඔයාල එක­සැරේ ලෝකෙ හැම­තැ­නම දැක­ගන්ඩ පුළු­වන් කෙනෙක් කියල කියන්නෙ?’ මං ඇහුවා.

උත්තරේ වෙනු­වට ලැබුණෙ අලි ටොක්කක්. ඕක තමයි ආග­ම්ව­ලින් කෙරෙන මූලික ම, ප්‍රධාන ම අප­රාදෙ. ඒ විදි­හට තමයි ඒව හැදිල තියෙන්නෙ.

ජෛනා­ගමේ එන ලස්සන සිද්ධි­යක් මං විස්තර කරල දෙන්නම්.

මල්ලි­බායි කියල ස්ත්‍රියක් හිටියා. එයා සම­කා­ලීන තීර්ථං­කර කෙනෙ­කු­ගෙන් (ඒ කාලෙ හිටිය ජෛන ගුරු කෙනෙ­කු­ගෙන්) මෙහෙම ඇහු­වලු.

‘ඇයි ජෛනා­ගමේ ගෑනුන්ට ඉඩක් නැත්තෙ? ඇයි ඒ අය වළ­ක්වන්නෙ? ඇයි ඒ අයව මගා­රින්නෙ?’

ඔහු දුන්නු උත්තරේ මේකයි.

‘පුංචි කාර­ණ­යක් හින්දයි. ඔබ නිරු­වත් වෙලා අපි වගේ ජීව­ත්වෙන්ඩ පටන් ගන්න­කල් ඔබට සත්‍යා­ව­බෝ­ධය ලබන්ඩ බෑ’

ඔය ඉන්න ඊනියා බ්‍රහ්ම­චා­රී­ව­රුන් අතර ඉන්න ගැහැනු සාමා­න්‍ය­යෙන් නිරු­වත් වෙන්ඩ ලැජ්ජ­යිනෙ. ඒත් මේ මල්ලි­බායි සිංහ ධේනු­වක්. වහාම ඇඳුම් ගල­වල දාපු ඇය මෙහෙම කිව්වා. ‘එක ම ප්‍රශ්නෙ නිරු­වත් වෙන එක නං ඔන්න දැන් මං නිරු­වත්!’

ඉන්පස්සෙ ඇය ගැඹුරු භාව­නා­වක නිරත වුණා. ඇය කොච්චර ඉහළ තල­ය­කට නැඟු­ණද කිය­නව නං ඇය තීර්ථං­කර ගණයේ ලා සල­කන්ඩ ඒ අයට සිදු වුණා. ඒත් ඔවුන් කොච්චර කප­ටිද? ඔවුන් මේ ගැහැ­නිය පිරි­මි­යෙකු බවට පත් කළා. මල්ලි­බායි කියන ඇගේ ගැහැනු නම මල්ලි­නාත් කියන පිරිමි නම­කට පරි­ව­ර්ත­නය කළා. බායි කියන්නෙ ස්ත්‍රිය­කට. නාත් කියන්නෙ පුරු­ෂ­යෙ­කුට.

‘ජෛන පන්සලේ පිළිම විසි හතර අත­රෙන් මල්ලි­බා­යිගෙ පිළිමෙ මට බලා­ගන්ඩ ඕනෑ’ මං තාත්තට කර­දර කළා.

‘මං දන්නෑ. මට කර­දර කරන්ඩ එපා. ඒ ඔක්කොම පිරිමි පිළිම!’ තාත්ත කිව්වා.

පිළිමෙ වුණත් හදල තියෙන්නෙ පිරි­මි­යෙක් විදි­හට. නමත් වෙනස් කෙරුවා. ගැහැ­නි­යක් සත්‍යා­ව­බෝ­ධය ලබපු කතාව මින්සුන්ගෙ මත­ක­යෙන් මකල දාල තියෙන්නෙ ඔන්න ඔහො­මයි.

ලබන සති­යට

අදහස්