හැටන් මහනුවර බස් වර්ජනයක් | Page 2 | සිළුමිණ

හැටන් මහනුවර බස් වර්ජනයක්

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියලුම පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග පවසයි.එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික සහ ලංගම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුළත් කර මගීන් නංවා ගන්නා අතර ඊයේ (23) සිට නාවලපිටිය ලංගම ඩිපෝව මගින් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුලත් නොකර එම බස් රථ නතර කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසල මඟින් ආවරණයක් නොමැතිව වෙනමම ස්ථානයක් වෙන් කර ඇත.එයට විරෝධය පාමින් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස්රථ අද වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි.එම මාර්ගයේ දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ ගමන් වාර 67 ධාවනය වේ.නාවලපිටියේ සිට හැටන් දක්වා ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් දිනපතා ධාවනය වන අතර එම බස් රථවලට හැටන් බස් ලංගම සහ පෞද්ගලික බස් නැවැතුමේපොලවල් වලට ඇතුල් වීමට හැටන් බස් නැවතුම්පොලේ ලංගම සහ පෞද්ගලික බස් රථ හිමියන් ඉඩ ලබා දී නැති බව වාර්තා වෙයි.හැටන් බස් නැවතුම්පොලේ සිට මහනුවර දක්වා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ හිමියන් අවධාරණය කර සිටින්නේ මෙතෙක් කල් එම මාර්ගයේ ධාවනය කල බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලේ නතර කර මගින් නංවා ගත් බවත්, පැරණි ක්‍රමයටම තවදුරටත් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන සියළුම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුලු කර මගින් නංවා ගැනිමට අවස්ථාව ලබාදෙන ලෙසයි.එතෙක් වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවද හැටන් බස් නැවතුම්පොලේ සිට මහනුවර දක්වා ධාවනය කරවන පෞද්ගලික නැවතුම්පොලේ නිලධාරින් කියා සිටියේය.

Comments