සේවා විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් MDRT Aspirant’s Club | සිළුමිණ

සේවා විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් MDRT Aspirant’s Club

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් තම රක්ෂණ උපදේශකයන් තවත් ශක්තිමත් කිරීමට MDRT Aspirant’s Club හදුන්වා දෙයි. ඩොලර් මිලියනයේ වටමේස සාකච්ඡාව සඳහා වත්මන් සාමජිකයින් මෙන්ම ඉදිරියේදී ඒ සඳහා එකතු වීමට බලාපොරොත්තුවන සාමජිකයෝ රැසක්ද සහභාගී වුහ. සොෆ්ට්ලොජික් ලයිෆ් හී කළමනාකාර අධ්‍යක්‍ෂ ඉෆ්තිකාර් අහමඩ්, විධායක අධ්‍යක්‍ෂ චුලා හෙට්ටිආරච්චි සහ ප්‍රධාන මෙහයුම් නිලධාරී ඉන්දු ආටිගල යන මහහත්වරුන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් සහභාගී වුහ.

ඇමරිකාවේ දියත් කරන ලද MDRT සංකල්පය සහ MDRT සාමජිකත්වය යනු, රක්ෂණ උපදේශකයන් සඳහා ලබාගත හැකි ඉහළම අන්තර්ජාතික පිළිගැනීමක් ලෙස සැලකේ. 2018 දී සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 10ක දළ වාරික ආදයමක් කරා ළඟා වූ අතර කෙටි කාලයක් තුළ එම තත්ත්වයට ළඟා වූ වේගවත්ම රක්ෂණ සමාගම ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් ඉතිහාසයට එක් වෙයි. එමෙන්ම වසර දෙකක වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් දෙවැනියට වැඩිම MDRT සාමාජිකයන් පිරිසක් දායාද කළ සොෆ්ට්ලොජික් ලයිෆ් සෞඛ්‍ය රක්ෂණ සමාගම තම ශ්‍රම බළකාය විශිෂ්ටත්වය කරා මෙහයවන සමාගමක් බවට ක්‍රියාවෙන් ඔප්පු කළ අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

Comments