Royal Cashews ශ්‍රී ලංකාවේ එකම හා පළමු කජු සැකසීමේ සමාගම බවට පත් වේ | සිළුමිණ

Royal Cashews ශ්‍රී ලංකාවේ එකම හා පළමු කජු සැකසීමේ සමාගම බවට පත් වේ

පරිසරික තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් පිරිනමන ISO 14001:2015 EMS අන්තර්ජාතික තත්ත්ව සහතිකය හිමි ශ්‍රී ලංකාවේ එකම හා පළමු කජු සැකසීමේ හා අපනයන සමාගම බවට පසුගියදා පත්විය. ROYAL CASHEWS සමාගමේ විධිමත් හා මනා පරිසර කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් හිමි ISO 14001:2015 EMS අන්තර්ජාතික තත්ත්ව සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය, සිද්ධිකා ජී. සෙනරත් මහත්මිය විසින් ROYAL CASHEWS (රෝයල් ෆුඞ් මාර්කටින් සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය, රුවන් වතුගල මහතා වෙත කොළඹ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන ප්‍රධාන කාර්යාලයේ දී එම සහතිකය පිරිනැමුණි.

ROYAL CASHEWS (රෝයල් ෆුඩ් මාර්කටින් සමාගමේ පරිසරික තත්ත්ව කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන් සිදු කළ විගණනය සඳහා ශ්‍රී ලංකා කර්මාන්ත මණ්ඩලය (IDB) හා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව (National Cleaner Products Centre) සහයෝගීතාව ලබාදුණි.

එමෙන්ම මෙම ISO 14001:2015 EMS අන්තර්ජාතික පාරිසරික තත්ත්ව කළමනාකරණ ප්‍රමිති සහතිකය හිමිවීමත් සමගම ප්‍රමිතිගත ආහාර නිපදවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් පිරිනැමෙන ISO 22000Ó HACCP හා GMP යන සියලූ තත්ත්ව සහතික හිමි මෙරට එකම කජු සැකසීමේ හා අපනයන සමාගම වන්නේද රෝයල් ෆුඩ් මාර්කටින් සමාගමය.

Comments