මාර්ටින් වික්‍ර­ම­සිංහ දැනුම හා දැකුම | සිළුමිණ

මාර්ටින් වික්‍ර­ම­සිංහ දැනුම හා දැකුම

මැයි මස 29 වැනි­දාට යෙදෙන 129 වැනි සම­රුව නිමි­ත්තෙනි

කොග්ගල පරි­සර විශ්ව­වි­ද්‍යා­ල­යෙන් දැනුම උකහා ගෙන ලෝකයේ අග - මුල සොය­න්නට කුරු­මිණි සතුන් පසු­පස හඹා ගොස් ජීවිත පරි­ඥා­න­යෙන් ලත් දැනුම් සම්භා­රය එකි­නෙ­කට පෙළ ගස්වා විවිධ විෂ­ය­යන් මතින් සමා­ජ­යට මාර්ටින් වික්‍ර­ම­සිංහ හෙවත් තුන්කල් විනි­විද දුටු කොග්ගල ප්‍රාඥයා හෙළි කළ පදා­ර්ථය, හරා­ර්ථය, චින්ත­නා­ර්ථය එදා­ටත් වඩා යෝග්‍ය­ වන්නේ ඈට යැයි කීවොත් එය එත­රම්ම නිර­ව­ද්‍යය ය.

මිනි­සාගේ වය­සින් මුහු­කුරා ගිය ඥානය ජීවත්ව සිටි කාල­ය­ටත් වඩා දිග­න්තයේ, දිසා­න්තයේ කව­දත් පැතිරේ. දිදු­ලනු ලැබේ. මාර්ටින් වික්‍ර­ම­සිංහ සමාජ චින්ත­නය ද එබ­ඳුය. ඒ චින්ත­නය එදා­ටත් වඩා දිදු­ලන්නේ අදට ය. ඒ නිසාම ඒ චින්ත­නයේ ගැබ්වුණු සාර­ඵ­ලය ඒමේ අත පෙරළ පෙරළා බල­න්නේත් එබැ­විනි.

මාර්ටින් වික්‍ර­ම­සිං­හගේ සහජ ඥානය ඔහු පොත - ‍පත පරි­ශී­ල­න­ය­කොට තව­දු­ර­ටත් පරි­පා­ක­යට පත් කර­ගත්තේ ය. භාෂා ඥානය - විෂය ඥානය - පරි­චය - අනු­භූති - ප්‍රාගුණ්‍ය - ප්‍රවී­ණ­ත්ව­යට පත්වූයේ එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. ඥානය මිනි­ස­කුට උප­තින්ම උරුම වුව ද එම ඥාන ශක්තිය ප්‍රගුණ කර­ගත යුතුය. ප්‍රාගු­ණ්‍ය­ය­යෙන් යුත්, හෙබි, උප­යුක්ත වූ ඒ ඥානය චින්ත­න­ය­කට පෙරළා ගත­යුතු ය. වික්‍ර­ම­සිංහ කෙළේත් එයයි. දාර්ශ­නි­කයා චින්ත­ක­යා­ගෙන් වෙන්ක­රන්නේ කව­රා­කා­ර­යෙන් ද දාර්ශ­නි­කයා කිසි­යම් විධි­වේ­ද­යක්, විධි ශාස්ත්‍ර­යක් මත තර්කා­නු­සාරි මත­යක් ඉදි­රි­පත් කළ ද චින්ත­කයා අතින් සිදු­වන්නේ තාර්කික ඥානය නොව ආක­ල්ප­මය පද්ධ­ති­යක විචාර පූර්වක ස්වරූ­ප­යක් ගැනීම ය. යමක් විචා­ර­ශීලී ලෙස ගෙන හැර­පෑම වික්‍ර­ම­සිංහ චින්ත­නයේ ස්වරූ­ප­යයි.

සාවද්‍ය අර්ථ­ක­ථන

අද්‍ය­තන අව­දියේ බොහෝ අය මාර්ටින් වික්‍ර­ම­සිංහ සමාජ චින්ත­න­යට සාව­ද්‍යවූ ‍විවිධ අර්ථ­ක­ථන සප­යන්නේ ඔහු අතින් විවිධ විෂය යටතේ ලියැ­වුණු පොත - පත කියවා නොවේ.

ඔහුගේ ඥානය එක විෂ­ය­කට පම­ණක් සීමා නොවීය. භාෂාව, වාග් විද්‍යාව, විචා­රය (සම­තු­ලිත) විද්‍යාව, පරි­ණා­ම­වා­දය, සත්ත්ව පරි­ණා­මය, සංස්කෘ­තිය, සාහි­ත්‍යය, ඉති­හා­සය, භූගෝල විද්‍යාව, දේශ­පා­ල­නය, සිංහල ලකුණ සෙවීම, පුරා­වි­ද්‍යාව ආදි විෂ­ය­ය­න්ව­ලින් නොන­ව­තුණු වික්‍ර­ම­සිංහ නව­ක­තාව, කෙටි­ක­තාව, කවිය ආදි විෂය ත්‍රිකය කෙරෙ­හිද පුළුල්වූ දෘෂ්ටි කෝණ­යක පිහිටා සිය දෘෂ්ටිය හෙළීය‍.

යමක දැඩිව එල්බ නොගිය ඔහු ආධා­න­ග්‍රාහී ද නොවීය‍. අන්ත­ගාමී ද නොවීය‍. මැදි­හත් පිළි­වෙ­තක් අනු­ග­ම­නය කර­මින් බොහෝ දුරට දැනුම මත පිහිටා දැක්ම හෙළි පෙහෙළි කෙළේ ය. ඒ නිසාම කිසි­ව­කුට ඔහුගේ මතය සාවද්‍ය යැයි කියා කිය­න්නට ඉඩක් නොලැ­බුණි.

වික්‍ර­ම­සිංහ චින්ත­නය ගැන කතා කිරී­මේදී නිර­න්ත­ර­යෙන් ම කළ යුතු කරුණ වන්නේ ඔහුගේ පොත පත කියවා ඇත්ත යුක්ත පහදා ගැනීම ය. එසේ නොමැ­තිව ඒ පොත් ගැඹු­රින් පරි­ශී­ල­නය නොකොට විවිධ විව­රණ ඇද බෑම සහේ­තුක නොවේ.‍ එසේ කිරීම ද යුක්ති සහ­ගත නොවේ. එසේ කළ­හොත් එය බර­ප­තළ වර­දකි. අද බොහෝ දෙනා මෙය පට­ල­වා­ගෙන වරද්ද වරද්දා අර්ථ දක්වන්නේ ද උඩින් පල්ලෙන් ඒ පොත් සමු­දාය කිය­වී­මට බඳුන් කිරී­මෙනි.

මෙරට විසූ, තව­දු­ර­ටත් වෙසෙන බොහෝ චින්ත­ක­යන්ට, නව­ක­තා­ක­රු­වන්ට වැරැ­දුණු තැන් වික්‍ර­ම­සිංහ නිවැ­රැදි කළේය. මෙයට එක් නිද­සු­නක් ලෙස ගුණ­දාස අම­ර­සේ­කර අතින් ලියැ­වුණු ‘යළි උප­න්නෙමි’ නමැති නව­ක­තාව ලිවීම සම්බ­න්ධ­යෙන් වික්‍ර­ම­සිංහ කන­ස්සල්ල පළ කළ අතර එය සිංහල ලකුණ, සිංහල සංස්කෘ­තිය යථා­ර්ථ­වා­දීව හඳුනා නොගෙන ලියන ලද්දක් යැයි ද අනා­ව­ර­ණය කෙළේය. අම­ර­සේ­කර පසුව මෙය පිළි­ගත්තේ ය. පිළි­ගත්තා පම­ණක් නොව මෙවන් කෘති­යක් ලිවීම ගැන ලැජ්ජා­වට ද පත් විය.

එහෙත් මෑත­කා­ලීන නොපැ­සුණු අය ‘යළි උප­න්නෙමි’ නමැති සුජාත දරුවා යළි සමා­ජ­යට දායාද කළ යුතු යැයි ගුණ­දාස අම­ර­සේ­ක­රට අව­ධා­ර­ණය කළ ද ඔහු එයට කිසිදු ප්‍රති­චා­ර­යක් නොදී ඉවත බලා­ගත්තේ මාර්ටින් වික්‍ර­ම­සිංහ හෙළි කළ ඇත්ත යුක්ත හේතු කොට­ගෙන ය. ඔහුගේ දැනුම හා දැකුම පද­නම් කර­ගෙන ය.

පශ්චාත් නූත­න­වා­දීන් යයි කියා ගන්නා රෝගීන් මෙවන් අද­හ­සක් පළ කළ ද මාර්ටින් වික්‍ර­ම­සිංහ අද සිටියා නම් ඔහුන්ට එරෙ­හිව කෙබඳු ප්‍රති­චාර දක්වා­විද යන්න අපට සිතා ගන්නට පුළු­වන. අද සමා­ජය පුරා ඉහ­වහ ගිය පශ්චාත් නූත­න­වාදී මනෝ­වි­කා­ර­ව­ලට හොඳ විචාර ග්‍රන්ථ­යක් වික්‍ර­ම­සිංහ අතින් ලියැ­වෙන්නේ සිංහල නව­ක­තාව හා ජපන් කාම­කතා හෙව­ණැ­ල්ල­ටත් වඩා අබි­බවා යන පරි­ද්දෙනි.

පශ්චාත් නූත­න­වා­දය

දශ­කයේ කාම­කතා රැල්ලක් එළි­දැ­ක්විණි. එසේ ඉහ වහා ගිය අර්ථ­ශුන්‍ය නව­කතා ගොන්නෙන් සමා­ජ­යට අර්ථ­යක් අත් නොවන බව වට­හා­ගත් මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් එ් අර්ථ ශුන්‍ය ගමන වළ­ක්වා­ලීම් වස් හොඳ ගණ­යට ගැනෙන විචාර ග්‍රන්ථ­යක් ලියා ඒ ගමන ලත් තැනම ලොප් කෙළේ ය. ඉන් අන­තු­රුව කාම කතා රැල්ල එත­නින්ම නැව­තිණි. ‘සිංහල නව­ක­තාව හා ජපන් කාම­කතා හෙව­ණැල්ල’ එළි­දැ­ක්වූවා සේ අද බර­ප­තළ සමාජ ව්‍යස­න­යක් බවට පත්ව ඇති පශ්චාත් නූත­න­වාදී විය­රුව නැත්නම් සෙළුව ගැන හොඳ ගණ­යට ගැනෙන විචාර ග්‍රන්ථ­යක් ලිය­න­වාට කිසිදු සැක­යක් නැත.

පශ්චාත් නූත­න­වා­දය යනු යහ­පත් විෂ­යකි. ඒ විෂය වර­දවා තේරුම් ගෙන ලාංකික සමා­ජයේ අත­ළො­ස්සක් අන්ත­වා­දීව හා අති­ධා­ව­න­කාරී අයු­රින් ඒ විෂය නොමඟ යැවීම මහා විනා­ශ­කාරි වූවකි. මාර්ටින් වික්‍ර­ම­සිංහ අද සිටියා නම් කොත­රම් හොඳ දැයි සිතෙන්නේ මේ අනුව ය.

අද විචාර මාර්ග­යට අත්වී ඇත්තේ ද මෙබ­ඳුම ව්‍යස­න­යකි. සැස­ඳීම, විශ්ලේ­ෂ­ණය කිරීම, ඇගැ­යීම හා පැහැ­දිලි කිරීම මත පද­නම් වූ විචාර මාර්ග­යක් අද තිබේ ද? වික්‍ර­ම­සිංහ 1964 දී හෙළි කළ සිංහල විචාර මඟට සරි­ලන විචාර මාර්ග­යක් තවම බිහිවී නොමැත‍. අද සිදු­වන්නේ පිට කසා ගැනීමේ විචාර කලා­වක් විනා සාහි­ත්‍යයේ අභ්‍යු­ද­යට බල­පාන විචාර මාර්ග­යක් නම් නොවේ. 1964න් මෙපිට තවම හොඳ විචාර මාර්ග­යක් බිහි කිරී­මට ඔවුන්ට උව­ම­නා­වක්ද නැත.

විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යේ­දීත් එවන් විචාර මාර්ග­යක් බිහි­කි­රී­මට ඔවුන්ට වුව­ම­නා­වක් ද නොමැත.

සියත් ලකුණ සෙවීම

වික්‍ර­ම­සිංහ කිසිදු විෂ­යක විශේ­ෂ­ඥ­යකු නොවේ. එහෙත් ඒ විෂයේ සුනි­පු­ණ­යෙකි. විෂ­යට අදාළ පැතිර ගිය ක්ෂේත්‍ර­යක පොත - පත කියවා අදී­නව සිත­න්නට පුරුදු වූ මුනි­ව­ර­යකු බඳු ය. වාග් විද්‍යා­ඥ­යකු වූ වික්‍ර­ම­සිංහ තවත් පැත්ත­කින් පුරා­වි­ද්‍යා­ඥ­යෙක් ද වෙයි. අපේ අතීත සත්තාව එයට හිමි ලකුණ සොය­න්නට අනු­රා­ධ­පු­ර­යට ගොස් එහි පුරා­වස්තු අත­පත ගා සියත් ලකුණ සොය­න්නට මහත් පරි­ශ්‍ර­ම­යක් දැරූ අය අත­රින් කෙනකි මොහු. සිංහල සංස්කෘ­තිය බිහි­ව‍ූයේ වැවත් - දාගැ­බත් - කෙතත් ආශ්‍ර­යෙන් යයි ප්‍රථ­ම­යෙන් ම නිර්ව­ච­න­යක් ඉදි­රි­පත් කෙළේත් වික්‍ර­ම­සිං­හ­යන් ය.

ඉන් පසුව එම්.සී‍.පී. බෙල් බඳු පුරා­වි­ද්‍යා­ඥ­යන් විවිධ මත පළ කළ ද වික්‍ර­ම­සිංහ හෙළි කළ චින්තාව අදත් සමා­ජයේ පවතී.

සඳ­ක­ඩ­ප­හ­ණට වික්‍ර­ම­සිංහ දුන් අර්ථ­ක­ථ­නය ඔහුගේ චින්ත­නය මේ යැයි හකුළා දක්ව­න්නකි. මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තාන ජාති - ජරා - ව්‍යාධි - මරණ, රාග - ‍ද්වේෂ - මෝහ ආදි­යත් මෙයින් නිරූ­ප­ණය කරන්නේ යැයි ද, මහා­චාර්ය විනී විතා­රණ හිරු හා සූර්ය වන්ද­නය මෙයින් නිරූ­ප­ණ­ය­වන්නේ යැයි පව­සන අතර බද්දේ­ගම විම­ල­වංශ හිමි­යන් වෙළෙඳ කුල මතු­වන්නේ යයි ද කියයි. විද්ව­තුන් විවිධ මත­වාද හෙළි කළ සම­යක වික්‍ර­ම­සිංහ කීවේ සඳ­කඩ පහණේ අන්ත­ර්ගත සංකේත සර­දමේ සංකේත බවයි.

හින්දුන්ගේ වන්ද­න­යට පාත්‍ර වූ මේ සංකේත සඳ­ක­ඩ­ප­හ­ණට ඇතු­ළත් කොට බුදු මැදු­රට යන බෞද්ධ­යන් ලවා ඒවා පෑග­වී­මට සල­ස්වන ලද බවයි වික්‍ර­ම­සිංහ අද­හස ව‍ූයේ. මේ මතය කොත­රම් දුරට නිර­ව­ද්‍යය ද යන්න වෙන ම කරු­ණකි. එහෙත් ඒවා එකින් එක අත­පත ගා හින්දු­ව­රුන්ගේ සංකේත ගැන ද විම­සී­මක යෙදී වික්‍ර­ම­සිංහ සඳ­ක­ඩ­ප­හ­ණට අර්ථ­යක් ගෙන­හැර පෑවේය.

තවද මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තාන සීගිරි ලියන් විජ්ජු­ල­තා­වන් මේඝ­ල­තා­වන් යැයි සඳ­හන් කරන සම­යක වික්‍ර­ම­සිංහ කීවේ සීගි­රියේ රජුන් පින­ව­න්නට සැරැ­සුණු ඔවුන් කාමි­ණි­යන් ලෙස ය. රතු වස්ත්‍ර­ව­ලින් සැරැසී කාමය උද්දී­ප­නය වන අන්ද­මට දිය කෙළි­යට යන මේ ලියන් භාර­තීය සාහි­ත්‍යය ද, සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ද පරි­ශී­ල­නය කර­මින් තර්කා­නු­කූල නිග­ම­න­ය­කට එළ­ඹෙයි. උග­තුන්ගේ හා විය­තුන්ගේ අව­ධා­න­යට බඳු­න්වන මත­යක් වික්‍ර­ම­සිංහ හෙළි­කොට ඇත.

සාහිත්‍ය කලා, සාහි­ත්‍යො­දය කතා ආදි ග්‍රන්ථ­ව­ලින් ප්‍රවේ­ශ­යක් ‍උදාක­ර­ගෙන එයින් පිබිදී ගම්පෙ­ර­ළි­ය­කින් ආවේ­ශය ලබා යුගා­න්ත­ය­කට අව­තීර්ණ වී, කලි­යු­ග­යක් කරා ඇවිත් කරු­වල ගෙද­ර­කින් නිම්න­ය­කට නික්මී, විරා­ග­යෙන් ආධ්‍යා­ත්මික ලෝක­යට යන්නට ඉඩ­හැර බව­ත­ර­ණ­යෙන් යථා­ර්ථ­වාදී රීති­යක් මතු­කර සමා­ජය පුරා මහත් ආන්දෝ­ල­න­යක් ඇති කිරී­මට, ජනිත කිරී­මට ගත් වෙහෙස ඔහුගේ නව­කතා ක්ෂේත්‍රය පරි­පා­ක­යට පත්වීමේ ඵල­යකි.

මෝඩ ශ්‍රද්ධා­වෙන් වෙළී පැටලී සිටි බොහෝ දෙන­කුට බව­ත­ර­ණය නමැති නව­ක­තාව විෂය නොවීය. දෙබ­ර­ය­කට ගල් ගැසී­මෙන් සිදු­වන්නේ කුමක්ද එප­රි­ද්දෙන් ම බව­ත­ර­ණ­යෙන් ද සිදු­වූ­යේත් එය ම ය. සමා­ජයේ හැම තරා­ති­ර­ම­කගේ අව­ධා­න­යට බඳුන්වූ බව­ත­ර­ණය සිංහල නව­කතා ක්ෂේත්‍රයේ එක්තරා සුවි­ශේ­ෂිත කඩ­ඉ­මකි. ලෝප­තළ සම්භාව්‍ය ගණ­යට ගැනෙන නව­කතා කියවා, නව­ක­තා­ව­කින් පිලිබිඹු විය යුත්තේ කුමක්ද යන්න මැන­වින් පසක් කොට­ගෙන විනි­වි­ද­භා­වය හෙළි කර­න්නකි මෙය. එවන් නව­කතා අද බිහි­වන්නේ ද?

බව­ත­රණ නව­ක­තාව දෝෂ දර්ශ­න­යට ලක් කර­මින් හික්ක­ඩුවේ ප්‍රඥා­රාම නාහි­මි­යන් බව­ත­ර­ණ­යට වි‍රෝධය පාමින් කාණ්ඩ තුනක ග්‍රන්ථ­යක් ද, කන්නි­ම­හර සුමං­ගල නාහි­මි­යන් වික්‍ර­ම­සිං­හගේ අවුල් දිට්ටිය’ නමැති ග්‍රන්ථය බිහි­වීම අනුව සමා­ජයේ තව තවත් උත්ප්‍රා­චිත තත්ත්ව­යක් උදා­වීම යහ­පත් සමාජ ලක්ෂ­ණ­යකි. මේවා­යින් වික්‍ර­ම­සිංහ සමාජ චින්ත­න­යට කිසිදු හානි­යක් නොවූ අතර තව තවත් එහි පවත්නා සත්‍ය­තාව මතුවූ ආකා­රය අද වඩාත් ප්‍රතී­තවේ.

නිවන් මුහු­ණු­වර හා බමුණු දිට්ටිය නමැති ග්‍රන්ථ­යට එරෙ­හිව කන්නි­ම­හර සුමං­ගල හිමි­යන් ලියූ අවුල් දිට්ටිය මගින් සිදු­වූ­යේත් සුමං­ගල හිමි­යන්ගේ දිට්ටිය යට­පත්වී වික්‍ර­ම­සිංහ දිට්ටිය වඩාත් ඔප­ම­ට්ටම් වීම ය.

වික්‍ර­ම­සිං­හට අවශ්‍ය වූයේ ගතා­නු­ග­ති­ක­ත්ව­යෙන් මිදී සමා­ජ­යට අලුත් දෙයක් හෙළි කිරී­මට ය. ඔහු අතින් ලියැ­වුණු හැම ග්‍රන්ථ­ය­කින් ම සිදු­වූ­යේත් එය ම ය.‍ ඔහු වසර 86ක් ජීව­ත්විය. ග්‍රන්ථ 86ක් පළ කොට තිබී­මත් සෙස්සන්ට පර­මා­ද­ර්ශී­යය. ඒ එක ග්‍රන්ථ­ය­ක්වත් අර්ථ ශුන්‍ය කියා කිසි­සේත් ම ඉව­ත­ලිය ද නොහැකි ය.

පිට කසා ගැනීමේ පිළි­වෙත

යම් යම් ගුරු­කුල, සාහිත්‍ය කල්ලි වික්‍ර­ම­සිංහ ග්‍රහ­ණ­යට ගන්නට තැත් දැරුව ද ඔහු එයට එක වූයේ නැත. ඊට යට වූයේ නැත. පිට­කසා ගැනීමේ සම්ප්‍ර­දා­ය­යෙන් බැහැ­රව ගිය වික්‍ර­ම­සිංහ සමාජ සන්තාව මත පිහිටා සිය සමාජ චින්ත­නය හෙළි කෙළේ ය. ඒ නිසා ම ගම්පෙ­ර­ළි­යක් අද ලියැ­වුණේ ද; එහෙ­මත් නැත්නම් විරා­ග­යක් නිර්මා­ණය වූයේ ද; එසේත් නොවන්නේ නම් බව­ත­ර­ණ­යක් ලියැ­වුණේ ද? නිර්භී­තව යමක් ලිය­න්නට තරම් පරි­ණත මට්ට­මක සිටි වික්‍ර­ම­සිංහ ඡේක­යන්ට කදිම පාඩම් පොතකි; මහා ග්‍රන්ථ­යකි. ග්‍රන්ථ අප්‍ර­මාණ ව ම බිහි වුව ද ඒවා සමා­ජයේ සෙස්සන්ගේ අව­ධා­න­යට බඳුන් නොවන්නේ නම්, මහත් ආන්දෝ­ල­න­යට ලක් නොවන්නේ නම් ඒ ග්‍රන්ථ­ව­ලින් ඵලක් වේද? සැබෑ චින්ත­කයා අතින් සිදු­වන්නේ කාගේත් අව­ධා­න­යට විෂය වන නිර්මා­ණ­යක් එළි­දැ­ක්වීම ය‍. සමා­ජයේ මහත් ආන්දෝ­ල­න­යට තුඩු­දුන් ග්‍රන්ථ එළි­දක්වා සමාජ පුන­රු­ද­යට යොමු කිරීම සැබෑ චින්ත­ක­යාගේ කාරිය නම් මාර්ටින් වික්‍ර­ම­සිං­හ­ගෙන් සිදු­වූ­යේත් එබ­න්දකි.

පසු­කා­ලී­නව මොහු නග­රයේ ජීවත් වුව ද සිතින් ගම අත්හළේ නැත. ගතින් ගමෙන් ඈත් වූව ද සිතින් ගම පිටමං නොකළ වික්‍ර­ම­සිංහ ගැමි­යන්ගේ ගති ලක්ෂණ නිත­රම මෙනෙහි කොට නග­රය හා ගම අතර පවත්නා වෙනස ඉස්මතු කෙළේ ය. ජීව ප්‍රවා­හ­නය මතු කොට ගැමි ජීවන සුවඳ උද්භ­ව­නය කෙරිණි.

මත්තට සමා­ජයේ සිදු­වන්නේ කුම­ක්දැයි වික්‍ර­ම­සිංහ අපට ඉවෙන් මෙන් හෙළි කෙළේ ය. මිනි­සාගේ චිත්ත චෛත­සික ධර්මතා, ‘උපා­ස­කම්මා’ කෙටි­ක­තා­වෙන් මතු කරන ගමන් ඇයට සර­දම් කරන්නේ ඇගේ නිවෙස ඉදි­රි­පිට ඇති දෙල්ගස සංකේ­ත­වත් කර­ග­නි­මිනි.

ජීවි­තයේ යථා­ර්ථය නොදැන ගිය ගම­න­කදි අත­රමං වන උපා­ස­කම්මා ජීවි­තය තවත් දිගු කර­ගනී. ජීවි­තය ගලා කෙටි­ක­ර­ගත යුතුව තිබි­යදී තව­දු­ර­ටත් දිගු කරන්නේ පාරමී ධර්ම නොතකා තිබි­යදී තණ්හාව ආශාව මත රැඳුණු ගම­න­කට සේන්දුවූ හෙයිනි. අපේ සාහි­ත්‍යය කලා­දි­යට අද අත්වී ඇත්තේ ද උපා­ස­ක­ම්මාව අත්වූ ඉර­ණම නොවේද?

හේතු­ඵල මහෝ­ඝය

දේශ­පා­ල­න­ඥ­යන් අතර චින්ත­න­යක් ඇති රටේ ප්‍රශ්න විස­ඳී­මට අවංක හැඟී­මක් ඇති නාය­ක­යකු ලෙස මාර්ටින් වික්‍ර­ම­සිංහයන්ගේ පැස­සු­මට, ප්‍රසා­ද­යට පත් වූයේ දිවං­ගත අග­මැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක මැති­තුමා ය. ඒ බව වික්‍ර­ම­සිංහ මෙසේ සඳ­හන් කරයි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සහිත අග­මැති බණ්ඩා­ර­නා­යක මහතා ඒ මහෝ­ඝය මතු­යෙහි යාත්‍රා­කොට ජය­ ගත්තේ ය. ඔහු ශූර බුද්ධි­යක්, මම­ත්වය නැසූ­ව­කුගේ ඉව­සී­මක් හා දුර­දක්නා නුව­ණක් ද ඇති මන්ත්‍රී­ව­ර­යෙක් විය. ඔහු යාත්‍රා කළ හේතු ඵල මහෝ­ඝය හරි මඟ යව­න්නට ඔහු හා ඔහුගේ පක්ෂය ද අස­ම­ත් වූහ. දේශ­පා­ල­න­ඥයෝ, දේශ­ප්‍රේ­මීහු, භාෂා ප්‍රේමීහු, පන්සල්, පල්ලි නිකාය හා දේපළ බදා­ගත් භික්ෂුන් වහන්සේ, දේව ගැති­වරු, පත්‍ර කලා­වේ­දීහු නියම මඟට හැර­වී­මට එක්ව වෑයම් කරනු වෙනු­වට කාණ්ඩ ගැසී පොර­ක­න්නට වූහ.

බණ්ඩා­ර­නා­යක මහ­තාගේ හතු­රන් පම­ණක් නොව සම­හර මිතු‍රෝ ද බල­තල ආසාව, වස්තු ලෝභය, ඊර්ෂ්‍යාව, බොරු මානය, ආගම් පිස්සුව, කප­ටි­කම හා දුබ­ල­කම ද විසින් මෙහෙ­ය­වනු ලැබූහ. ඒ කෙලෙස් ගින්නට හසුව ඔහු විනාශ විය. ඔහු තම අවංක වැට­හීම අනුව ඍජුව ක්‍රියා­ක­ර­න්නට ඉඩ නොලැ­බීම නිසා දිවි පිදූ­වෙකි.

(සිංහල සක­ස්කඩ, පළ­මු­වන මුද්‍ර­ණය,
1962, 117 පිටුව)
ආචාර්ය රංජිත් ඇල්. අබේ­වි­ක්‍රම

අදහස්