මහවැලිට දියවර | සිළුමිණ

මහවැලිට දියවර

තඹුත්තේගම විශේෂ - ඩබිලිවි.ප්‍රදීප්

මහවැලි එච් කලාපය තුළ මෙවර යල් කන්නයේ අතිරේඛ බෝග සදහා දියවර නිකුත් කිරීම ඇරඹු බව එහි නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර ජයන්ත ප්‍රේමලාල් මහතා පැවසීය.

සෝයා බෝංචි, උදු, කව්පි, මුං, මිරිස්, බඩඉරිගු ආදි අතිරේඛ බෝග සහ එලවලු බෝග වගාවන් සදහා මෙසේ මුර ක්‍රමයට දියවර නිකුත් කෙරෙන බව ඒ මහතා කීය. කලාපයේ සමස්ත භුමියෙන් අඩක වගාව සදහා දියවර නිකුත් කිරීම සිදුවේ.

මේ අනුව කලාවැවේ වම් ඇළ මැගින් පෝෂණය වන ගල්නෑව සහ මීගලෑව කොට්ඨාශ වෙත ඉකුත් 21 වැනිදා සිට දියවර නිකුත් කිරීම ඇරඹු බව ප්‍රේමලාල් මහතා පැවසීය. මීට සමගාමී ලෙස යෝධ ඇළ මගින් පෝෂණය වන මහඉලුප්පල්ලම කොට්ඨාශය වෙත ද අතිරේඛ බෝග සදහා ජලය ලබාදීම ඇරඹු බව ඔහු කීය.

කලාවැවේ දකුණු ඇළ මගින් පෝෂණය වන තඹුත්තේගම, තලාව, එප්පාවල, නොච්චියාගම යන කොට්ඨාශ සදහා මැයි මස 25 වැනිදා සිට දියවර නිකුත් කිරීමට යෝජිතව ඇත. මුර ක්‍රමයට දින දහයකට වරක් ජලය නිකුත් කිරීම සිදුවන බවත් නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා කීය.

Comments