හරිත දේශයක් සඳහා කැන්රිච් හරිත දනව්ව | Page 2 | සිළුමිණ

හරිත දේශයක් සඳහා කැන්රිච් හරිත දනව්ව

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් ආයතනයක් ලෙස ජනතා විශ්වාසයට පත් කැන්රිච් ෆිනෑන්ස් සිය ආයතනය සතු සමාජීය වගකීම හඳුනාගනිමින් තවත් පාරිසරික ව්‍යාපෘතියක් කැන්රිච් “හරිත දනව්ව“ නමින් දියත් කෙරිණ.

වන වගාව හා ශාඛ රෝපණය ජනතාව අතර ප්‍රචලිත කිරීම කැන්රිච් “හරිත දනව්ව“ වැඩසටහනෙහි අරමුණ වේ. වර්ථමානයේදී නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පාරිසරික හානි සිදුවන අතර, එහි ප්‍රතිවිපාක අවම කරලීම උදෙසා මෙම වැඩසටහන මඟින් දැනුවත් කිරීම් සහ රෝපණය කිරීම සඳහා පැළ ලබාදීමද සිදුකෙරිණ.

කැන්රිච් “හරිත දනව්ව“ වැඩසටහනේ පළමු අදියර යටතේ ලෝක කාන්තා දිනය නිමිති කොටගෙන මාතලේ ප්‍රදේශයේ කාන්තාවන් හට කොස් පැල ලබාදීම සිදුකෙරුනි. එයට අමතරව, දඹුල්ල, ගල්ගමුව, මතුගම හා තිස්සමහාරමය යන ප්‍රදේශයන් වලද ශාඛා මට්ටමින් සම්බන්ධීකරණ කෙරෙමින් මෙම වැඩඩටහන පසුගිය දිනයන්හීදී සාර්ථකව සිදුකරන ලදී. කැන්රිච් “හරිත දනව්ව“ වැඩසටහන මඟින් එම ප්‍රදේශයන්හි වෙසෙන ජනතාවට කොස්, රඹුටන්, පේර, පිහිඹියා හා තේක්ක යනාදී පැළ වර්ග ලබා දෙන ලදී.

මෙම වැඩසටහන, කෘෂි කාර්මික, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ වාරි මාර්ග අමාත්‍යාංශයට අයත් ‘පසු අස්වනු කළමනාකරණ ආයතනය’ සහ අමාත්‍යංශයට අයත් අනෙකුත් සියළු ආයතන හා එක්ව සිදු කෙරේ.

කෘෂි කර්මාන්ත අමාත්‍යංශයේ ‘හදබිම අධිකාරියේ ’ සභාපති පාලින්ද සාගර ඇතුළු කාර්යය මණ්ඩලය කැන්රිච් “හරිත දනව්ව“ වැඩසටහනට නිබඳව සහයෝගය ලබා දෙන බවට, කැන්රිච් ෆිනෑන්ස් ආයතනයේ ප්‍රජා සත්කාරක ඒකකයේ කලමණාකරු මනෝජ් වාරියගොඩ මහතා පැවසීය.

Comments